Hold Me Tight ♡
• 25th Phase •
Hae Won's P.O.V.
මාත් එක්ක මේ හැමදෙයක් ගැනම කතා කරන්න ඕනෙ කියලා එයා තරයේම කිව්වා. මම ඒකට එකඟ උනත් මම හැදුවෙ මේ ගැන එයා එක්ක වෙන දවසක කතා කරන්න. ඒත් එයා ඒක ප්‍රතික්ෂේප කලා. මම දන්නවා, එයාට දැන් මාව විශ්වාස කරන්න බැරුව ඇති. ඔව්, ඇත්තටම එයා එහෙම හිතන එක සාධාරණයි. මම එයාව දාලා යන්න ගියා; එකපාරක් නෙවෙයි දෙපාරක්ම. ඒ නිසා අන්තිමට එයා නැවතුනේ, එයාවත් අපිත් එක්ක අපේ ගෙදරට එක්කන් යන්න කියලා මට බල කරලා. Jimin අපිට ඒ ගමන තනියම යන්න ඉඩ දුන්නෙ, එයා hotel එකට ගිහින් ටිකක් rest කරන්නම් කියලා කියන ගමන්. ඇත්තටම ඒ වෙලාවෙ එයා අපිව හොඳට තේරුම් ගත්ත එක ගැන මට ගොඩක් සතුටු හිතුනා.මගේ එහාපැත්තෙ passenger seat එකේ වාඩි වෙලා අත් දෙකත් පපුව හරහා බැඳගෙන හිටපු එයා දිහාවට මම මගේ ඇස් යොමු කලා. මම හිටියෙ හිත ඇතුළෙ දහසකුත් ප්‍රශ්න හිරකරගෙන. ඒත් එයාට මුහුණ දෙන්න තරම් ශක්තියක් මට තිබුණෙ නැහැ. Yonggi අපි දෙන්නගෙ දරුවා කියලා එයා දන්නවද? ඒක දැනගත්තොත් එයා Yonggi ව මගෙන් ඈතට අරගෙන යයිද? මම හිතනවා එහෙම දෙයක් සිද්ධ වෙන එකක් නැහැ කියලා, ඒත් එහෙම දෙයක් උනොත්, මම කීයටවත් ඒකට ඉඩ දෙන්නෙ නම් නැහැ. මම අපේ දරුවාව එච්චර ලේසියෙන් එයාට දෙන්නෙ නැහැ. පිටිපස්සෙ seat එකේ හිටපු මගේ පුතා දිහා Rearview mirror එකෙන් බලපු මම යටිතොල හැපුවෙ මගේ හිතේ තිබුණු සැකය මිශ්‍ර වුනු ඒ හැඟීම යටපත් කරගන්න උත්සාහ කරන ගමන්. දැනටමත් පුතාට හොඳටම නින්ද ගිහින්. අද දවසෙම ඇති තරම් දුවලා පැනලා එයාට ගොඩක් මහන්සි ඇති.
"ආහ්ම්.. ඇත්තටම ඔයයි Jimin නුයි ඇයි Melbourne zoo එකට ආවෙ? ඔයාලා මොනවද එහේ ඉඳන් කලේ? " මම හැදුවෙ අපි අතර දැන් දිග වෙලාවක ඉඳන් තිබුණු නිහැඬියාව බිඳලා දාන්න. ඒත්, මම බලාපොරොත්තු උනු විදියටම එයාගෙන් ප්‍රතිචාරයක් ලැබුණෙ නැහැ. අඩුම ගානෙ එයා මගේ දිහා බැලුවෙ වත් නැහැ. එයාගෙ ඒ නපුරු හැසිරීම ඇත්තටම මගේ හිතට ගෙනාවෙ ගොඩක් ලොකු වේදනාවක්. ඒත් එයාට ඒ ගැන දොස් පවරන්න මට අයිතියක් නැහැ. මම දන්නවා, අකමැත්තෙන් උනත් මට ඒ දඬුවමට මුහුණ දෙන්න සිද්ධ වෙන බව. මේ හැමදෙයක්ම සිද්ධ උනේ මගේ වැරැද්දෙන්. දිග හුස්මක් හෙලපු මම වාහනය drive කරන එකට මගේ අවධානය යොමු කලා.
YOU ARE READING
° Hold Me Tight °
Fanfic" She hugged me tight. Her hug calmed me down. A comfortable warmth spread across my chest and it felt like home. I hugged her tighter. I was so scared if I let her go, she might disappear on the spot. I loved her that much. My love for her never fa...