" කෝ සුදු පුතා ආයෙ කියන්න මගෙ පැටියො. මේ ඉන්නෙ පුතාගෙ අප්පච්චි.. මේ ඉන්නෙ පුතාගේ තාත්ති.."
මන් බූවලුස්ව පෙන්නලා අප්පච්චි කියද්දි මාව පෙන්නලා තාත්ති කිව්වා.
" ඤැ..ඤෑ....මේ මතෙ..මැනිත..මැනිත..."
" අනේ බලපන් මිනිහො.මන් කියලා තියෙනවා පොඩි එකා ඉන්න තැන්වල මට මැණික කියන්න එපා කියලා. දැන් හරිනේ. බලපන්කො ඉතින්..."
පුතා මට කතා කරන්නෙ මැණික කියලා. මම මැණික නෙවෙ තාත්ති කිව්වම ඌ යටිගිරියෙන් කෑගහලා අඬනවා ඒ මගෙ මැණික කියලා. ට්‍රීට්මන්ට්ස් වලින් පස්සෙ අපි අපේ විදිහට බබෙක් හදාගන්න ඇමරිකාවට ගියා. අපේ ජාන එකතු කරලා චූටි බබෙක් එහෙ ඉන්න නිරෝගිමත් අම්මා කෙනෙක්ගෙ බන්ඩිය ඇතුලෙ හැදෙනවා. බබා හැදෙනකන් අපිට අම්මව හම්බෙන්නවත් බෑ. ඒත් එයාට ඒකට ඕනේ කරන ට්‍රීට්මන්ට්ස්වලට කෑමට බීමට වගේම ඊට අමතරව සල්ලිත් ඔක්කොම අපි හරි වෙලාවට කලා. පොඩි පැටියා අපේ අතට එනකන් අපි හරි ආසාවෙන් බලාගෙන හිටියා. රදීශ්ටයි කෙවීටත් අපි දෙන්නටම වගේම පොඩි දවස් ගානක් පරක්කුවෙන් තමයි එයාලගෙ බබා ලැබුනේ.
" කෝ එන්න අප්පච්චි අතට. තාත්තී ප්‍රෝග්‍රෑම් එකකට යන්නනෙ හදන්නෙ. සුදු පුතා එතකන් අප්පච්චි ලග ඉමු"
" දෙන්න ඒයී. යනකන් මන් පුතාව මගෙ ලඟ තියාගන්නම් "
මන් පුතාවත් අරගෙන බූවලුස් එක්ක කාර් එකට නැග්ගා.
" මතක් කරලා පැම්පස් එක තව පැය දෙකකින් මාරු කරන්න ඕනේ හොඳද. බබාගෙ මිල්ක් බොට්ල් එක මේ බෑග් එකේ. හරිද. ඕනේ උනොත් මේකෙම සීරියල් එකත් තියෙනවා "
" හරි මැණික මන් ඒ ඔක්කොම බලාගන්නම් කිව්වනෙ. අද හොඳට ප්‍රෆෝම් කරලා එන්නකො "
" හරි ඒයී. ඔයා පරිස්සමින් බබා එක්ක ඉන්න ඒයී. මන් ඉක්මනට එනවනෙ "
" සඳ ඔයා වැඩිපුර ආදරේ බබාටද නැත්තම් මටද "
" දෙයියනේ මොනාද මනුස්සයෝ පුතා ඉන්න තැන මේ අහන්නෙ. පොඩි එකාට දුක හිතෙයි."
සාමාන්‍යයෙන් බබෙක් හම්බුනාට පස්සෙ බබාගෙ අප්පච්චිගෙන් මන් අහන්න ඔනේ ප්‍රශ්නෙ බූවලුස් මගෙන් අහද්දි ඇත්තමයි මේ මනුස්සයා බබා එක්කවත් මාව බෙදාගන්න කැමති උනේ නෑනේ.
YOU ARE READING
සියුම් පහර | $i¥um Paha®a 🎯✨ [ © ✅ ]
Fantasy" මේකට කියන්නෙ ආදරේ කියලනම්,මන් උබට පිස්සුවෙන් වගේ ආදරෙයි සඳරැස් " සියුම් පහරකින් ආදරයක් උපදින්නම බැරිද ? පෘථිවි සඳරැස් බූවලු ආදර කතාවට සුහද ඇරයුම්.. 🥋✨️✒ • සියුම්පහර 1 • හත්පොරොන්දු ( සියුම්පහර 2 ) 18+
![සියුම් පහර | $i¥um Paha®a 🎯✨ [ © ✅ ]](https://img.wattpad.com/cover/377121685-64-k90457.jpg)