(ළමයි, අද කොටස මේ Hold Me Tight song එක අහනගමන් කියවන්න හොදද? 😍)
Hold Me Tight ♡
• 18th Phase •
Hae Won's P.O.V.
මගේ කටින් එහෙම කියවුනා කියලා මට හිතාගන්නත් බැරි උනා. මම එකපාරටම අඬන එක නැවැත්තුවා. මගේ ඇස් පුදුමෙන් උඩ ගියේ මම මේ දැන් Yoongiට මගේ ඇත්තම හැඟීම් confess කරා කියලා මතක් වෙද්දි. මම හිත යටින් මටම බැනගත්තා. මට මගේ හැඟීම් පාලනය කරගන්නයි තිබුනෙ. ඊර්ෂ්‍යාවට මගේ හැඟීම් පාලනය කරන්න ඉඩ දෙන්නෙ නැතුව ඉන්නයි මට තිබුනෙ.Yoongi මගේ දිහා බලාගෙන හිටියෙ පුදුමය පිරුණු ඇස් වලින්. ටික වෙලාවක් යනකන් එයා හෙලවුනේ වත් නැතුව පිළිමයක් වගේ හිටියා. ඒත් ටික වෙලාවකින් එයා තොල් හපාගත්තෙ හිනාව හංගගන්න උත්සහා කරන ගමන්. ආහ්! එහෙම කරද්දි එයා මාරම cute! මට දැනුනෙ මගේ හදවත වේගෙන් ගැහෙන හැටි. කොහොමද එයා මගේ හැඟීම් මෙච්චර ඉක්මනට වෙනස් කලේ?
"ඔයා මට ආදරෙයි. " එයා මගේ ඇස් දිහා කෙලින් බැලුවෙ ලස්සන හිනාවක් එක්ක. එයාගෙ ඇස් වල පිරිලා තිබුනෙ ලොකු විශ්වාසයක්.
"Aniyo! (නැහැ) " මම එහෙම කිව්වේ එයාට මගේ වෙනසක් නොපෙනෙන විදියට හැසිරෙන ගමන්. මම ඒක ප්‍රතික්ෂේප කලේ මගේ පිටි අල්ලෙන් කඳුලු පිහදාන ගමන්. මම seatbelt එකත් ගලවලා දාලා car එකේ door එක open කරන්න හැදුවත්, වැඩක් උනේ නැහැ. ඒක තාමත් locked. මට මෙතනින් යන්න ඕනෙ. මෙතන මට දැනෙන්නේ ලොකු අපහසුවක්. මට confess කරන්නෙ නැතුව ඉන්නයි තිබුනෙ. මේක මම හිතාගෙන හිටපු දෙයක් නෙවෙයි. අපි ලඟදිම divorce වෙන්න ඕනෙ.
"ඔයා මේ දැන් ඒක කිව්වා. මට ඒක පැහැදිලිවම ඇහුනා. දැන් ඔයාට ආයෙත් ඔයාගෙ වචන ගන්න බැහැ. ඔව්, මට ඔයාට බනින්න බැහැ. මම ඇත්තටම ආදරණීයයි තමයි. " එයා ඒක කිව්වෙ ටිකක් තරහින්, උරහිස් අකුළන ගමන්. එයාගේ ඇස් වල රැඳිලා තිබුනු විශ්වාසය මාව ටිකක් අපහසුතාවයට පත් කලා.
"මොකක් හරි! ඔයා කැමති දෙයක් හිතාගන්න! දැන්, මට යන්න දෙන්න! මට පාඩුවෙ ඉන්න දීලා ඔයා යන්න ඔයාගෙ අර Suran noona ලඟට! " මම එහෙම කියලා කෑගැහුවෙ ගොඩක් තරහෙන්, අත් දෙකත් බැඳගන්න ගමන්.
YOU ARE READING
° Hold Me Tight °
Fanfiction" She hugged me tight. Her hug calmed me down. A comfortable warmth spread across my chest and it felt like home. I hugged her tighter. I was so scared if I let her go, she might disappear on the spot. I loved her that much. My love for her never fa...