04| Will You Hold Me? 🍂

311 65 30
                                    

Hold Me Tight ♡

• 4th Phase •

Hae Won's P.O.V.
මම උදෙන්ම නැගිට්ටා. ඒත් අදත් ඊයෙ වගේම පොඩි කරකැවිල්ල ගතියක් දැනුනා. warmer එකක් ඇඳගෙන හිටියත් මට පොඩි සීතලක් දැනුනා. මම නළලට අත තියලා බැලුවා. වෙනදට වැඩිය ලොකු රස්නයක් දැනුනත්, මම හිතුවා ඒ මගේ room එක සීතල නිසා වෙන්නැති කියලා. මට heater එක on කරන්න අමතක උනා නේ.. මේ ඔක්තෝම්බර් මාසය නිසා කාලගුණය වෙනස් වෙන්න පටන් අරන්. එන්න එන්න සීතල වෙනවා. ඇඳෙන් නැගිටින්න හැදුවත් balance එක නැතිවුනු මම ආයෙත් ඇඳ උඩට වැටුනා.

මම ඔලුව දෙපැත්තට වැනුවෙ කරකැවිල්ල ගතිය ටිකක් තදට දැනුනු නිසා. නෑ.. මට ලෙඩ වෙන්න බැහැ.. මට ගොඩක් වැඩ කරන්න තියෙනවා.. ඇරත් තාම මම මෙහෙට ඇවිත් දවස් දෙකයි. කොහොමද මම මෙච්චර weak උනේ?

Andwae!!! මේක වෙන්න බැහැ! Hae won! ඔයා ගොඩක් strong වගේම healthy ගැනු ලමයෙක් නේ..

අමාරුවෙන් හරි නැගිටපු මම room එකෙන් එලියට ගියේ ගෙදර වැඩ ටික පටන් ගන්න..

Kitchen එකට යන අතරමග මට හම්බඋනේ හැම තිස්සෙම smiling angel කෙනෙක් වගේ ඉන්න hoseok ව.

"Good morning Noona..! ඔයා මේ කොහෙද යන්නේ?" එයා ඇහුවෙ හිනා වෙන ගමන්.

"Good morning! අහ්ම්.. මම යන්නෙ kitchen එකට.." මමත් එයාට හිනා වෙලා උත්තර දුන්නා.

"ඔයා උයන්නද යන්නෙ?" එයා ඇහුවෙ පුදුමෙන් වගේ.

ලාවට හිනාවක් දාපු මම 'නෑ' කිව්වා.. "ඇත්තටම මම හරියට උයන්න දන්නේ නැහැ.. මට සමාවෙන්න" මම කිව්වෙ හරියට උයාගන්නවත් බැරි මම ගැන ලැජ්ජා වෙන ගමන්..

"ඕහ්... ඒකට කමක් නැහැ, ඇත්තටම ඔයාට උයන්න ඕනෙ වෙන එකක් නැහැ.. Jin hyung ඒ වැඩේ කරනවා.. අනික yoongi hyung උත් -----" hoseok කියාගෙන කියාගෙන ගියා.

"Yoongi..?" මම ඇහුවෙ මට ඒ ඇහුනු දේ අදහගන්න බැරි උනු නිසා..
එයාට උයන්න පුලුවන් කියලා මම කවදාවත් අහලා නෑ.. මගේ ජීවිතේට එක පාරක් වත් අහලා නෑ..

Hoseok ආයෙත් එයාගෙ ලස්සන හිනාව දැම්මා.
"ඔව්.. Jin hyung ටයි yoongi hyung ටයි තමයි අපි අතරින් හොඳටම උයන්න පුලුවන්." Hoseok කිව්වේ එයාගෙ thumbs දෙක උඩට උස්සන ගමන් හිනා වෙවී..
ඒකට නම් මට හිනා නොවී ඉන්න බැරි උනා.. 😂
එයා හරිම හුරතල්... 😍

° Hold Me Tight °Where stories live. Discover now