Hold Me Tight ♡
• 2nd Phase •
Hae Won's P.O.V
මම කරේ මොන වගේ වැරැද්දක්ද කියලා මට තේරුනෙ ඒ boys ලා ටික දැක්කට පස්සෙ..
එවෙලෙම කටට ඉබ්බෙක් දාගත්තු මම yoongi දිහා බැලුවෙ එතන හිටපු අයගෙන් මම දන්න එකම කෙනා එයා විතරක් නිසා.. ඒත් එයා මගේ දිහා බලාගෙන හිටියෙ කිසිම හැඟීමක් නැතුව. හරියට නිකන් මම පිට කෙනෙක් වගේ.. මගේ ඇස් වලට ආයෙත් කඳුලු පිරෙන්න ගත්තා. මම මෙහාට ආවෙ මට ඉතුරු වෙලා තිබුනු හැමදේම අරගෙන, මගේ තාත්තාව හොයාගන්න අරමුණෙන්. මම හිතන්නෙ මගේ හැසිරීමෙ ප්‍රතිඵල වලට මම තවම ලෑස්ති නැතුව ඇති. සමහරවිට මම ආයෙත් ආපු තැනටම යන්න ඕන ඇති.
මට සමාවෙන්න ආච්චි අම්මේ.. මම ගොඩක් උත්සහා කරා..මම හෙමින් මගේ ඔලුව පහලට නවලා සමාව ගත්තා.. මගේ luggage එකත් අරගෙන ඒ ගෙදරින් එලියට බැස්සෙ යන්නෙ කොහෙද කියල වත් අදහසක් නැතුව..
මගේ ඇස් දෙක කඳුලු වලින් තෙත් වෙලා. විකාරෙන් වගේ පාර පුරා ඇවිදපු මට කිසිම දෙයක් පෙනුනෙ නැහැ. ඒ වෙලාවෙම මගේ පිටිපස්සෙන් horn එකක සද්දයක් ඇහුනා.. මම ඔලුව උස්සලා බලද්දි, කලු පාට ලොකු truck එකක headlight එකක් මගේ ඇස් දෙකට වැදුනා.. මම දිග හුස්මක් ගත්තා.... අන්තිමට.. මගේ අම්මයි ආච්චි අම්මයි ගියපු තැනට යන්න මගේ වෙලාව ඇවිත්ද? ඔව්.. ඒ විදිය හොඳයි.. මම මගේ ඇස් දෙක තද කරලා පියා ගත්තෙ ඒ මොහොතට මූන දෙන්න බලාගෙන.....
තත්පර කීපයක් ගෙවුනා... ඒත් කිසිම දෙයක් උනේ නැහැ..
මම හෙමිහිට ඇස් දෙක ඇරියා..
ඒ කලු පාට truck එක මාව පහු කරගෙන යන හැටි මම දැක්කා..
ඒත් ඒ truck එකට මාව හැප්පුනා නේ... කොහොමද මම පන පිටින් ඉන්නෙ... "oh god! I almost died..""යා.... පිස්සු හැදීගෙන එනවද.....? "
මම එකපාරටම හැරිල බැලුවෙ කොහෙන්ද ඒ සද්දෙ ආවෙ කියලා..
හැරිලා බලද්දි දැක්කෙ, මූනත් රතු කරගෙන මගේ දිහා බලාගෙන ඉන්න yoongi ව...
එයා මගේ ලඟට ඇවිත් මගේ අතින් ඇදලා මාව නැගිට්ටෙව්වා.."ඔයාට ඕනෙ මැරෙන්නද??" එයා කතා කලේ ගොඩක් තරහෙන්..
"ඔයාට මැරෙන්න ඕනෙ නම් plz.. වෙන තැනකට ගිහින් මැරෙන්න.."
එයා ගොඩක් තරහෙන් මට බැනලා, පිටිපස්සවත් නොබලා හැරිලා යන්න ගියා..
එයා හරිම නපුරුයි.. ඔව්ව්.. මට අමතක වෙලා තිබුනෙ එයාට තරහා ගියාම මොනතරම් නපුරු විදියට ද එයා හැසිරෙන්නෙ කියලා..
YOU ARE READING
° Hold Me Tight °
फैनफिक्शन" She hugged me tight. Her hug calmed me down. A comfortable warmth spread across my chest and it felt like home. I hugged her tighter. I was so scared if I let her go, she might disappear on the spot. I loved her that much. My love for her never fa...