" ඇත්තමයි බන් මන් කියන්නෙ මට උන් කියපු එක ඇහුනා. අරූ කැමතිලු ඒකට"
" සිරාවට අර නිපුනා. අපේ සචින්ට... මුන්ට පිස්සුද බන් මට හිතද්දිත් අප්පිරියයි. නොදකින් කොලුකාරයෝ.."
"ඇති ඇති ඕක නවත්තපන් "
මට අවුල් යනවා කියලා තේරුනු රදීශයා අනුන්ගේ කුනු හොයන ගොබ්බ හිපාටුවො දෙන්නට කිව්වා. අපි සෙට් එකක් වෙනම වට වෙලා සාකච්ඡාවක හිටියේ. ආදරේට ලිංගබේදයක් හොයන සංස්කෘතික ගොබ්බ උන් මට නම් පේන්න බෑ. ඒක එයාලගෙ කැමැත්තනේ. උන් අකමැති නම් නොකර ඉන්න ඕනේ බොරුවට කියවන්නෙ නැතුව.
" මන් යනවා අරහෙට "
මූසල ගෙවලයෝ එක්ක ඉන්නවට වඩා හොදයි පලායන එක.
" මාත් එනවා වදේ"
" මාත් එනවා මිහිබබා"
වොනයි ටාශීයයි එතන ඉන්න උන්ට රවලා මගෙ අතේ එල්ලුනා.
" මේක හරි මගුලක් උනානෙ. මිහින්ට කෙල්ලො දෙන්නයි. මට එක්කෙනයි. දාපන් තව උගුරක්"
තව ග්ලාස් එකක් අරන් බොන ගමන් නිතිශයා කිව්වා වෙද්දි ඔක්කොටම හිනා ගියා. මොනා උනත් අපේ හිතේ කහටක් තිබ්බෙ නෑ. අපේ ක්ලාස් එකේ ගොබ්බයෝ දෙක තුනක් හිටියට අපි සෙට් එක මාර තේරුම් ගැනීමක් තිබ්බෙ.
" එහෙනම් හැමෝම ඉන්න තැන් වලින් ටිකක් මෙ හරියට එන්න. අපි අපේ ගීතමය හෝරාව ආරම්භ කරන්න යන්නෙ. එකේක සබ්ජෙක්ට් වල කට්ටිය මෙතන ඉන්නවා. ඒත් අපේ බැජ් එක එකයි. ඉතින් නොදන්න අය අදුරගන්න මේක තමයි හොදම අවස්තාව. උබලගෙ බැජ් වලිනුත් සින්දු කියන්න පුලුවන් අය... මන් කිව්වෙ පොඩ්ඩක් හරි කියන්න පුලුවන් උන් ඉන්නවනම් එවුන්ව දිරිමත් කරපල්ලා. බොන අය බීපල්ලා වටේ ඉන්න උන්ට කරදරයක් නොවෙන්න. කෙල්ලො ටික වැඩිය එහාටමෙහාට යන්නෙ නැතුව මේ හරියෙම ඉන්න. චේතිය අල්ලපන් ගිටාර් එක"
එකෙක් මයික් එක අරන් බෙරිහන් දුන්න වෙද්දි හිටපු උන් ඔක්කොම ඒ හරියට කිට්ටු උනා. ඔව්නෙ අනෙ අපි අද රෑට පොඩි මියුසික් පාටියක් තියන්න හිටියේ. අපේ නිතීශයට නම් හොදටම වැඩි වෙලා ඩවුන් වෙන්න ඔන්න මෙන්න හිටියේ. වොනාට ගානක්වත් නෑ අනේ. මිනිහට ඕනෙ එකක් කරගන්න කියලා පාඩුවේ ඉන්නවා. මන් ඇහුවා මූ බොන එක උබට ගානක් නැද්ද කියලා. මේකි කියාපි.. බොන කොල්ලෙක් හදාගන්න පුලුවන්ලු ඒත් වටේ යන උන් හදන්න බෑලු. ඒ නිස බීපුදෙන්ලු.අනේ ඉතින් මල් තියලා වදින්න ඕනේ ගෑනු. වොනයි ටාශියයි එක ගෙයි කනවා වගේ එක බියර් එකක් බෙදාගෙන බොනව මන් දැක්කා.සත්සරයානම් කලින්ම ඩවුන්. අපේ රදීශයත් ටිකක් වැනි වැනී හිටියේ. තව ටිකකින් ඌත් ඩවුන් තමයි. බිව්වට කමක් නෑ කට %ක වහන් ඉන්නවනම්. ඌ ඩවුන් උනොත් එහෙ මෙහෙ යන්න එපාලු. කාමරේ දොර ලොක්කරගන්නලු. අයිස්ක්‍රීම් කන්නඑපාලු. ශික් මන් පොඩිඑකෙක් ගානට දාලා මූ උපදෙස් දෙන්නෙ. මේවා අවුරුදු 22ක කොල්ලෙක්ට දෙන්න ඕනේ උපදෙස්ද මන් අහන්නෙ. අර ෆුල්ෆේස් බූවලු ඔලුබක්කත් උගෙ අතිජාත මිත්‍රයයි සසියයි එක්ක අයිනකට වෙලා ඉන්නවා මන් නිකමට වගේ දැක්කා. මන් නම් හැරිලවත් බැලුවේ නෑ. අර කාමරේ වෙච්ච සීන් එකෙන් මූ මායි රදීශයයි ගැනයි මොනවා හිතන් ඉන්නවද කියලා මටම ලැජ්ජා හිතුනා.
YOU ARE READING
සියුම් පහර | $i¥um Paha®a 🎯✨ [ © ✅ ]
Fantasy" මේකට කියන්නෙ ආදරේ කියලනම්,මන් උබට පිස්සුවෙන් වගේ ආදරෙයි සඳරැස් " සියුම් පහරකින් ආදරයක් උපදින්නම බැරිද ? පෘථිවි සඳරැස් බූවලු ආදර කතාවට සුහද ඇරයුම්.. 🥋✨️✒ • සියුම්පහර 1 • හත්පොරොන්දු ( සියුම්පහර 2 ) 18+
![සියුම් පහර | $i¥um Paha®a 🎯✨ [ © ✅ ]](https://img.wattpad.com/cover/377121685-64-k90457.jpg)