Hold Me Tight ♡
• 6th Phase •
Hae Won's P.O.V.
"ඇත්තටම අපි දෙන්නා.....---"
එයාලට ඇත්ත කියන්න මම ලෑස්ති වෙලයි හිටියේ. මොකද මම දන්නවා එයාලා yoongi ට සලකන්නේ එයාලගෙම සහෝදරයෙක්ට වගේ කියලා. මම එයාලට විස්තරේ කියන්න හදද්දිම taehyung කලබලෙන් දුවගෙන ආවා."Hyung ! reporters ලා ඇවිත්.. එතන ලොකු කලබලයක්! "
Taehyung හති දම දම Jin ට විස්තරේ කිව්වා.Jin මගේ දිහා දුකෙන් වගේ බලලා taehyung ගෙ පැත්තට හැරුනා.
"කෝ අනිත් අය?" Jin සන්සුන්ව ඇහුවා.
"මම දන්නෙ නෑ.. මම bathroom එකට ගියා, ඊටපස්සේ මම අනිත් අයව හොයාගෙන එලියට යන්න ගියා. පස්සෙ තමයි මම දැක්කෙ lobby එකේ reporters ලා පිරිලා ඉන්නවා. ඒ නිසා මම ඉක්මනටම ඔයාලව හොයාගෙන මෙතෙන්ට ආවා." Taehyung කිව්වා.
Hoseok නොඉවසිල්ලෙන් නියපොතු හපන්න ගත්‍තා.
"මොකක්ද අපි දැන් කරන්නෙ hyung? " එයා ඇහුවෙ කලබලෙන්."දැනට අපිට මේ room එකට වෙලා ඉන්න වෙනවා. මම Hobeom
hyung ටයි Sejin hyung ටයි කියන්නම් අපිට උදව් කරන්න කියලා.
Hoseok-ah, අනිත් අයට call කරලා කියන්න කොහේවත් යන්නෙ නැතුව ඉන්න තැන් වලටම වෙලා ඉන්න කියලා, ඒ වගේම Tae...
මෙන්න මෙතනින් වාඩිවෙලා TV එක බලන්න." එහෙම කියපු Jin කලබලෙන් phone එක ඔබන්න ගත්තා. මම hoseok දිහා බැලුවා. එයත් කර කර හිටියේ ඒකමයි. මොකක්ද මේ වෙන්නෙ කියලා මට එයාලාගෙන් අහන්න ඕනෙ උනත් හැමෝම busy නිසා මමත් tae එක්ක වාඩි වෙලා TV එක බලන්න ගත්තා."Taehyung-ssi, මොකක්ද මේ වෙන්නේ?" මම එයාගෙන් ඇහුවත් එයා මාව ignore කලා. මම ආයෙත් එයාගෙන් ඒ ගැන ඇහුවත්, එයා
දිගටම TV එක දිහා බලාගෙන හිටියා. මම බැරිම තැන එයාගෙ shirt එකෙන් ඇද්දෙ එයාගෙ attention එක ගන්න. ඒත් එයා කලේ මගේ දිහා බලාගෙන හිටපු එක විතරයි.මොකක්ද එයාට වෙලා තියෙන්නේ? එයා මම එක්ක තරහින්ද? ඒත් ඇයි?
"ඇයි ඔයා මට මෙහෙම සලකන්නේ? මම ඔයාට මොකක් හරි වැරද්දක් කලාද? මම බැරිම තැන ඇහුවේ මගේ ඇස් දෙකෙන් හෙමින් කඳුලු කඩන් වැටෙද්දි. ඇයි මම මෙහෙම හැසිරෙන්නෙ?
මම හිතන්නෙ මම සංවේදී වෙනවා වැඩී. මට ඇත්තටම දැනගන්න ඕනෙ මේ මොකක්ද වෙන්නේ කියලා. ඇයි reporters ලා ඇවිත් ඉන්නේ? Yoongi හොඳින් ද ? අනිත් අය හැමෝමත් හොඳින් ද ?
YOU ARE READING
° Hold Me Tight °
Fanfiction" She hugged me tight. Her hug calmed me down. A comfortable warmth spread across my chest and it felt like home. I hugged her tighter. I was so scared if I let her go, she might disappear on the spot. I loved her that much. My love for her never fa...