Hold Me Tight ♡
• 1st Phase •Hae Won's P.O.V.
Hii ! මම Hae Won. මම දැන් ඉන්නේ taxi එකක..කනස්සල්ලෙන් පිරුණු හදවතක් එක්ක Seoul වලට යන ගමන්..
Car එකේ window pane එක දිගේ හෙමින් හෙමින් වැහි බිංදු බේරෙද්දි මම ජනේලයෙන් එළිය බැලුවා..
මට තාමත් විශ්වාස නැහැ මම ගත්තේ හරි තීරණයක් ද කියලා...
පොඩි කාලේ ඉඳන්ම මම ජීවත් වුනේ ගම්බද පළාතක.. එහෙම ජීවත් වුනු මම නගරෙට ගිහින් මොන විදිහට ජීවත් වෙන්න ද කියලා මට කිසිම අදහසක් නැහැ..
දිගු හුස්මක් ගත්තු මම දකුණු අතින් මගේ හදවතට හෙමින් තට්ටු කළා..මම කාත් කවුරුවත් නැති ගෑනු ළමයෙක්.මගේ අම්මා නැති වෙලා තියෙන්නේ මම ඉපදෙන කොටමයි.මාව මෙච්චර කල් බලා ගත්තු මගේ ආච්චි අම්මත් මාව දාලා සදහටම යන්න ගියේ මීට දවස් දෙකකට කලින්. එයාගෙ last will එකේ තිබුනේ මට කොහොම හරි Seoul වල ජීවත් වෙන මගේ තාත්තාව හොයාගෙන යන්න කියලයි.
පැය කිහිපයක් ගමන් කරපු මම අන්තිමට Seoul Station එකට ආවා. තවත් විනාඩි 30 කින් මගේ ගමනාන්තය වුනු Gangnam වලට එන්න මට පුළුවන් වුණා.
අතේ තිබුණු කොළ කෑල්ලෙ ලියලා තිබුණු address එක දිහා බලපු මම ආයෙත් දිග හුස්මක් හෙලුවා. ඇත්තටම මට තවදුරටත් එයාව හොයන්න උවමනාවක් තිබුණේ නැහැ. මොකද, මම දන්නවා එයාව මුණගැහුණා කියලා මගේ ජීවිතේ කිසිම වෙනසක් වෙන්නෙ නැහැ කියලා. මම දැන් ලොකුයි; තවදුරටත් මට තාත්තා කෙනෙක් ඕනෙ වෙන්නෙ නැහැ.
Address එකේ තිබුනු විදියට දිගට ඇවිදගෙන ගියපු මම, යකඩ ගේට්ටුවක් තිබුණු පාරක් ළඟට ආවා.
දැන්, කොහොමද මම ඇතුළට යන්නේ?
මම වටපිට බැලුවෙ ගේට්ටුව ඇරගන්න කවුරුහරි guard කෙනෙක් ඉන්නවද බලන්න. ඒත් කවුරුත්ම පේන්න හිටියේ නැහැ. ඒත් ඒ වෙලාවෙම ගේට්ටුව හෙමින් ඇරුනා.
මම හෙමින් පාර ඇතුළට ඇවිදගෙන ගියේ මේ address එක හොයාගන්න උදව්වක් ගන්න කෙනෙක් ඉන්නවද කියලා බලන ගමන්. මම ගොඩක් දුර ඇවිදගෙන ගියා. මම පහු කරගෙන ගිය හැම ගෙදරකම තිබුනෙ හරිම ලස්සන architectural designs. දාඩිය බිංදු කීපයක් හෙමින් මගේ බෙල්ල දිගේ බේරෙන හැටි මට දැනුණා. ලොකුම ලොකු luggage bag එකකුයි, overnight bag එකකුයි, bagpack එකකුයි උස්සගෙන ඇවිදින මට දාඩිය දාන එක පුදුමයක් නෙවෙයි. 😅
YOU ARE READING
° Hold Me Tight °
Fanfiction" She hugged me tight. Her hug calmed me down. A comfortable warmth spread across my chest and it felt like home. I hugged her tighter. I was so scared if I let her go, she might disappear on the spot. I loved her that much. My love for her never fa...