27| Take Me Back... 🍂

285 41 12
                                    

Hold Me Tight ♡

• 27th Phase •

Hae Won's P.O.V.
(Continuation of Flashback).....

Dinner එක වැඩි කතාබහක් නැතුව ඉක්මනටම ඉවර උනා. අපි හැමෝම එකිනෙකාගෙ කල්පනා ලෝක වල අතරමං වෙලා හිටියෙ. එතකොට හෙට මගේ තාත්තා මාව company එකට එක්කගෙන යනවද? මම මොනවද එතෙන්ට ගිහින් කරන්නේ? ඒත් පොඩ්ඩක් ඉන්න, මම තාමත් BigHit Entertainment එකේ වැඩ කරනවා නේ. Mr. Bang මොනවා කියයිද?

කාමරේට යන්න ගියපු මම එකපාරටම හිතට ආපු අදහසක් නිසා ආපහු හැරිලා ගෙදර පුරාම ඇවිදින්න පටන් ගත්තා. මේ ගෙදර මොනතරම් ලොකුයිද? මම කොහොමද මගේ තාත්තාව හොයාගන්නේ? මට මගේ තාත්තාව කොහොමහරි හොයාගන්න ඕනෙ. මට කොහොමහරි එයා එක්ක කතා කරන්න ඕනෙ.

මම corridor එකක් දිගේ ඇවිදගෙන යද්දි එක කාමරයක් ඇතුළෙන් ආපු කටහඬවල් කීපයක් මට ඇහුනා. මම එකපාරටම එතන නතර උනේ, ඒ කාමරේ ඇතුළෙන් මගේ නම කියවෙන සද්දෙ ඇහුණු නිසා. මම දන්නවා අනුන්ගෙ කතාබහට කන් දෙන එක වැරැද්දක් කියලා, ඒත් එතන නතර වෙලා ඒ කතාබහ අහගෙන ඉන්න කියලා මට මගේ හිත කිව්වා.

"ඔයාට පිස්සුද?! ඇයි ඔයා හෙට එයාව එහෙට එක්කන් යන්නේ? ඒ company එකේ මොනවද වෙන්නෙ කියන එක ගැන වත් එයාට කිසිම තේරුමක් නැහැ. මේ නිසා අපේ business ඔක්කොම කඩන් වැටුනොත් මොකද කරන්නේ? මෙච්චර කල් අපි මහන්සි වෙලා ගොඩනගාගත්තු හැමදෙයක්ම නිකන්ම ජනේලෙන් එලියට විසි කරලා දාන්නද ඔයා හදන්නේ?! " Mrs. Lee ගෙ සැරපරුෂ කටහඬ බිත්ති පුරා දෝංකාර දුන්නා.

"ඔයා වෙන මොකක්ද මට කරන්න කියන්නේ?! දැනටමත් deadline එක ඉවර වෙන්න ලඟයි. Company එකේ ඇත්ත උරුමක්කාරයා කවුද කියලා Board එකේ අයට ඉක්මනටම බලාගන්න ඕනෙලු. එයාලට ඕනෙ අපේ company එක කවදහරි දවසක charity එකකට වැටෙන එකක් නැහැ කියන එක සහතික කරගන්න. ඔයා මේ දේවල් ගැන වද වෙන්න උවමනා නැහැ. ඉස්සරහට වෙන හැමදෙයක් ගැනම මම බලාගන්නම්. " මගේ තාත්තා කතා කලේ ගොඩක් වෙහෙසට පත් උනු කටහඬකින්.

"මේ හැමදෙයක්ම ඔයාගෙ අම්මගෙ වැරදි! ඇයි එයා ඔයාගෙ මේ අවජාතක දරුවට මේ හැමදෙයක්ම පවරන්න තීරණය කලේ? හහ්.. ඒ නාකි ගෑනි! " Mrs. Lee කතා කලේ ලොකු තරහකින්.

° Hold Me Tight °Where stories live. Discover now