Hold Me Tight ♡
• 17th Phase •
Hae Won's P.O.V.
මම sing කරලා ඉවර වෙද්දිම මගේ ඇස් දෙකෙන් මටත් නොදැනිම කඳුලු කඩන් වැටෙන්න පටන් ගත්තා. ඒත් පිටිපස්ස හැරුනු මම ඉක්මනින් ඒවා පිහිදගත්තෙ Yoongi දකියි කියලා හිතලා.මම ආයෙත් හැරුනු ගමන්ම මට ඇහුනෙ ලොකු අත්පොලසන් නාදයක්. Shop එකේ හිටපු customers ලා හැමෝම අපි දෙන්නාට අත්පුඩි ගැහුවා. මම ඒ දිහා බලාගෙන හිටියෙ ගොඩක් පුදුමයෙන්.
Mr. Jung නුත් අපේ දිහා බලාගෙන හිටියෙ, සතුට වගේම සෙනෙහස පිරුනු ඇස් වලින්. ආයෙත් kitchen එකට යන්න කලින් එයා මගේ දිහා බලලා මහපටැඟිලිත් උස්සලා මට සන් කලේ 'නියමයි' කියලා. Customers ලා ගෙ reaction එක නිසා ඇත්තටම මට දැනුනෙ ලොකු සතුටක්. Piano එකෙන් නැගිටපු yoongi, මගේ අතත් අල්ලගෙන එයාලා හැමෝටම ආචාර කලා."ඔයා ලස්සනට sing කලා noona, මම හැමදාම ඔයාගෙ ඔය ලස්සන voice එකට ගොඩක් ආස කලා. මම කැමතියි හැමදාම ඔයාගෙ ලස්සන කටහඬ අහන්න. " Yoongi මගේ කන ලඟට ඇවිත් මිමිණුවා. එයාගෙ හුස්ම මගේ කන් වල වැදෙද්දි මට දැනුනෙ මගේ ඇඟ ඇතුලෙ විදුලි කොටනවා වගේ. එයා හිටියෙ මට ගොඩක් ලං වෙලා. ඇත්තටම මොකක්ද මට මේ දැනෙන හැඟීම? අපි table එකට ඇවිත් වාඩි වෙනකන්ම එයා මගේ අත අත් හැරියෙ නැහැ. එයා මගේ chair එක ඇදලා මට වාඩි වෙන්න උදව් කරලා මගේ ඉස්සරහ තිබුනු එයාගෙ seat එකෙන් වාඩි උනා. මම කවදාවත් yoongi ගෙන් මේ විදියෙ හැසිරීමක් බලාපොරොත්තු උනේ නැහැ. එයාගෙ මේ හැසිරීම මගේ හදවත ගැහෙන වේගෙ තවත් වැඩි කලා. මම අතින් මට හුලං ගහගන්න පටන් ගත්තෙ මගේ කම්මුල් වල ඉහල නගින උණුසුමක් මට දැනුනු නිසා.
"ඔයා හොඳින් ද noona? " Yoongi මගේ දිහා බලලා ඇහුවෙ ටිකක් දුකෙන්. "ඔයාගෙ මූණ හොඳටම රතු වෙලා. "
දිග හුස්මක් අරගෙන ටිකක් සන්සුන් උනු මම එයාට උත්තර දුන්නා. "ඔ..ඔව්.. මම හොඳින්. මට ප්‍රශ්නයක් නැහැ. ආහ්, සමහරවිට මේ lights නිසා වෙන්නැති. 😅 " මම එයාට කිව්වේ මට ඇත්තටම දැනෙන දේ එයාගෙන් හංගන්න උත්සහා කරන ගමන්.
ටික වෙලාවකට පස්සේ අපේ orders table එකට ආවා.
YOU ARE READING
° Hold Me Tight °
Fanfiction" She hugged me tight. Her hug calmed me down. A comfortable warmth spread across my chest and it felt like home. I hugged her tighter. I was so scared if I let her go, she might disappear on the spot. I loved her that much. My love for her never fa...