11| I Need U 🍂

292 52 19
                                    

[I need U piano version එක අහන ගමන් කියවන්න ළමයි! 😊💜️]

Hold Me Tight ♡

• 11th Phase •

Hae Won's P.O.V.
මම දන්නේ නැහැ අපි දෙන්නා කොච්චර වෙලාවක් sidewalk එක උඩ, එකට තුරුලු වෙලා හිටියද කියලා. ටිකක් සන්සුන් උනු මම ඔලුව උඩට හරවලා එයාගෙ දිහා බැලුවා. එයා මගේ දිහා බලාගෙන හිටියෙ ගොඩක් දුකෙන්. එකපාරටම මම එයාව අතෑරලා එයාගෙන ඈත් උනේ මෙච්චර වෙලා අපි හිටපු විදිය මතක් වෙලා. වටපිට බලපු මම දැක්කේ මිනිස්සු අපි දිහා බල බල යන හැටි. සමහර අයගෙ camera phones පවා එලියට ඇවිත් තිබුනා, අනිවාර්යයෙන්ම මගේ drama scene එක record කරගන්න ඇති. මම ලැජ්ජාවෙන් ඔලුව බිමට හරවගත්තා. වෙලාවට yoongi සම්පූර්ණයෙන්ම cover කරගෙන හිටියෙ, මම හිතනවා කවුරුවත් එයාව අඳුරගන්නේ නැතුව ඇති කියලා.

"මට සමාවෙන්න." එහෙම කියලා ඔලුව නවපු මම හැදුවෙ පිටිපස්ස හැරිලා ඇවිදගෙන යන්න. ඒත් මම අඩියක් වත් තියන්න කලින්, එයා මගේ අතින් අල්ලගෙන මාව cab එක ඇතුලෙන් වාඩි කෙරෙව්වා. මම එයාව නවත්තන්න හැදුවෙ නැහැ. මොකද එයාව නවත්තන්න තරම් ශක්තියක් මට ඒ වෙලාවෙ ඉතුරු වෙලා තිබුනේ නැහැ.

මිනිත්තු කීපයක් නිහඬව ගත උනා. අන්තිමට මම කතා කරන්න තීරණය කලා.

"අපි මේ කොහෙද යන්නේ? " මම එහෙම ඇහුවත් එයා කිසිම reply එකක් දුන්නේ නැහැ. හොඳටම මහන්සියෙන් හිටපු නිසා මම එයාගෙන් ඒ ගැන හාර හාර අහන්න ගියේ නැහැ. ජනේලෙට ඔලුව තියාගත්තු මම ඇස් දෙක පියාගත්තා. Miss Hae Ra කියපු ඒ වචන තාමත් මගේ හිතේ රැව් පිලිරැව් දුන්නා. "මම ඔයාගෙ අම්මා නෙවෙයි". මම දන්නවා මගේ හිතට එන මේ දුක මගේම වරදක් කියලා. මට එච්චර බලාපොරොත්තු තියාගන්නේ නැතුව ඉන්නයි තිබුනේ. මගේ ඇස් වලින් කඳුලක් කම්මුල දිගේ පහලට වැටුනා. මම ඒක පිහදාන්න හදනකොටම ඒක වෙන කෙනෙක් කලා. ඇස් දෙක ඇරලා බලපු මම දැක්කේ මගේ කම්මුලට අත තියාගෙන මගේ දිහා බලාගෙන ඉන්න Yoongi ව.

"මං හිතනන්නේ, ඔයා මෙහෙම දුක් වෙන්න හේතුව මට කිව්වොත් හොඳයි. ඔයා මෙහෙම දුක් වෙනවා මට බලන් ඉන්න බැහැ. " මගේ ඇස් දෙක දිහා කෙලින් බලාගෙන එයා මට එහෙම කිව්වා. මගේ හදවත ආයෙත් සැරයක් ගැහෙන්න ගත්තා. මේ තමයි මම ආදරේ කරපු, මම දන්න, මගේ Yoongi. පිටතින් එයා ගොඩක් නපුරු කෙනෙක් වගේ පේන්න පුලුවන්, ඒත් හිත ඇතුලෙන් එයා ගොඩක් සංවේදී වගේම අනිත් අය ගැන ගොඩක් හිතන කෙනෙක්.

° Hold Me Tight °Where stories live. Discover now