Hold Me Tight ♡
• 19th Phase •
Hae Won's P.O.V.
මම yoongi ගෙ proposal එකට කැමති උනා. ඔව්, ඇත්තටම මේ marriage එක දිගටම තියාගන්න අපිට පුලුවන් වෙයි. මේ මොහොතෙ මට දැනෙන හැඟීම වචනෙන් විස්තර කරන්න මට තේරෙන්නෙ නැහැ. මට දැනෙන්නෙ නිකන් මාව අහසෙ පාවෙලා යනවා වගේ හැඟීමක්. මෙච්චර කාලයක් මම හිතාගෙන හිටියෙ මගේ ආදරේ ඒකපාර්ශ්විකයි කියලා, ඒත් දැන් මම දන්නවා ඒක එහෙම නෙවෙයි කියලා. අපි quarters එකට යන්න පිටත් උනා. මම හිටියෙ ගොඩක් සතුටින්, මගේ ජීවිතේ කවදාවත් අද දවස තරම් සතුටු උනු දවසක් නැතුව ඇති. මගේ මූණ පුරාම ඇදිලා තිබුනෙ ලොකු සතුටක්. Yoongiත් drive කරන ගමන් මගේ දිහා හොරෙන් බැලුවා. එයාගෙ තොල් වලත් ගොඩක් ලොකු සතුටක් ඇඳිලා තිබුනා. එයාගෙ මූණෙ ඒ තරම් ලස්සන හිනාවක් මම මීට කලින් කවදාවත් දැකලා නැහැ.BigHit quarters එකට ආපු අපි හිටියෙ මගේ room එකට යන elevator එක එනකන්. "මට ඔයාව අපේ ගෙදරට එක්කන් යන්න තිබුනා නම් හොඳයි. " Yoongi මගේ කන ලඟට ලං වෙලා එහෙම කිව්වෙ මාව එයාගෙ ලඟට තුරුලු කරගන්න ගමන්. එයාගෙ උණුසුම් හුස්ම මගේ කනේ වැදෙද්දි මට දැනුනෙ මගේ ඇඟ දිගේ සිහින් විදුලි ධාරාවක් ගමන් කරනවා වගේ. මගේ හදවත වේගෙන් ගැහෙන්න පටන් ගත්තා. මම එයාගෙ දිහා බැලුවෙ හිස් උනු මූණකින්. මම හෙමින් එයාගෙ අත මගේ අතින් අයින් කලේ කවුරුහරි දකීවි කියලා හිතාගෙන. කවුරුහරි අපි දෙන්නාව දැකලා අපි ගැන කටකතා පතුරවනවට මම කොහෙත්ම කැමති උනේ නැහැ. ඒකෙන් yoongi ගෙ career එකට තවත් ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්.
"ඇයි? ඔයා මගේ wife! මොකක්ද-----" එයා 'wife' කියන වචනෙ කිව්ව ගමන් මගේ ඇස් පුදුමෙන් උඩ ගියා. එයාට පිස්සු හැදීගෙන එනවද? මම ඉක්මනට එයාගෙ මගේ අතින් තද කරලා වැහුවෙ කාටවත් එයා කියපු දේ ඇහුනද කියලා වටපිට සෝදිසි කරන ගමන්. වෙලාවට කවුරුවත් ලඟපාත හිටියෙ නැහැ, ඒ වගේම ඒ වෙලාවෙම elevator එකේ door එක open උනා. ඒකෙත් කවුරුවත්ම හිටියෙ නැහැ. මම ඉක්මනට එයාවත් අතින් ඇදගෙන ඒක ඇතුලට ගියා.
"ඔයාට පිස්සුද? " මම එයාගෙන් ඇහුවෙ එයාගෙ දිහා රවලා බලන ගමන්. ඒත් එයත් මගේ දිහා ඒ විදියටම රවලා බැලුවා. "කවුරුවත් මේක දැනගන්න හොඳ නැහැ! එහෙම උනොත් ඔයාට ආයෙත් ප්‍රශ්න ඇති වෙයි! "
YOU ARE READING
° Hold Me Tight °
Fanfiction" She hugged me tight. Her hug calmed me down. A comfortable warmth spread across my chest and it felt like home. I hugged her tighter. I was so scared if I let her go, she might disappear on the spot. I loved her that much. My love for her never fa...