20| Safe In Your Arms 🍂

267 42 48
                                    


[Thank you so much for 1K+ reads lovelies.. 🥺💕]

Hold Me Tight ♡

• 20th Phase •

Hae Won's P.O.V.
"Excuse me Miss, කරුණාකරලා ඔතනින් පොඩ්ඩක් එහාට වෙන්න පුලුවන්ද? "

මම මගේ හීන ලෝකෙන් මිදුනෙ, අපේ orders තිබුනු cart එක අරගෙන ආපු waiter මට කතා කරපු සද්දෙට. මම ඉක්මනට එතනින් එහාට වෙලා එයාට යන්න ඉඩ දුන්නා. එයා අපි හිටපු booth එකේ දොර ඇරපු ගමන්ම Mr. Kim නුයි එයාගෙ wife නුයි ඒ දිහා හැරිලා බැලුවා. එයාලා දැක්කා මම දොර ලඟ හිටගෙන ඉන්නවා. මට කරගන්න දෙයක් නැතිඋනා. මම හිතනවා එයාලා කතා කරපු දේ මම අහගෙන හිටියා කියලා එයාලට දැනෙන්න නැතුව ඇති කියලා. මම හෙමින් හුස්මක් අරගෙන, පොඩි හිනාවකුත් මූණෙ රඳවගෙන ඇතුළට ගිහින් මගේ seat එකෙන් වාඩි උනා.

ඒ Dinner meeting ඇත්තටම මම හිතපු විදියටම සිද්ධ උනේ නැහැ. Mr. Kim මගෙන් දිගටම ඇහුවෙ මගේ personal දේවල් ගැන. මගේ දෙමව්පියො කවුද, එයාලා තාම ජීවතුන් අතර ඉන්නවද, මම ඉපදුනේ කොහෙදිද, වගේ ගොඩක් ප්‍රශ්න එයා මගෙන් ඇහුවා. මම ඒ ප්‍රශ්න වලට සංවරව උත්තර දුන්නෙ එයාගෙ wife දිහා හොරැහින් බලන ගමන්. එයාගෙ මූණෙ හැඟීම් එකිනෙක වෙනස් වෙන හැටි මම දැක්කා. මම උත්තර දෙන හැම වෙලාවකම එයා ඇහිබැමි උස්සලා මගේ දිහා බැලුවෙ හරියට නිකන් මම කියන දේවල් එයාට විශ්වාස කරන්න බැහැ වගේ. ඒක මට ගෙනාවෙ තවත් ලොකු අපහසුවක්. මම හරියට dinner එක වත් ගත්තෙ නැහැ. Mr. Kim ඒක දැකලා මට තව බෙදාගෙන කන්න කියලා කිව්වත් මම එයාගෙ දිහා ලැජ්ජාවෙන් හිනා උනා මිසක් හරියට කෑම ටික වත් කන්න ආසාවක් මට තිබුනෙ නැහැ.

අපේ dinner meeting එක ඉවර උනාට පස්සෙ Mr. Kim මාව quarters එකට ඇරලවන්න ලෑස්ති උනත් මම එයාගෙ උදව්ව ප්‍රතික්ෂේප කලා. එයාලා car එකට නැගලා එතනින් ගියාට පස්සෙ මට ලොකු සැහැල්ලුවක් දැනුනා. මම දිග හුස්මක් ගත්තා. මම bus station එකට වෙලා bus එකක් එනකන් බලාගෙන ඉද්දි එකපාරටම මගේ phone එක ring උනා. මම පුදුම වෙලා බැලුවෙ ඒකෙ ringtone එක අමුතු නිසා. මට phone එක silent mode දාන්න අමතක වෙලා තිබුනෙ. මම ඒක bag එකෙන් අරගෙන බැලුවෙ කවුද කතා කරන්නෙ කියලා. ඒ Yoongi. මම දන්නවා මම ඒ call එකට answer කරන්න ඕනෙ කියලා. ඒත් මම එහෙම කලේ නැහැ. මට ඒක answer කරන්න තරම් ශක්තියක් තිබුනෙ නැහැ. මම ලොකු හුස්මක් අරගෙන phone එක ආයෙත් bag එකට දැම්මෙ silent mode on කරලා.

° Hold Me Tight °Where stories live. Discover now