" ආ අනේ මන් මේක උයාටමයි තියාගත්තෙ"
" එපා මට චොකලට් විසයි "
" එහෙම චොකෝ විස වෙන අයත් ඉන්නවද "
" ඔව් "
" ඒ ඇයි මිහී "
" මන් දන්නවද "
" මේක විස වෙන්නෙ නෑ අනෙ. උයා මේක කාලම බලන්නකො වදේ. මේක බ්රෑන්ඩඩ් ''
" එපා. ''
පුදුම වදයක් මේ ගෑනි.එක දවසක් බ්රේක් එකේදී වොනාරා ගෙනත් දීපු චොකලට් එක හිතක් පපුවක් නෑ වගෙ මට විසවෙනවයි කන්න හොද නෑයි ගගා ප්රතික්ශේපි කලේ වෙන මොනවත් නිසා නෙවෙයි මේකී මන් එක්ක තකහනියෙ කතා කරන කොට අර නිතීශයා මට රවන නිසා. ඊට පස්සෙ එදා හවස මේකා කියාපි,
"අනේ බුදු මල්ලි උබ තමා මගෙ ගැලවුම්කාරයා. උබට තමයි මේක කරන්න පුලුවන් "
" මන් මේවට කැමති නැ "
" කැමති නෑ කියලා බෑනෙ මිහින් උබ මගෙ බොක්කගෙ මල්ලියනෙ. නේද රදීශ් මුට කියපන්කො මට ගේමක් ගහල දෙන්න කියලා "
"බලමු"
මූ කියන්නෙ වොනාරාව කොහොම හරි මූට සෙට් කරලා දෙන්නලු. ඒකිගෙ නම වොනාරා.. හැමෝම ඒකිගෙ නම අනිත් පැත්ත ගහලා වෙරෝනා කුමරිය කියන නිසා මේකි වැඩිය අනිත් උන් එක්ක නෑ. මන් ඉතින් තාම සෙට් එකත් එක්ක ලොකුවට කතාවක් නෑ. රදීශයා නිසා එහෙන් මෙහෙන් එකෙක් දෙන්නෙක් කතා කරනවා ඇරෙන්න. ඔව් නෑ බැ තරගෙ වගෙ හැමඑකටම එච්චරමයි කියෙව්වෙ. ඇරත් මට එකේක උන්ව එකේකට පන්ගනාත්තු කරන්න තේරෙන්නෙ නෑ. ඊට පස්සෙ ඕකා නැති වෙලා ගියාම මුලින්ම උන් සාප කරන්නෙ සෙට් කරපු එකාට. Eww eww ඔය තිරිසන් වැඩ වලට මන් කැමති නෑ. අනික ඒකී වගෙ බාගයක් නිල් පාට කරගත්තු ලිප්ස්ටික් තලියක් ගාගත්තු ආටිෆිශල් මගුල් මට සෙට් වෙන්නෙ නැ. ඒ වගෙ උන්ටත් කැමති වෙන ඔටු හරක් ඉන්නවනෙ. ඒ වගේ උන් ආම්බාන් කරන්න බෑ කියලා මුන්ට තේරෙන්නෙ නැද්ද මන්දා.ඒ නිසාමයි මන් දැන් වැඩිය ඒකි එක්ක කතාකරන්නෙ නැත්තෙ....අනික අපි හැමෝම එක බත් එක බෙදාගෙන කනකොට ඒකි ලන්ච් බොක්ස් එකේ හැන්දෙන් කනවා ඒකිගෙ නේල්ස් ඩැමේජ් වෙනවා කියලා. විකාර.... මේ රදීශයගෙ primary school එකේ මිනිස්සු හරි අමුතුයි...
YOU ARE READING
සියුම් පහර | $i¥um Paha®a 🎯✨ [ © ✅ ]
Viễn tưởng" මේකට කියන්නෙ ආදරේ කියලනම්,මන් උබට පිස්සුවෙන් වගේ ආදරෙයි සඳරැස් " සියුම් පහරකින් ආදරයක් උපදින්නම බැරිද ? පෘථිවි සඳරැස් බූවලු ආදර කතාවට සුහද ඇරයුම්.. 🥋✨️✒ • සියුම්පහර 1 • හත්පොරොන්දු ( සියුම්පහර 2 ) 18+
![සියුම් පහර | $i¥um Paha®a 🎯✨ [ © ✅ ]](https://img.wattpad.com/cover/377121685-64-k90457.jpg)