28| If You Only Knew 🍂

333 42 17
                                    

Hold Me Tight ♡

• 28th Phase •

Hae Won's P.O.V.
(Continuation of Flashback).....

මම වෙලාව බලාගන්න ඔරලෝසුව දිහා බැලුවා. දැනටමත් වෙලාව උදේ 7.00යි. තාත්තා මට යෝජනා කරලා තිබුනු ඒ boy එනකන් restaurant එකේ entrance එක ලඟ ඉඳන් බලාගෙන හිටපු මම දිග හුස්මක් හෙලුවෙ, ඇත්තටම මට මේ දේ කරන්න ඕනෙ නැති නිසා. ඒත් මට වෙන කරන්න දෙයක් තියෙනවද? මගේ husband ගෙ ජීවිතේ තියෙන්නෙ අනතුරේ. ආයෙමත් ඒ divorce papers එයාගෙ ලඟට ඇවිල්ලා තියෙනවා දැකපු ගමන් එයාගෙ ප්‍රතිචාරෙ මොන වගේ එකක් වෙයිද කියලා මට හිතාගන්නවත් බැහැ. අනිවාර්යයෙන්ම එයාට ආයෙමත් මන් ගැන ලොකු තරහක් ඇති වෙයි..

"පරක්කු උනාට සමාවෙන්න.. " කල්පනා ලෝකෙ හිරවෙලා හිටපු මම, ඒ ගැඹුරු කටහඬ ඇහෙනවත් එක්කම හොඳටම පුදුම උනා.
පිටිපස්ස හැරිලා බලපු මට දැකගන්න ලැබුනෙ ආයෙත් කවදාවත්ම මට මුණ නොගැහෙයි කියලා හිතපු කෙනෙක්ව.

"Jinhwan?? " මට තාමත් මගේ ඇස් අදහගන්න බැරි උනා. මගේ ඉස්සරහ තිබුනු හිස් පුටුවෙන් වාඩි උනු එයා මගේ දිහා බලලා හිනා උනා.

"අපි ආයෙත් මෙහෙම මුණගැහෙන්නෙ හුඟ කාලෙකට පස්සෙ, එහෙම නේද? ඉතින්, ඔයාට කොහොමද? " එයා ඇහුවෙ සිහින් හිනාවක් මුහුණෙ රඳවගෙන. හිස් බැල්මකින් එයාගෙ දිහා බලාගෙන හිටපු මම ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්නෙ නැතුව, ආපස්සට එයාගෙන් ප්‍රශ්න කලා.

"ඔයා මොනවද මෙහේ කරන්නෙ? එතකොට ඔයා.....? " මම බලාගෙන හිටියෙ එයා මේ හැමදෙයක්ම පැහැදිලි කරයි කියලා හිතලා.

හිසකෙස් අතරින් අත යවන ගමන් එයා දිග හුස්මක් හෙලුවා. ටික වෙලාවකට මගේ හිත එයාට ඇදිලා ගියා. එයා ඇත්තටම ගොඩක් handsome බව මට පෙනුනා. ඒත් මගේ හදවත දැනටමත් වෙන කෙනෙක්ට අයිති වෙලා ඉවරයි.

"ඔව්, මම තමයි ඔයාගෙ fiancé.. " ඒ වචන මාව තවත් පුදුමයට පත් කලා.

"වේයෝ?? (Why?) ඇයි ඒ ඔයාම උනේ? කොහොමද මේක උනේ? " මගේ තාත්තට මාව මෙයාටම marry කරවලා දෙන්න ඕනෙ උනේ ඇයි කියලා මට හිතාගන්න බැරි උනා. මෙයාට මොකක්ද මගේ තාත්තා එක්ක තියෙන සම්බන්ධෙ? කොහොමද එයාලා මුණගැහුනෙ? ඇයි මගේ තාත්තා එයාවම තෝරගත්තෙ?

° Hold Me Tight °Where stories live. Discover now