22| I Wanna Hold You 🍂

269 45 21
                                    

Hold Me Tight ♡

• 22nd Phase •

Yoongi's P.O.V.
අනිත් members ලා හැමෝම Airport එකේ ඉඳන් කෙලින්ම dorm එකට යද්දි, මම manager ට කිව්වෙ මාව අපේ company එකෙන් බස්සන්න කියලා. මේ කාරණාව ගැන මට මේ දැන්ම Bang PD-nim එක්ක කතා කරන්න ඕනෙ උනා.

"Yoongi-ssi, Mr. Bang මේ වෙලාවෙ meeting එකක ඉන්නෙ. Meeting එක ඉවර වෙනකන් ඔයාට ටිකක් ඉන්න වෙයි. " Mr. Bang ගෙ secretary උනු Miss Jiwon මට දැන්නුවා. දිග හුස්මක් ගත්තු මම එතන තිබුනු sofa එකෙන් වාඩි වෙලා බලාගෙන හිටියා. මට වැඩි වෙලාවක් බලාගෙන ඉන්න උනේ නැහැ. Navy blue suit එකක් ඇඳපු ටිකක් වයසක කෙනෙක් Mr. Bang ගෙ office room එකේ ඉඳලා එලියට ආවා. ඒත් මම මීට කලින් ඒ කෙනාව මෙහෙදි දැකලා තිබුනේ නැහැ.

තුන් පාරක් දොරට තට්ටු කරපු මම ඇතුළට ගියා. Bang PD-nim ඔලුව මේසෙට නැඹුරු කරගෙන දෙයක් කියවමින් හිටියා. මම එයාගෙ office එක ඇතුළට ආවා තාමත් එයා දන්නෙ නැහැ වගේ. ඒ නිසා මම ටිකක් හයියෙන් උගුර පෑදුවෙ එයාගෙ අවධානය ගන්න. එකපාරටම ඔලුව උස්සලා බලපු එයා මම එයාගෙ ඉස්සරහ හිටගෙන ඉන්න බව දැකලා ගොඩක් පුදුම උනා. ඒ සැනින් ලොකු හිනාවක් එක්ක මගේ ලඟට ආපු එයා මාව බදාගත්තා.

"ඕහ්! Yoongi! ඔයා ආවද? කොච්චර කාලෙකින්ද අපි මෙහෙම ආයෙත් හම්බවෙන්නේ?! ඉතින් මට කියන්න බලන්න, මෙච්චර දිග ගමනකට පස්සෙ කෙලින්ම dorm එකට ගිහින් හොඳ නින්දක් දාන්නෙ නැතුව මාව හොයාගෙන මෙහෙට ආපු හේතුව? " Bang PD-nim එහෙම කිව්වෙ මට ඉඳගන්න කියලා සන් කරන ගමන්.

මගේ අත් එකපාරටම දාඩියෙන් තෙත් වෙන්න ගත්තා. මගේ wife ගෙ විස්තර අහන එක මාව මේ තරම් අපහසුතාවයට පත් කරයි කියලා මම හිතුවෙ නැහැ. ඒත් මම කොහොමහරි හිතට ධෛර්යය ගත්තා. මේ සිද්ධ වෙන දේවල් වල තේරුම මොකක්ද කියලා මට හරියටම දැනගන්න ඕනෙ උනා. එයාට මොකක්ද වෙලා තියෙන්නෙ? මට එයාව ආයෙත් මගේ ඇස් දෙකට දැකගන්න ඕනෙ. "ඇත්තටම hyung, මම ආවෙ Hae Won noona ගැන දෙයක් දැනගන්න. "

මම එහෙම කියපු ගමන් Bang PD-nim ගෙ මූණෙ මෙච්චර වෙලා තිබුනු සතුටු පෙනුම නැතිවෙලා ගිහින් බැරෑරුම් පෙනුමක් මතු වෙන හැටි මම දැක්කා. "ආහ්, Miss Park Hae Won? එයා ගැන කතා කරනවනම්....." කියාගෙන ආපු දේ මැදින් නවත්තපු එයා, මම එද්දි එයා කියවමින් හිටපු කොළ ටික අරගෙන ඒවා මගේ අතට දුන්නා.
ඒකෙ තිබුනු heading එක දැකපු මම හොඳට ඇහිපිය ගහලා ඒක ආයෙත් කියෙව්වෙ ඒකෙ තිබුනු දේ මට ඇත්තටම අදහගන්න බැරි උනු නිසා. ඒත් ඒක හරියටම කියෙව්වට පස්සෙත් මට තාමත් අදහගන්න බැරි උනේ, අවුරුදු පහකට පස්සෙ ආයෙත් ඒ කොළ මගේ අතට මේ විදියට ආවෙ කොහොමද කියලා.

° Hold Me Tight °Where stories live. Discover now