Hold Me Tight ♡
• 14th Phase •
Hae Won's P.O.V.
Phone එකේ එහා පැත්තෙන් ඒ ගෑනු කෙනාගෙ කටහඬ ඇහෙද්දි මට දැනුනෙ කියා ගන්න බැරි වේදනාවක්. මගේ ඇස් වලින් නොකඩවා කඳුලු කඩන් වැටෙන හැටි මට දැනුනා. නැහැ, නැහැ,මම අඬන්න ඕනෙ නැහැ. හෙමින් උඩ බලපු මම උත්සහා කලේ මගේ කඳුලු හන්ගගන්න."Yeoboseyo? Yoongi, ඇයි ඔයා කතා කරන්නේ නැත්තේ? ඔයා line එකේ ඉන්නවද? " ඒ ගෑනු කෙනා ආයෙත් කතා කලා.
"මට සමාවෙන්න ma'am. Mr. Min ට දැන් කතා කරන්න විදියක් නැහැ. එයා මේ වෙලාවෙ photoshoot එකක ඉන්නේ. ආහ්.. පොඩ්ඩක් ඉන්න, එයාගෙ shoot එක මේ දැන් ඉවර උනා. මම phone එක Mr. Min ට දෙන්නම්. " මම එයාට උත්තර දුන්නා. මම පුලුවන් තරම් normal විදියට කතා කරන්න උත්සහා කලා. මම හිතනවා එයාට මුකුත් අමුත්තක් තේරෙන්නේ නැතුව ඇති කියලා.
"ඔයා කවුද? " ඒ ගෑනු කෙනා ඇහුවෙ ටිකක් හයියෙන්. මාව එකපාරටම ගැස්සිලා ගියා.
මම ඔයා ඔය කතා කරන man ගෙ legal wife!!
ඇත්තටම මට ඕනෙ උනේ ඒ ටික එයාට කියන්න. ඒත්, නැහැ. මට දැන් එහෙම කියන්න කිසිම අයිතියක් නැහැ. මොකද මම මීට අවුරුදු පහකට කලින් අපේ divorce එක file කරලා ඉවරයි.
"අහ්ම්.. ඇත්තටම මම production assistant කෙනෙක් ma'am. Mr. Min මෙතන නැති නිසා මටයි එයාගෙ phone එක answer කරන්න උනේ. " මම කතා කලේ පුලුවන් තරම් ඉවසීමෙන්. මම යටි තොල හපාගෙන හිටියෙ මගේ අතින් වෙන දෙයක් කියවෙන්න නොදී.
"ඕහ්.. ඔයාට පුලුවන්ද එහෙනම් එයාට phone එක දෙන්න? මට ඔයා එක්ක කතා කරන්න උවමනාවක් නැහැ! "
මම එකපාරටම ඇස් දෙක පියාගත්තෙ ඉවසගෙන ඉන්න බැරිම තැන. නැත්නම් මම දැනටමත් මේ ගෑනු කෙනාට කෑගහලා. 😬
ඇත්තටම මෙයා මොන ජාතියෙ කෙනෙක් ද? Yoongi ටත් මේ වගේ කෙනෙක් ඇරෙන්න වෙන කෙනෙක් හිටියෙම නැද්ද?Phone එකත් අරගෙන මම කෙලින්ම ගියේ BTS waiting room එකට. තට්ටු කරන්නෙවත් නැතුව room එකේ දොරත් ඇරගෙන එකපාරටම ඇතුලට ගියපු මම දිහා හැමෝම පුදුමෙන් වගේ බලාගෙන හිටියා. අනිත් members ලා මට greet කලත් මම එයාලව ගනන් ගත්තෙ නැත්තේ, ඇත්තටම ඒ වෙලාවෙ මගේ ඇස් යොමු වෙලා තිබුනෙ එතන හිටපු එක් කෙනෙක් දිහා විතරක් නිසා. Yoongi එතන තිබුනු couch එක්ක හාන්සි වෙලා ඇස් දෙක පියාගෙන හිටියා.
YOU ARE READING
° Hold Me Tight °
Fanfiction" She hugged me tight. Her hug calmed me down. A comfortable warmth spread across my chest and it felt like home. I hugged her tighter. I was so scared if I let her go, she might disappear on the spot. I loved her that much. My love for her never fa...