Hold Me Tight ♡
• 33rd Phase •
Hae Won's P.O.V.
("To all of the passengers of Flight SK 6276, please fasten your seatbelt, in 5 minutes we will be landing in Incheon International Airport. It is 6.00 PM local time. Thank you for flying with us, From Captain Kan Junho together with First Officer Kim Jun Suk and all the attendants. Thank You for choosing Jeju Air, we hope to see you again soon. " )
( "SK 6276 ගුවන් යානයේ සිටින සියලුම මගීන් සදහා කෙරෙන නිවේදනයයි, කරුණාකර ඔබේ ආසනපටි තද කරගන්න, තව මිනිත්තු පහකින් අප Incheon ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ලඟා වනු ඇති. කොරියන් සම්මත වේලාව අනුව දැන් වේලාව පස්වරු හයයි. අප සමඟ එක් වූ ඔබ සැමට ස්තූතියි. මීට කැප්ටන් කන් ජුන්ග් හෝ, ඔෆිසර් කිම් ජුන් සක් සමග සියලුම කාර්යමණ්ඩලය. ජේජු ගුවන් සමාගම තෝරාගත් ඔබ සැමට ස්තූතියි. නැවත හමුවෙමු! ")
ඒ නිවේදනයත් එක්කම, මගේ හදවත වේගෙන් ගැහෙන හැටි වගේම මගේ අත්ල එන්න එන්නම දහඩියෙන් තෙත් වෙන හැටිත් මට දැනෙන්න ගත්තා. මගේ හිතේ ඇතිවුණේ යම් පැකිලීමක්. මම සෝල් වලින් යන්න ගිහින් අදට අවුරුදු පහක් විතර ගතවෙලා, මට ඇත්තටම විශ්වාස නැහැ මීට කලින් සිද්ධවුණු හැමදේකටම පස්සෙ මගේ අප්පට වගේම එයාගෙ wife ට මට මුහුණ දෙන්න පුලුවන් වෙයිද කියලා. ඒ වගේම මගේ පැකිලීමට තවත් හේතුවක් වුණේ Yoongi ගෙ Idol ජීවිතය. එයා එක්ක මේ විදියට ආයෙත් සෝල් වලට එනවා කියන්නෙ මෙච්චර කල් එයා මහන්සියෙන්, කැපවීමෙන් හදාගත්තු ඒ career එක, එක තත්පරෙන් උනත් නැතිවෙලා යන්න පුලුවන් කියන එක. ඒත් එයා හැමවෙලේම කිව්වෙ එයා ඒ හැමදෙයක් ගැනම බලාගන්නම් කියලා. දැනට මට කරන්න ඉතුරුවෙලා තියෙන්නෙ එයාව විශ්වාස කරන එක විතරයි...අපේ පුතා වෙනුවෙන්...අපේ පවුල වෙනුවෙන්... මේ හැමදෙයක් ගැනම හිතන ගමන් ජනෙල් වීදුරුවෙන් එළිය බලපු මම, පාරවල් දිගේ දැල්වෙමින් තිබුණු විදුලි ආලෝක දිහා බලාගෙන දිග සුසුමක් පිටකළා.
"බය වෙන්න එපා noona. මම කවදාවත්ම ඔයාවයි අපේ පුතාවයි දාලා යන්නෙ නැහැ. මේ මං මට අයිති දේවල් ආරක්ෂා කරගන්න ඕනෙ කාලය. " මෙච්චර වෙලා අපි අතරෙ තිබුණු නිහඬතාවය බිඳින ගමන් Yoongi කතා කළේ මගේ හිතේ තිබුණු දේ දැනගෙන වගේ. ඒ එක්කම හෙමින් මගේ අත අරගත්තු එයා මගේ අත එයාගෙ දෙතොල් වලට ලං කරලා තදින් සිපගත්තා. එයාගෙ උණුසුම් හුස්ම මගේ අත්වල දැවටෙද්දි මට දැනුණෙ ලොකු ආරක්ෂාකාරී බවක් වගේම ලොකු සැහැල්ලුවක්. එයා මගේ අත සිපගත්තෙ මගේ ඇස් වලින් මොහොතකටවත් එයාගෙ ඇස් ඈත් කරන්නෙ නැතිව. හැමදාමත් වගේ එයාගෙ උණුසුමට මම අවනත වුණා. මොනතරම් කාලයක් ගතවුණත් මගේ හිතේ එයාට තියෙන ආදරේ ටිකක්වත් අඩු වෙලා නැති බව මට ඒ මොහොතෙ තේරුම් ගියා. එයාගෙ ඇස් දිහා බලලා සියුම්ව හිනාවුණු මම ඊලඟට බැලුවෙ අපි දෙන්නගෙ අතරෙ උණුසුමට නිදාගෙන ඉන්න අපේ පුතා දිහා. එයා Yoongi ගෙ පපුවට තුරුලුවෙලා උණුසුමට ගුලිවෙලා හිටියා. ඒ මොහොත මගේ හිත ලොකු සතුටකින් වගේම ආදරයකින් පිරෙව්වා. මේ වතාවෙ මම ඇත්තටම මගේ Yoongi ව විශ්වාස කරන්න ඕනෙ බව මම මගේ හිතේ තදින්ම සටහන් කරගත්තා.
YOU ARE READING
° Hold Me Tight °
Fanfiction" She hugged me tight. Her hug calmed me down. A comfortable warmth spread across my chest and it felt like home. I hugged her tighter. I was so scared if I let her go, she might disappear on the spot. I loved her that much. My love for her never fa...