30| Scattering Apart 🍂

228 42 11
                                    

Hold Me Tight ♡

• 30th Phase •

Hae Won's P.O.V.
(Last Part of the Flashback)....

"Yoongi...? "

මගේ කටහඬ ඇහුණු ගමන් එතනම නැවතුණු එයා ටික වෙලාවකින් මගේ ලඟට දුවගෙන ඇවිත් මාව එයාගෙ උණුසුම් අත් අතරෙ රඳවගත්තා. කාලෙකින් විඳගන්න ලැබුණු ඒ උණුහුමට මම තුරුලු උනේ ඇස් දෙක තද කරලා පියාගන්න ගමන්. ඒ උණුසුම දැනුනු මොහොතෙම මගේ ඇස් වලින් කඳුලු ගලන්න පටන් ගත්තෙ මටත් නොදැනිම. එයාගෙ අත් අතරෙ මොනතරම් සැහැල්ලුවක් දැනෙනවද? ඒ දෑත් අතරෙ මම මගේ නිවහන හොයාගත්තා. මේ උණුසුම මට මොනතරම් නම් මතක් උනාද?

"Noona, බොගොෂිප්දා! (missed you) " එයා හෙමින් මගේ කනට කෙදිරුවෙ එයාගෙ උණුසුම් හුස්ම මගේ කන් වල දවටන ගමන්.

"නාදෝ. (me too) " එයාට උත්තර දුන්නු මම තවත් තදින් ඒ උණුසුමට තුරුලු උනා. ටික වෙලාවකින් මම එයාගෙන් ඈත් වෙන්න හැදුවත් එයා මාව නැවැත්තුවා.

"අපි තව ටික වෙලාවක් මේ විදියට ඉමු. " එයා මගෙන් ඒ විදියට ඇහුවා. මම ඒ ඉල්ලීමට මුලු හදවතින්ම එකග උනේ මටත් ඒ තුරුලෙ උණුසුම තව ටිකක් විඳගන්න ඕනෙ උනු නිසා. එයාගෙ එක ස්පර්ශෙකින් උනත් මට දැනෙන්නෙ පුදුමාකාර සැහැල්ලුවක්. මිනිත්තු කීපයකට පස්සෙ එයා මාව හෙමින් ඈත් කළා.

"Yoongi, අපිට ටිකක් කතා කරන්න පුලුවන්ද? " මම එයාගෙන් ඇහුවා. මට ඇත්තටම එයා එක්ක කතා කරන්න ඕනෙ. එයාගෙන් ඈත් වෙලා හිටපු මේ කාලෙදි මට සිද්ධ උනු හැමදෙයක්ම මට එයාට කියන්න ඕනෙ උනා. මේ හැම ප්‍රශ්නෙකින්ම ඈත් වෙලා ඈතකට ගිහින් ජීවිතේ අලුතෙන් පටන්ගන්න මට ඕනෙ උනා. මට තවදුරටත් මගේ තාත්තා එක්ක ජීවත් වෙන්න ඕනෙ කමක් නැහැ.

මාව dorm එක ඇතුළට එක්කගෙන ගියපු Yoongi මාව sofa එකෙන් වාඩි කරවලා kitchen එකට ගියේ මට බොන්න දෙයක් හදාගෙන එන්න. ටික වෙලාවකින් එයා ගෙනත් දුන්නු coffee එක මම හෙමින් බොන්න පටන් ගත්තෙ මොහොතකට අපි අතරෙ ලොකු නිහැඬියාවක් ඇති වෙද්දි. ඇත්තටම මගේ කතාව කොතනින් පටන් ගන්නද කියලා හිතමිනුයි මම හිටියෙ.

"Yoongi, "

"Noona, "

අපි දෙන්නම කතා කලේ එකම වෙලාවෙ. මගේ මූණට ඉබේම හිනාවක් ආවා. මම දැක්කා එයත් මගේ දිහා බලාගෙන හිනාවෙන හැටි.

° Hold Me Tight °Where stories live. Discover now