පෘථිවිගෙ මනසින්..............
අදත් මගෙන් මිදිලා යන්න ගියපු එයාව මන් නතර කරගත්තා. දොර වහපු මන් එයාගෙ සිනිදු හීන් බදවටෙන් අල්ලගෙන බිත්තියට හේත්තු කලා.
" තව කොච්චර කල් මාව මග අරිනවද.. තවත් මෙහෙම දුරින් ඉන්න බෑ මට.. කියන්න උබට මාව එපාද මැණික "
" මට යන්න ඕනේ "
" යන්න ?? කොහෙද යන්නද ?? මගෙන් ඈතට යන්නද ඕනේ."
" ඔනේ නෑ කවුරුත් "
" එහෙනම් අර රදීශයා ඉස්සරහ කිව්වෙ, පෘථිවි කියන්නෙ මට මුලු ලෝකයක් ය,ආදරේ කියන අකුරු හතර දන්න දවසෙ ඉදන් මට ආදරෙයිය.... කියලා... "
" උබට මාව විහිලුවක්ද. මට යන්න දීපන් පෘථිවි..මගෙ ජීවිතේට මෙච්චර දෙයක් උනාට පස්සෙද උබ මාව හොයාගෙන ආවේ. අනික ලන්කාවට ඇවිත් දවස් තුනක් යනකන් මොනවද කලේ "
" ඔයාට ගොඩක් අප්ඩේට්ස් එන්නෙ සෑහෙන්න පරක්කු වෙලා නේද?? දැන් ඇති මේ සේරම. මන් මේ කියන දේවල් පොඩ්ඩක් සීරියස් ගන්න. මොකද මේ වේස්ට් වෙන්නෙ අපේ ටයිම් එක...උබටයි මටයි ආදරෙන් ඉන්න පුලුවන් අපේ ලස්සන කාලය.. උබ මගේ නේද සඳරැස්.. මට ආදරෙයි නේද.. මේ චූටි තොල් වලින් ආයෙත් මට ආදරෙයි කියන්නෙ කවද්ද ?? "
සුපුරුදු පරිදි එයාගෙන් කනේ පාරකට ලෑස්ති පිටම මන් ඒ හීන් ඉඟ මගෙ ලගටම ලන් කරලා එක් කම්මුලකින් හාදුවක් දුන්නා.
ඒත් මන් හිතුවෙවත් නැතිවිදිහට එයාගෙ බෝල ඇස් වලින් කඳුලු වැටෙන්න පටන් ගත්තා.
" ක්ක්ම්ම්ක්ක්...ක්ම්ම්ම්ඛ්හ්...උබ දන්නවා මන් උබට ආදරෙයි කියලා. ම්ම්හ්හ්හ්..උබ ඒක හොඳටම දන්නවා. උබ කව්ද, උබ මොනවද කරන්නෙ,ඒ කාලේ ඇයි මට ලන් උනේ, එතකොට දැන් උබේ හිතේ මට තියන තැන මොකක්ද කියලා මන් හොඳටම දන්නවා.මට දුක නෑ මගේ සීයා නැති උනු එකට. ක්ක්ඛ්හ්හ්හ්...ම්ම්ම්හ්හ්... නොකිව්වට ඒ මනුස්සයා නිසා අපේ අප්පච්චිත් ගොඩක් දුක් වින්දා.. ක්ක්ක්ක්ම්ම්ක්හ්හ්හ්... ක්ක්ක්ම්ම්හ්හ්....
ඒ කාලේ කොහොම උනත් ඔයා මට කරපු ආදරේ ඇත්තමයි කියලා දැනගත්ත මොහොතෙ ඉදන් උබ මට වැරැද්දක් කලානම් ඒ වැරදි සේරටම මන් සමාව දුන්නා.... ක්ක්ක්ම්ම්ම්ම්හ්හ්හ්......
මට ඕනේ උබව විතරයි...
YOU ARE READING
සියුම් පහර | $i¥um Paha®a 🎯✨ [ © ✅ ]
Fantastik" මේකට කියන්නෙ ආදරේ කියලනම්,මන් උබට පිස්සුවෙන් වගේ ආදරෙයි සඳරැස් " සියුම් පහරකින් ආදරයක් උපදින්නම බැරිද ? පෘථිවි සඳරැස් බූවලු ආදර කතාවට සුහද ඇරයුම්.. 🥋✨️✒ • සියුම්පහර 1 • හත්පොරොන්දු ( සියුම්පහර 2 ) 18+
![සියුම් පහර | $i¥um Paha®a 🎯✨ [ © ✅ ]](https://img.wattpad.com/cover/377121685-64-k90457.jpg)