07| Never Let U Leave 🍂

294 61 27
                                    

Hold Me Tight ♡

• 7th Phase •

Hae Won's P.O.V.
"ඔයා මගේ අම්මාව දන්නවද? " මම ඇහුවේ ගොඩක් පුදුමෙන්. එයා කොහොමද මගේ අම්මව දන්නේ?

"ඔයා එයාගෙ දුවද? ......." එයා ඇහුවේ අවිශ්වාසෙන් වගේ. "මම දැනගෙන හිටියේ නෑ, මීට අවුරුදු 25කට කලින් එයා මේ රටෙන් යද්දි එයාට දුවෙක් හිටියා කියලා"

"මොකක්? එයා මේ රටෙන් ගියා? මගේ අම්මා මැරුනේ මම ඉපදෙනකොටමයි." එයා මගේ දිහා අමුතු විදියට බැලුවා .

"ඒක වෙන්න බෑ. අපේ යාලුවෙක් මීට සති කීපයකට කලින් එයාව United States වලදි දැකලා තියෙනවා. එයා කිව්වා noona හොඳින් හිටියා කියලා."

මගේ ඇස් වලින් කඳුලු කඩන් වැටෙන්න ගත්තා. මොනවද එයා මේ කියන්නේ? ඒ කියන්නේ මගේ අම්මා තාමත් ජීවතුන් අතරද? අපි මේ කතා කරන්නේ එකම කෙනා ගැනද? නැත්නම් එයා කතා කරන්නේ වෙන කෙනෙක් ගැනද? මගේ අත්තම්මා මට කියලා තිබුනෙ, මගේ අම්මා මම ඉපදෙනකොටම මැරුනා කියලා. එතකොට ඒ හැමදෙයක්ම බොරුවක් ද? මගේ ඔලුව ප්‍රශ්න ගොඩකින් පිරුනා. මට මගේ අත්තම්මා ගෙන් ඇත්ත මොකක්ද කියලා අහන්න ඕනෙ. ඒත් කොහොමද ඒක කරන්නේ? එයා දැනටමත් ජීවතුන් අතර නැහැ. දැන් මම මොකද කරන්නේ?

මට දැනුනා yoongi මගේ දිහා බලනවා. එයා මගේ අපහසුතාවය දකින්න ඇති. ඒ නිසාම එයා කතාව වෙන පැත්තකට හරවන්න උත්සහා කලා.
"Excuse me, Bang PD-nim, ඇයි ඔයා අපිට කතා කලේ? "

මම yoongi දිහා බැලුවා. මට එයාට කියන්න ඕනෙ උනේ අපි තාම මේ ප්‍රශ්නෙ ගැන කතා කරලා ඉවර නෑ කියලා. ඒත් එයා මගේ දිහා බලලා ඔලුව දෙපැත්තට වැනුවේ 'එපා' කියලා අඟවන්න. එයා මුලු room එකේම එයාගෙ ඇස් යවලා මට පෙන්නුවේ මෙතන තව කට්ටිය ඉන්නවා කියලා. ඒ නිසා මම නිශ්ශබ්ද උනා. ඔව්, අපිට ඒ ගැන පස්සේ කතා කරන්න පුලුවන්. මම යටි තොල හපන ගමන් දිග හුස්මක් ගත්තේ මගේ හිත සන්සුන් කරගන්න.

Bang PD-nim උගුර පාදලා එයාගෙ seat එකෙන් වාඩි උනා.
"මම ඔයාලා හැමෝවම මෙතනට කැඳෙව්වේ Miss Park නුයි Yoongiයි සම්බන්ධයෙන් මේ දවස්වල සිද්ධ උනු දේවල් ගැන කතා කරන්න. " එහෙම කියන ගමන් එයා අපේ දිහා බැලුවේ බැරෑරුම්ව.

"අපේ staff එකේ අයට පුළුවන් උනා ඒ news එක යටපත් කරන්න. එයාලා media වලට කිව්වා miss Park කියන්නේ yoongi ගේ cousin කෙනෙක් කියලා. ඒත් අපි දන්නවා ඔයාගෙ fans ලා හැමෝම ඒ කතාව විශ්වාස කරන එකක් නැහැ කියලා. ඒ නිසා yoongi, ඔයා, ටිකක් පරිස්සම් උනොත් හොඳයි. "

° Hold Me Tight °Where stories live. Discover now