° Teaser °

1.2K 82 6
                                    

ආදරය... බැලූ බැල්මට හරි අපූරු වචනයක් නේද? අකුරු හතරක වචනයක් වුණත් මේ අකුරු හතරෙ මොනතරම් ලොකු හැගීම් ගොන්නක් සැගවිලා තියෙනවද? ඇත්තටම මොකක්ද මේ ආදරය කියන්නෙ? ඒ වචන හතර මගේ හිත ඇතුළෙ සැරිසරන්න පටන්ගත්තෙ ජීවිතේ එක්තරා කාලෙකදි මට හම්බවුණු මගේ ජීවිතේ වටිනම කෙනා නිසා. ආදරය කියන හැගීමට වයස් භේදයක්, ගැහැණු පිරිමි භේදයක් නැහැ නේද? ඔව්, ආදරය කියන්නෙ එකිනෙකාගෙ හදවත්වල ඇතිවෙන දෙයක්. ඒ හැගීමට බාධාවක් කරන්න මේ වගේ දේවල් වලට පුලුවන්කමක් තියෙනවා කියලා මම නම් හිතන්නෙ නැහැ. මොකද මගේ ආදරෙත් එහෙම ආදරයක්. වයස් භේද නොසලකා කරපු ආදරයක්. ආදරේට මේවයින් බාධාවක් ඇතිවෙන්න විදියක් නැහැ කියලා මම කිව්වෙ ඒ නිසයි. මගේ ආදරේට ඒ දේවල් බාධාවක් වුණානම් එදා ඉදන් අද වෙනකන් අපේ ආදරේට පැවැත්මක් නැතිවෙන්න ඕනෙ. ඒත් මගේ ආදරේ තාමත් මගේ ලග. ඒ ආදරේ එක්ක අපි අද වෙනකොට ගොඩක් දුර ඇවිත්..එකට, නොවෙනස්ව.. ආදරේ හැගීම මුල්ම වතාවට ඇතිවුණු විදියටම තාමත් ඒ හැගීම අපි දෙන්නගෙම අතරෙ නොවෙනස්ව තියෙනවා. නොවෙනස් බැදීමක්.. ඉතින් මේකට නේද ආදරේ කියන්නෙ? මගේ ඒ ආදරේ අද මාත් එක්කම මගේ හෙවණැල්ල වෙලා ඉන්නවා. ඒ ආදරේට දැන් තවත් ආදරයක් එකතුවෙලා. ආදරෙන් බිහිවුණු ආදරයක්. ඉතින් කවුද මේ මගේ ආදරේ? කවුද අපේ ආදරෙන් බිහිවුණු ආදරේ? මේ ආදරේ ආරම්භය කවදද? ඉතින්, සූදානම්ද මගේ ආදරේ කතාව දැනගන්න?
**********************
A/N:- Hello!
I first published this story in fb.. This is a fan fiction on BTS Suga.. Hope you guys will love it! 😊

Thank you!

See you soon in the first phase!
Purple you! 💜


° Hold Me Tight °Where stories live. Discover now