Hold Me Tight ♡
• 26th Phase •
Hae Won's P.O.V.
(5 YEARS AGO)........
"Miss Park Hae Won, මගේ සුබ පැතුම්, ඔයාගෙ DNA Mr. Kim Hyunsoo ගෙ DNA එක්ක 99.99% ක්ම ගැළපෙනවා. " ලොකු සතුටක් මුහුණෙ රඳවගෙන එහෙම කියපු doctor, අපේ DNA test එකේ result sheet එක, මට එහාපැත්තෙ එයාගෙ wife එක්ක වාඩි වෙලා හිටපු Mr. Kim ගෙ අතට දුන්නා. මම හිටියෙ ගොඩක් පුදුමෙන්, මුකුත්ම හිතාගන්න බැරුව. Mr. Kim එයාගෙ නැතිවුණු දුවක් ගැන විස්තර හොයන බව මම දැනගෙන හිටියත්, මගේ හිතට දැනුණෙ ගොඩක් ලොකු පුදුමයක්. ඒත්, පොඩ්ඩක් ඉන්න.. එදා මම එයාව මුණගැහුනු වෙලාවෙ ඇයි එයා මට කිව්වෙ එයා මේ විස්තර හොයන්නෙ එයාගෙ යාලුවෙකුගෙ දුවක් ගැන කියලා? ඇයි එයා මට බොරුවක් කලේ? ඇත්තටම මට ඒක තේරුම් ගන්න බැරි උනා.
අන්තිමට මට මගේ තාත්තාව හොයාගන්න පුලුවන් උන එක ගැන සතුටු වෙන්න ඕන බව මම දන්නවා. ඒත් මගේ හිතට එහෙම කිසිම සතුටක් දැනුනෙ නැහැ. ඒ ආරංචිය ඇහුනු මොහොතෙම Mr. Kim මාව ආදරෙන් වැලඳගත්තා. ඒත් Miss Lee කලේ කට කොනින් යන්තම් හිනා උනු එක විතරයි. මගේ මනසට ප්‍රශ්න වැලක්ම ගලාගෙන ආවා. ඒ හැම ප්‍රශ්නයක්ම එයාලාගෙන් අහන්න මට ලොකු ඕනෑකමක් තිබුණා. මට ඕනෙ මගේ අතීතය ආයෙත් හාරවුස්සන්න නෙවෙයි, මට ඇත්තටම ඕනෙ කලේ මගේ ඒ හිස්තැන් වලින් පිරුණු අතීතය හරියටම දැනගන්න. ඇයි එයා මගේ අම්මාව දාලා ගියේ? අපි දෙන්නා එයාගෙ ජීවිතේ එක කාලෙකදි උනු වැරැද්දක ප්‍රතිඵලයක් විතරයි ද? ඒ නිසාද එයා අපි දෙන්නව දාලා ගියේ? එයා මගේ අම්මාව දාලා යද්දි, මගේ අම්මා pregnant බව වත් එයා දැනගෙන හිටියද? නොකඩවා හිතට ගලාගෙන ආපු සිතුවිලි ගොන්නක හිර වෙලා හිටපු මම පියවි සිහියට ආවෙ Mr. Kim ගෙ කටහඬ ඇහුනු නිසා.
"අපේ පවුලට ඔයාව සාදරයෙන් පිලිගන්නවා! ඉතින් ඔයා කවදද අපේ ගෙදරට එන්නේ? අද හවසම එනවද? ඔයාගෙ බඩු අපේ ගෙදරට අරන් එන්න මම මගේ සේවකයො කීපදෙනෙක්ව එවන්නම්. " Mr. Kim කතා කලේ ගොඩක් නොඉවසිල්ලෙන්. මම? එයාගෙ ගෙදරට යන්න? එයාගෙ පවුලත් එක්ක එහේ ජීවත් වෙන එක ගැන ඇත්තටම මම හිතුවෙ නැහැ. මට ඕනෙ උනේ මගේ ආත්තම්මාගෙ අන්තිම කැමැත්තට අනුව මගේ තාත්තාව හොයාගන්න මිසක් එයාගෙ පවුලෙ කොටසක් වෙන්න නෙවෙයි. එයාලගෙ පවුලට එකතු වෙලා එයාලා එක්ක ජීවත් වෙන්න ඇත්තටම මට කිසිම ඕනෙ කමක් තිබුනෙ නැහැ. එයාලා එක්ක ජීවත් වෙන්න යන්න මට හේතුවක් තිබුනෙ නැහැ. එයයි අපිව දාලා ගියේ. ඒකෙ තේරුම අපි එයාගෙ ජීවිතේ කොටසක් වෙනවා දකින්න එයා කැමති නැහැ කියන එක. දැන් මට ඇත්තටම ඕනෙ උනේ මේ හැමදෙයක් ගැනම එයා එක්ක කතා කරන්න. මගේ හැම ප්‍රශ්නෙකටම උත්තර දැනගන්න.
YOU ARE READING
° Hold Me Tight °
Fanfiction" She hugged me tight. Her hug calmed me down. A comfortable warmth spread across my chest and it felt like home. I hugged her tighter. I was so scared if I let her go, she might disappear on the spot. I loved her that much. My love for her never fa...