" මේතුලි මේ ටිකත් අතුගාන්න නන්ගි"
" හසරැල් අයියේ ඔය ටික ඩස්පින් එකට දාන්න"
" හරි හිටපන් "
" ඉක්මන් කරපන් බන්"
" මූ තාම නිදිනේ"
" ඇහැරවන්න එපා. මන් ගිහින් කාමරෙන් තියන්නම්"
කාගේදෝ අත්උඩ මන් හිර වෙද්දි ටිකෙන් ටික ඇස් අරින්න පටන් ගත්තා. ආශ්..ඔලුවත් රිදෙනවා.රදීශයා මාව වඩාගෙන පඩිපෙල නගිද්දි මන් උගෙ උරහිසෙන් පල්ලෙහාට ඔලුව දාලා සාලෙ දිහා බැලුවා. ඒ බලද්දි අපේ උන් ඔක්කොම මුලු සාලෙම අස් කරනවා.අම්මටසිරි උදේ වෙලා.ඊයේ රෑ බූවලු කාමරේ හිටපු මන් කොහොමද අද උදේ ආයෙත් පල්ලෙහ ඉන්නෙ.
" ආ උබ ඇහැරුනාද "
" මේ මොකද රදීශ්"
" අම්මා තව ටිකකින් එනවලු බන්. බලපන් ගෙදර අපායක් වගේ. උන් ගේ අස් කරනවා. අපි වොශ් දැම්මා. උබත් දාගෙන පල්ලෙහාට වරෙන්"
යසයි බේසිකයෝ ඊයේ නටලා නටලා ගේ හැඩි කරලා දැන් නැට්ට පාගගෙන අස් කරනවා. ඒකත් මාර ආතල්. වොශ් දාන් මන් පහලට එද්දි අපේ උන් උදේට කෑම කොහෙන්ද මන්දා ඕඩර් කරලා ඒවා ඇවිත් තිබ්බා. සෙට් එකම කෑම ටික අරන් කන්න ලෑස්ති වෙද්දි නිකමට වගේ ඊයේ සිද්ධි ටික මොලේට ප්රොසෙස් උනා. අම්මට සිරි රින්ග් එක. මන් ටග්ගාලා අත සාක්කුවේ අස්සට ඔබා ගත්තා. කෝ මේ මූසල බූවල්ලා.මන් වටපිට බල බල ඌව හොයද්දි චලනයාගෙ ඇස් වලට මාව අහු උනා.
" හසරැල්ටත් ඉන්නනෙ තිබ්බෙ. කොහෙද ඉතින් මුට ඔක්කොටම වඩා ක්ලබ් එකේ වැඩ ලොකු උනානේ"
"ඒකනෙ ඩෝ. පිස්සූඋත්තෙක් බන් "
ආහ් ඒ කියන්නෙ මූ ජිම් එකට යන්න ඇති. රින්ග් එක රදීශයා දැක්කොත් ඉවරයි. මාර කේස් එක. ඒකට මොකද කරන්නෙ. මොනා උනත් අයින් කරන්න හිතෙන්නෙත් නෑ. මේකට මොනා හරි කරන්න ඕනේ.
" ඒක නෙවේ ටාශී තෑන්ක්ස් ආහ්"
" ඕක මොකක්ද බන් වෙල්කම් වෙල්කම්"
මන් මුද්ද කරකව කරකව රදීශ් දිහා බලාගෙන ටාශියට කිව්වා. අනේ අපේ ටාශියත් යන්නෙ කොහෙද මල්ලේ සබන් කිව්වලු ඕනේ දේකට සපෝට්. මොකක්ද කියල දන්නෙත් නෑ වෙල්කම්ලු. අවුලක් නෑ රදීශ් මගෙ ඇගිල්ලෙ උනු මුද්ද දිහා බලාගෙන කෑම කන්න උනා. කෑමෙන් පස්සෙ අපිට සමු දීලා උන් ඔක්කොම වගේ ගෙවල් වලට ගියා. මොනා උනත් හැපි එන්ඩින් අනේ. මෙතුලියත් හිතුවට වඩා හොදයි. අපිට සප් එක දීගෙන හිටියනෙ. ඒත් ඉතින් "හජරැල් අඥ්ඥෑ" ගගා ඇගේ එල්ලෙන එක තමා මට පේන්න බැරි. නැන්දත් ගෙදර ආව නිසා මන් කාමරේට ඇවිත් ඉන්ස්ටර් එකේ අපිසෙට් එක ගත්ත පික්ස් එහෙම අප්ලෝඩ් කලා. හැබැයි අර මූසල බූවලුකාරයා නම් ඒ එක පික් එකකවත් හිටියේ නෑ. කමෙන්ට් සෙක්ශන් එකේ මෙදා පාර කමෙන්ට් ගොඩයි. ඇයි ඉතින් සෑහෙන්න සෙට් එකක් අලුතෙන් ඇඩ් උනානේ. රන්තාලියේදී මන් එක්ක සෙට් උනු මල්ලිලා ටිකත් කමෙන්ට් කරලා තිබ්බා. ශෝක් අනේ ඒ පොඩි එවුනුත්.
YOU ARE READING
සියුම් පහර | $i¥um Paha®a 🎯✨ [ © ✅ ]
Fantasy" මේකට කියන්නෙ ආදරේ කියලනම්,මන් උබට පිස්සුවෙන් වගේ ආදරෙයි සඳරැස් " සියුම් පහරකින් ආදරයක් උපදින්නම බැරිද ? පෘථිවි සඳරැස් බූවලු ආදර කතාවට සුහද ඇරයුම්.. 🥋✨️✒ • සියුම්පහර 1 • හත්පොරොන්දු ( සියුම්පහර 2 ) 18+
![සියුම් පහර | $i¥um Paha®a 🎯✨ [ © ✅ ]](https://img.wattpad.com/cover/377121685-64-k90457.jpg)