03| Closer To You 🍂

350 66 11
                                    

Hold Me Tight ♡

• 3rd Phase •

Hae Won's P.O.V
"Housekeeper..?!" මම පුදුමෙන් ඇහුවා.

"ඇයි? ඔයාට ඔයාගෙ තාත්තාව හොයාගන්න ඕනෙ, එහෙම නේද?
ඒ වගේම යන්නත් තැනක් නැහැ, ඒ වගේම ඔයාගෙ වියදම් වලට සල්ලි හොයාගන්නත් ඕනෙ, ඒකට ඔයාට job එකකුත් ඕනෙ, එහෙම නේද?" එයා ඇහුවා. නෑ.. එයා තදින් කිව්වා කිව්වොත් මම හරි.

මම දෙයක් කියන්න උත්සහා කරා. ඒත් මම මගේ කට වහගත්තා. මට මුකුත් කියාගන්න බැරිඋනා.

"ඒත් hyung, ඔයාට මේ කරන දේ ගැන විශ්වාසද?" Bunny teeth, dark hair එක්ක cute මූනක් තිබුනු boy ඇහුවා.

"ඔයා මේක ගැන company එකත් එක්ක කතා කලාද?" එහෙම ඇහුවෙ Sugar glider කෙනෙක්ව අතේ තියාගෙන හිටපු handsome boy.

"Hyung, එයා saesang කෙනෙක්ද කියලා කවුද දන්නෙ?" ඒ සැරේ ඇහුවෙ taehyung කියන boy.

ඒක ඇහුනු මම ඇස් කරකවලා එයාගෙ දිහා බැලුවා.. මම? මාව එතකොට saesang කෙනෙක් වගේද පේන්නෙ? එයා කොහොමද මට saesang කෙනෙක් කියලා කියන්නේ? Saesang කෙනෙක් වෙන්න මම ලස්සන වැඩී...
මම හිතින් එයාට ගැස්සුවා.

"මම saesang කෙනෙක් නෙවෙයි.. ඇරත් මම මොකටද saesang කෙනෙක් වෙන්නේ? මොකද ඔයාල celebreties ලා ද?" මම එයාලට සමච්චලෙන් වගේ කතා කලා.

එකපාරටම මුලු ගෙදරම නිශ්ශබ්ද උනා.. එලියෙ පුංචි සත්තු කෑගහන සද්දෙ පවා ඇහෙන ගානට...

"ඔයා අපිව දන්නෙ නැද්ද??" Heart shaped mouth එකක් තිබුනු cute boy මගෙන් ඇහුවෙ පුදුමෙන් වගේ.

මම එයාලව දැනගන්න ඕනෙද?

"නැහැ..." මම ලැජ්ජාවෙන් උත්තර දුන්නා. Room එක ඇතුලෙ හිටපු හැමෝම මගේ දිහා බලාගෙන හිටියෙ හරියට නිකන් මම පිටසක්වලින් ආපු alien කෙනෙක් වගේ.

"ශ්..ශ්.. එයාගෙන් ප්‍රශ්න අහන එක නවත්තන්න. එයා ගම්බද පලාතක ජීවත් උනු කෙනෙක්. ඒකයි එයා අපිව දන්නෙ නැත්තෙ.."
Yoongi කිව්වා. ඒත් එයාගෙ කටහඬේ තරහක් ගැබ් වෙලා තිබුනු බව මට තේරුනා.

මොකක්ද එයාට වෙලා තියෙන්නෙ?

මම හුස්මක් ගත්තා... එයා වෙනස් වෙලා නැහැ.. තාමත් ඒ විදියමයි.. පොඩි දේටත් තරහා යනවා.

° Hold Me Tight °Where stories live. Discover now