Hold Me Tight ♡
• 23rd Phase •
Yoongi's P.O.V.
"මට සමාවෙන්න. ඔයා ඒකට උත්තර දෙන්න ඕනෙ නැහැ. ඒක අමතක කරලා දාන්න. " කඳුලු පිරුනු ඇස් අස්සෙන් හෙමින් හිනා වෙන ගමන් එහෙම කියපු Hae won noona එකපාරටම sofa එකෙන් නැගිට්ටෙ මම උත්තරයක් දෙන්නත් කලින්. "මම දැන් යන්න ඕන. " එහෙම කියපු එයා ඉස්සරහ දොර ලඟට ඇවිදගෙන ගියා. ඒ මොහොතෙ මගේ හදවත මොකක්දෝ ලොකු බයකින් ගැහෙන්න ගත්තා. ඇයි මට මෙහෙම දැනෙන්නේ? මම එයාව නැවැත්තුවෙ නැත්නම්, සදහටම මට එයාව නැතිවෙයි කියලා හැඟීමක් මට දැනෙන්නෙ ඇයි?"මොකක්?? ඔහොම නවතින්න noona!!!" මම එයාගෙ අතින් ඇදලා එයාව නැවැත්තුවා. හෙමින් එයාව මගේ පැත්තට හරවගත්තු මම දැක්කෙ, එයාගෙ සියුම් කම්මුල් දිගේ සිහින් කඳුලු බිඳු බේරෙන හැටි. ඒ ඇස් වල කඳුලු දකිද්දි මගේ හදවත වේදනාවෙන් රිදුම් දුන්නා. එයාගෙ ඇස් වල කඳුලු තමයි මම මේ ලෝකෙ දකින්න අකැමතිම දේ. එයා මේ විදියට දුකින් ඉන්නවා මට කොහොමටවත් බලන් ඉන්න බැහැ. මම හෙමින් එයාගෙ ලඟට ලං උනේ අපි අතරෙ අඟල් කිහිපයක දුරක් විතරක් ඉතුරු වෙද්දි. මම එයාගෙ කම්මුල මගේ අතින් උඩට උස්සලා එයාට මගේ දිහා බලන්න සැලැස්සුවා. එයාගෙ ඇස් වල පිරිලා තිබුනේ කියාගන්න බැරිතරම් ලොකු දුකක්. එයාගෙ හිතේ පිරිලා තියෙන හැම දුකක්ම නැති කරලා දාන්න පුලුවන් නම් කියලා මට හිතුනා. මම එයාගෙ මූණ මගේ අත් අතරට මැදි කරලා, එයාගෙ ඇස් වලින් නොකඩවා කඩන් වැටෙන කඳුලු හෙමින් පිහදැම්මා.
"Noona, මොකක්ද මේ ප්‍රශ්නෙ? ඔයා දන්නවා නේද ඔයාට මාත් එක්ක ඕනෙම දෙයක් කියන්න පුලුවන් කියලා ආහ්? මම තාමත් ඔයාගෙ husband. " මම එයාව උනන්දු කලත් එයා වචනයක් වත් කතා කලේ නැහැ. හෙමින් මගේ අත අරගෙන තදින් අල්ලගත්තු එයා දිග හුස්මක් හෙලලා ඇස් දෙක පියාගත්තා.
"මම දන්නවා ඔයාට තීරණයක් ගන්න අමාරුයි කියලා. ඒ නිසා මම ඔයා වෙනුවෙන් තීරණයක් ගන්නවා. මම දන්නවා මේ විදියෙන් ඔයා ගොඩක් සතුටු වෙයි කියලා. " ආයෙත් දිග හුස්මක් ගත්තු එයා දිගටම කතා කලා. "මම ඔයාට ආදරෙයි Min Yoongi, අපි පොඩි කාලෙ ඉඳන් අද වෙනකන්ම. මම ඔයාට ගොඩක් ආදරෙයි, ඔයාගෙ සතුට ඇරෙන්න වෙන කිසි දෙයක් මට ඕනෙ නැහැ. " ඇස් දිගේ බේරෙන කඳුලු අස්සෙන් එහෙම කියපු එයා මගේ අත්ල අරගෙන සියුම්ව සිපගත්තා. එයාගෙ ලස්සන පුංචි ඇස් වලින් නොකඩවා කඳුලු කඩන් වැටෙන්න ගත්තා. ඇයි එයා මෙහෙම අඬන්නේ? එයාගෙ හිතේ මං වෙනුවෙන් තියෙන ආදරේ එයා මේ මොහොතෙ මගේ ඉස්සරහ confess කරනවා උනත්, ඇයි එයා මේ අඬන්නේ? මට මේ කිසිම දෙයක් තේරුම් ගන්න බැහැ. එයා ඒ කියපු දේ නිසා ඇත්තටම මට සතුටු වෙන්න ඕනෙ උනත් එයා මේ විදියට අඬනවා දකින කොට මගේ හිතට දැනෙන්නෙ ලොකු වේදනාවක්.
YOU ARE READING
° Hold Me Tight °
Fanfiction" She hugged me tight. Her hug calmed me down. A comfortable warmth spread across my chest and it felt like home. I hugged her tighter. I was so scared if I let her go, she might disappear on the spot. I loved her that much. My love for her never fa...