24| My Heart Beats For You 🍂

291 46 49
                                    

Hold Me Tight ♡

• 24th Phase •

Hae Won's P.O.V.
"Goodbye සොන්සෙන්ග්නීම්! (teacher) See you tomorrow! "

මගේ ළමයි ටික දිහා හිනාවෙමින් බලපු මම එයාලට අත වැනුවෙ සුබ ගමන් කියන ගමන්. එයාලා යනකන් ටික වෙලාවක් බලාගෙන ඉඳලා මම classroom එකෙන් එලියට ආවා. ඒත් මම class එකෙන් එලියට ආපු ගමන්ම, flower bouquet එකකුත් අතින් අරගත්තු කවුදෝ කෙනෙක් ඇවිත් මගේ ඇඟේ හැප්පුනා.

"මේ මොක---" කියන්න හදපු වචන ටික එහෙමම ගිලගත්තු මම flower bouquet එකත් අතේ තියාගෙන ඉන්න ඒ කෙනා දිහා බැලුවා. එයාව දැකපු ගමන් මගේ මුහුණෙ සිහින් සිනාවක් ඇඳුනා.

"සෙන්ග්-ඉල් චුක්කාහේයෝ!! (Happy Birthday) " එකපාරටම එයා මට සුබ පැතුවෙ ලොකු හිනාවකින් එයාගෙ මූණ සරසගන්න ගමන්. මමත් එයාගෙ දිහා හිනාවෙලා බලලා ඒ flower bouquet එක අතට ගත්තා.

"කම්සාහම්නීදා Jinhwan-ssi! (Thank You) "

"ආහ්ම්.. අද හවසට ඔයා මොකක් හරි වැඩක් දාගෙන තියෙනවද? එහෙම මුකුත් නැත්නම් අපි දෙන්නා අද dinner out එකකට යමුද? "  School corridor එක දිගේ ඇවිදගෙන යන ගමන් එයා මගෙන් ඒ විදියට ඇහුවෙ ලොකු කුතුහලයකින්. මම එයාට හෙලුවෙ දුකෙන් පිරුණු බැල්මක්. එයාට බැහැ කියන්න බැරි බව මම දන්නවා උනත් ඒ වෙනකොටත් මම වෙන කෙනෙක් එක්ක හවස් කාලය ගත කරන්න plan කරලයි තිබුනෙ. මට ඒ කාලය එයා එක්ක විතරක් තනියම ගත කරන්නයි ඕනෙ.

"මට සමාවෙන්න...ම----" මම එයාගෙන් සමාව ගත්තත් එයා මම තවදුරටත් කතා කරන එක වැලැක්වුවෙ මගේ මූණ ඉස්සරහින්  අත තියන ගමන්.

"මට තේරෙනවා.." සිහින් සිනාවක් එක්ක එයා එහෙම කිව්වත්, මම දන්නවා එයා ඒ හිනා උනේ හදවතින්ම නොවෙන බව. මට එයා ගැන ලොකු දුකක් ඇති උනත්, මම දන්නවා මේ විදියෙන් හැම අතින්ම හොඳක් සිද්ධ වෙයි කියලා. එයා මගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙනවා දකින්න මට ඕනෙ කමක් නැහැ. මම දන්නවා, අද මම මේ ඉන්න තැනට එන්න එයා මට මොනතරම් උදව් කරාද කියලා. ඒත්, කෘතඥ වීමයි ආදරයයි කියන්නෙ හාත්පසින්ම වෙනස් හැඟීම් දෙකක්. මොන තරම් කාලයක් ගෙවිලා ගියත් මගේ හදවතින්ම මම සදහටම ආදරය කරන්නෙ එකම එක කෙනෙක්ට විතරයි කියන කරුණ මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ. ඔව්, මගේ හදවත, මගේ ආත්මය, මගේ හැමදේකම සදාකාලික හිමිකාරිත්වය තියෙන්නෙ එයාටම විතරයි.

° Hold Me Tight °Where stories live. Discover now