29| Lost 🍂

243 42 27
                                    


[A/N :- ]

මුලින්ම හැමෝම මට සමාවෙන්න.. මම මේ අවුරුද්දෙ තමයි A/Ls කළේ.. ඉතින් ඒ නිසා තමයි මෙච්චර දවස් කතාව අප්ඩේට් කරන්න බැරිවුණේ.. 4වෙනිදා තමයි මට exam ඉවරවුණේ.. සමාවෙන්න මෙච්චර දවස් ඔයාලව waiting තියන්න වුණාට.. අද ඉදන් දිගටම මම අප්ඩේට්ස් දෙන්නම්.. ගොඩක් අය අහලා තිබුණා ඇයි මේක අප්ඩේට් කරන්නෙ නැත්තෙ කියලා.. මගේ කතාවට මෙච්චර ආදරේ කරනවට හැමෝටම ගොඩාක් තෑන්ක්ස්.. 😭 අනේ සමාවෙන්න ඔයාලගෙ messages, comments වලට reply කරන්න බැරිවුණාට.. මම හැමෝටම reply කරන්නම් හොදද?
එහෙනම් අද ඉදන් ආයෙත් හැමෝම Hold Me Tight එක්ක එකතුවෙයි කියලා හිතනවා.. සරන්හේ.. 💜️

Enjoy! 🌸

                          ~ °°°°°°°°°°°~

Hold Me Tight ♡

• 29th Phase •

Hae Won's P.O.V.
(Continuation of  Flashback)....

"ඔයා හොඳින්ද? "

ඒ කටහඬ ඇහුණු ගමන් ඔලුව උස්සලා බලපු මම දැක්කෙ, බිම දණගහගෙන මගේ දිහාවට ලේන්සුවක් දික් කරගෙන ඉන්න Jinhwan ව. එයා මගේ දිහා බලාගෙන හිටියෙ ලොකු දුකකින් පිරුණු බැල්මකින්. මම ඔලුව දෙපැත්තට වනලා 'නැහැ' කියලා කිව්වෙ තවමත් මගේ ඇස් වලින් නොකඩවා වැටෙන කඳුලු නවත්තගන්න උත්සහා කරන ගමන්. මගේ ආදරේ හිමිකාරිත්වය තියෙන එකම කෙනාව ඒ විදියට මගඇරලා එන්න උනු එක ගැන මගේ හිතේ තිබුණෙ කියාගන්න බැරි වේදනාවක්. දිග හුස්මක් ගත්තු Jinhwan, එයාගෙ අතේ තිබුණු ලේන්සුවෙන් මගේ කඳුලු පිහදැම්මා. ඒ වගේ හැසිරීමකින් ඕනෙම ගෑනු කෙනෙක්ගෙ හිත උදුරගන්න පුලුවන් උනත් මගේ හිත අයිති මේ ලෝකෙ එකම එක්කෙනෙක්ට විතරයි.

"චේබල්, (please) ඔය අඬන එක නවත්තන්න Hae Won... මේකෙන් ඔයාට මෙච්චර ලොකු වේදනාවක් දැනෙනවා කියලා දන්නවනම්, මට මේ engagement එක කලින්ම නවත්තන්න තිබුණා. මම ඔයාට එයාගෙ ලඟට යන්න උදව් කරන්නම්. ඔයා මේ විදියට වේදනාවෙන් ඉන්නවා බලන් ඉන්න මට බැහැ. " එයාගෙ ඒ වචන වල තිබුණු අනුකම්පාව මට හොදින්ම තේරුම් ගන්න පුලුවන් උනා. ඒත් මේ engagement එක සිද්ධ වෙන්නෙ අපි දෙන්නා අතර විතරක්ම නෙවෙයි. මේක සිද්ධ වෙන්නෙ අපේ තාත්තලා දෙන්නා අතරෙ. ඒ දෙන්නාගෙන් කෙනෙක් මේකට විරුද්ධ උනොත් ඇරෙන්න මේක නවත්තන්න අපිට වෙන කිසිම ක්‍රමයක් නැහැ.

° Hold Me Tight °Where stories live. Discover now