"ම්ම්ම්ම්ම්ම්ම්.......ආහ්..............."
දිග කම්මැලියක් ඇරියා විතරයි ඊයේ සිදුවීම් ටික ආයෙ ප්රොසෙස් වෙන්න ගත්තා. වෙලාව බලද්දි උදේ 8 පහු වෙලා. රෑ එලිවෙනකන් දාපු ලයිට් එක තාම වැඩ.. ඇදෙන් බැස්ස මන් ලයිට් එකත් ඕෆ් කරලා ෆෝන් එක බැලුවා. රදීශයාගෙන් මැසේජ් එකක්වත් නෑ. අනේ ඇත්තමයි මූ තාම ඇවිත් නැද්ද. පල්ලෙහාට යන්න තිබ්බ උවමනාවට මන් ඉක්මන්ට වොශ් එකක් දාන් ඇදුමක් ඇදගත්තා. පවුඩර් තලියකුත් මූනේ ගාගත්ත මන් කාමරේ දොර ඇරන් පහලට ගියා.
" නැන්දා රදීශ් ආවේ නැද්ද "
" තාම නෑ පුතා. ස්ටූඩියෝ එකේ වැඩක්ලුනේ ඊයේ රෑ. දැන් එනවත් ඇති "
"ආ ඔව් ඔව් එයා එයි නැන්දා"
" අපරාදේ දරුවෝ කෑම ටික. ඔයාලා කන්නෙ නෑ කිව්වානම් මන් ඊයේ රෑ කෑම හදන්නෙත් නෑ "
" මන් විතරනෙ නැන්දා.අනේ මට නින්ද ගියානේ"
" හොද නින්ද. පොඩ්ඩා කාලත් නෑනේ.අපරාදේ මේ කෑම.සතෙක්ටවත් දාන්න බෑ නරක් වෙලානේ"
" ඈහ් එයා කාලත් නැද්ද."
" අනේ මන්දා දැන් හැදෙන ලමයිනම්.අපි ඒ කාලේ තුන්වේලට අමතරව තව වේල් දෙක තුනක් කනවා"
අම්මොහ් ඉතින් නැන්දගෙ පරන කතා ආයෙ පටන් ගත්තා. හැම පවුලකම ඉන්නවනෙ අපි නම් ඒ කාලේ see more..... වර්ශන් එකේ ඩෑල් එකක්. අපේ පවුලෙනම් නැන්දා තමා..බූවලු කාරයත් කාලා නෑලු. මට කන්න එන්න කියලා මන් බෑ කිව්ව නිසා මූ කාලත් නැද්ද. අනේ අනේ අබුද්දස්සකාලේට ඇටිකෙහෙලුත් තිත්තයිලු.
නැන්දට සමුදීපු මන් අරූගේ කාමරේ පැත්තට යන්න ගියා. අද ඉතින් නිවාඩු දවසනේ. නිවාඩු දවසට මන් මුට උදේ අර ක්ලාස් එක කරනවා. ක්ලාස් කිව්වට වැඩි හරියක්ම ඉතින් කිසි වැඩක් කලේ නෑ. සමහර දවස් වලට උගේ කාමරේ පුටුවට වෙලා පැය 2කම ඔහේ වාඩි වෙලා හිටියා. මට නින්ද ගියපු අවස්තාත් නැතුවම නෙවේ. සල්ලි නිසානේ මේ සේරම...කමක් නෑ තව මාසයයිනේ.... මන් යතුරු හිලෙන් කාමරේට ඇහැ දැම්මා. මූ පේන්න නෑනේ. අද නිවාඩු නිසා කොහේ හරි ගිහින්වත්ද..
ඒත් එක්කම කාමරේ දොර ඇරුනා.මන් ටග්ගලා ඉස්සුනා විතරයි මාව දැක්ක ඒකා ඩබොග් ගාලා හයියෙන් දොර වහාගත්තා.
ඒ මොකද ඒ උනේ..
YOU ARE READING
සියුම් පහර | $i¥um Paha®a 🎯✨ [ © ✅ ]
Fantasía" මේකට කියන්නෙ ආදරේ කියලනම්,මන් උබට පිස්සුවෙන් වගේ ආදරෙයි සඳරැස් " සියුම් පහරකින් ආදරයක් උපදින්නම බැරිද ? පෘථිවි සඳරැස් බූවලු ආදර කතාවට සුහද ඇරයුම්.. 🥋✨️✒ • සියුම්පහර 1 • හත්පොරොන්දු ( සියුම්පහර 2 ) 18+
![සියුම් පහර | $i¥um Paha®a 🎯✨ [ © ✅ ]](https://img.wattpad.com/cover/377121685-64-k90457.jpg)