Hold Me Tight ♡
• 15th Phase •
Hae Won's P.O.V.
Yoongi ගෙ ඒ වචන ඇහුනු ගමන් taehyungනුයි jimin නුයි අපේ දිහා බලාගෙන හිටියෙ ගල් වෙලා වගේ. 😳"ආහ්ම්... දැන් කවුරුවත් අපිට මේක පැහැදිලි කරලා දෙන්නෙ නැද්ද? " Jimin ඇහුවෙ අපි දෙන්නා දිහා පුදුමෙන් බලන ගමන්. Yoongiයි මමයි දෙන්නම මූණට මූණ බලාගත්‍තත් අපි දෙන්නාගෙන් එක්කෙනෙක් වත් එයාලට උත්තර දුන්නේ නැහැ.
"Hyung, ඔයාලා දෙන්නාගෙන් කවුරුවත්ම මේක අපිට පැහැදිලි කරලා දෙන්නේ නැද්ද? මිනිස්සු මේක දැනගත්තොත් නම් ලොකු ප්‍රශ්නයක් ඇති වෙයි. " Jiminනුයි taehyungනුයි එහෙම කිව්වේ තාමත් ගල් ගැහිලා වගේ අපි දෙන්නා දිහා බලන් ඉන්න ගමන්. Yoongi අතත් නිකටට තියාගෙන කල්පනා කලා. හ්ම්... පේන විදියට මටම තමයි මේක පැහදිලි කරන්න වෙන්නේ.
"Boys, කලබල වෙන්න එපා. කවුරුවත් දැනගන්න එකක් නැහැ හරිද? අපි ඉක්මනටම divorce වෙනවා. ඒ වගේම අපි දෙන්නාගෙ marriage එක ඇත්තටම වැරදීමකින් සිද්ධ උනු දෙයක්. ඒක වෙන්න තිබුනු දෙයක් නෙවෙයි. අපි දෙන්නා divorce වෙනකන් මේක අපි හතර දෙනා අතරෙ රහසක් විදියට තියාගමු, හරිද? " මම කිව්වේ එයාලාව සන්සුන් කරන්න උත්සහා කරන ගමන්.
"අපේ marriage එක වැරදීමකින් උනු දෙයක් නෙවෙයි, ඒ වගේම මම අපේ divorce එක file කරන්නෙත් නැහැ. " Yoongi ටිකක් සැරෙන් වගේ එහෙම කිව්වේ අහක බලාගෙන.
මට හිතාගන්න බැරි උනා ඇත්තටම මට දැන් එයා කියපු දේ හරියටම ඇහුනද නැද්ද කියලා.
"මට සමාවෙන්න, මොකක්ද ඔයා දැන් කිව්වේ yoongi? " මම එයාගෙන් ඇහුවේ මට එයා කියපු දේ හරියටම ඇහුනද කියලා confirm කරගන්න. එයා කිව්වේ අපේ marriage එක වැරදීමක් නෙවෙයි, ඒ වගේම එයාට මාව divorce කරන්න ඕනත් නැහැ කියලා? ඒත් ඇයි? ඇත්තටම මට ඕනෙ උනේ හේතුව දැනගන්න. මම දන්නවා මාව marry කරන්න කියලා ආත්තම්මා බල කරන්න කලින්, එයාට වෙන girlfriend කෙනෙක් හිටියා කියලා. එදා රෑ අපි දෙන්නා හොඳටම drinks අරගෙන මත් වෙලා හිටියෙ, ඇත්තටම එදා එයා ගොඩක් හිත රිදිලා හිටපු නිසා. එයාගෙ ex-girlfriend ගොඩක් පොහොසත් කෙනෙක් එක්ක යාලු වෙලා ඒ boy එක්ක Seoul වලට පැනලා ගිහින් තිබුනා. එයාගෙ noona විදියට මම උපරිම උත්සහා කලේ එයාව සනසන්න. ඇත්තටම අපි දෙන්නා එකම ඇඳේ එකට නිදාගත්තෙ කොහොමද කියන එක තාමත් මට ප්‍රශ්නයක්.
YOU ARE READING
° Hold Me Tight °
Fanfic" She hugged me tight. Her hug calmed me down. A comfortable warmth spread across my chest and it felt like home. I hugged her tighter. I was so scared if I let her go, she might disappear on the spot. I loved her that much. My love for her never fa...