Hold Me Tight ♡
• 33rd Phase •
Hae Won's P.O.V.
Time passes-
යුන්ගි අපි දෙන්නව වෑන් එකට නග්ගලා පිටත්වෙලා ගිහින් තාම ගත වුණේ ටික වෙලාවක් වුණත් මට යුන්ගි ගැන නොහිතා ඉන්න බැරිවුණා. මට විශ්වාසයි ලොකු ගමනකට පස්සෙ එයාට අනිවාරෙන්ම ගොඩක් මහන්සි ඇති කියලා. ඒත් එයා අපි එක්ක එන්නෙ නැතුව ඒජන්සි එකට පිටත්වුණා. එයා ඉක්මනින්ම එහෙට ගියේ මොකක් නිසා වෙන්න ඇතිද? එයාට මේ දැන්ම නැතුව හෙට උදේට යන්න තිබුණනේ. මගේ හිත මගෙන්ම ප්‍රශ්න කරන්න පටන්ගත්තා. ඒක ඒතරම් දරුණු දෙයක් නෙවෙයි වෙන්නැති කියලා හිතලා අන්තිමට මම මගේ හිත සන්සුන් කරගත්තා.මගේ එහාපැත්තෙ මට තුරුලුවෙලා නිදාගෙන හිටපු අපේ පුතා දිහාවට මගේ ඇස් යොමුවුණා. ඒත් එක්කම මගේ හිත තවත් නොසන්සුන් වුණා. ඉස්සරහට මොනවා වෙයිද කියලා හිතන හැමවෙලාවකම මට දැනුණෙ ලොකු චකිතයක්. මුලු ලෝකයක්ම ආදරය කරන මින් යුන්ගි ඔප්පා දැනටමත් මාව marry කරලා අපිට පුතෙකුත් ඉන්න බව ලෝකයා දැනගත්තම එයාලා ඒ දේට කොහොම ප්‍රතිචාර දක්වයිද? එයාලා ඒක පිළිගනීද? ඒ මොනවා නැතත් මම එක දෙයක් ගැන නම් හොදට දන්නවා. ඒ මම මොන ප්‍රශ්නෙ ආවත් මගේ පවුල ආරක්ෂා කරගන්න බව. අපේ පුතා බලාපොරොත්තු වෙන විදියෙ ලස්සන පවුලක් එයාට හදලා දෙන්න මම උපරිම උත්සාහ කරනවා. මෙච්චර කාලයක් මට විඳින්න වුණු ජීවිතේ වගේ ජීවිතයක් එයාටත් උරුම වෙනවට මම කොහෙත්ම කැමති නැහැ.
හිතේ තෙරපුණු දහසක් ප්‍රශ්න කල්පනා කර කර හිටපු මම කල්පනාවෙන් මිදුණෙ අපේ වෑන් එක එකපාරටම යූ ටර්න් එකක් අරන් අනිත් පැත්තට ධාවනය වෙන්න පටන්ගත්තු නිසා.
"අජස්සි, අපි මේ කොහෙද යන්නෙ? " මම ඇහුවෙ මට මුකුත්ම හිතාගන්න බැරුව හිටපු නිසා. ඒත් එක්කම මගේ හිතට ආයෙමත් පොඩි නොසන්සුන් බවක් දැනුණා. මම අහපු ප්‍රශ්නෙට ඩ්‍රයිවර් උත්තර දෙන්න හදද්දිම මගේ ෆෝන් එක රින්ග් වුණා. ඒ කෝල් එක යුන්ගිගෙන්.
"යොබොසේයෝ..."
"Noona, මම ඩ්‍රයිවර්ට කිව්වා ඔයාලව Seoul National Hospital එකට එක්කගෙන එන්න කියලා. මමත් මේ දැන් එහෙට එන ගමන්. " යුන්ගි උත්තර දුන්නෙ ටිකක් කලබලෙන් වගේ.
YOU ARE READING
° Hold Me Tight °
Fanfiction" She hugged me tight. Her hug calmed me down. A comfortable warmth spread across my chest and it felt like home. I hugged her tighter. I was so scared if I let her go, she might disappear on the spot. I loved her that much. My love for her never fa...