Hold Me Tight ♡
• 10th Phase •
Hae Won's P.O.V.
Mr. Bang Si Hyuk නුයි මමයි, මගේ අම්මා ගැන කතා කරපු දවසට පස්සේ දවසේ මට එයාගෙන් text message එකක් ආවා. ඒ එයා මගේ අම්මා එක්ක මට dinner meeting එකක් arrange කරලා කියලා. ඒක arrange කරලා තිබුනේ Seoul වල තියෙන ප්‍රසිද්ධම hotel එකක.එයාව meet වෙන්න යන එක ගැන මම ටිකක් අදිමදි කලත්, මම දන්නවා ඇත්ත මොකක්ද කියලා දැනගන්න තියෙන එකම විදිය මේක විතරයි කියලා.
වෙලාව රෑ 7ට කාලයි. මෙච්චර කාලයක් ජීවතුන් අතර නෑ කියලා මම හිතන් හිටපු මගේ 'අම්මා' ව meet වෙන්න මම hotel එකට ඇවිල්ලයි හිටියේ. මම හිටියේ ගොඩක් කුතුහලයෙන්. මගේ අත් වලට දාඩිය දාන්න ගත්තා. මම නොඉවසිල්ලෙන් බලාගෙන හිටියේ තොල් දෙකත් හපන ගමන්. අත් ඔරලෝසුවෙන් වෙලාව බලපු මම දැක්කේ වෙලාව හරියටම 7යි කියලා. මගේ හද ගැස්ම තවත් වැඩි වෙන්න පටන් ගත්තා. ඔලුව උස්සලා බලපු මට, එක ලස්සන lady කෙනෙක්ව ඇහැ ගැටුනා. හරියට මගේ අම්මා වගේම ලස්සන lady කෙනෙක්. එයාට වයස අවුරුදු 40ක් වගේ පෙනුනා. එයා ඇඳගෙන හිටියේ simple ඒත්, ගොඩක් ලස්සන, ලා කහ පාට pencil cut dress එකක්, ලස්සන pearl earrings දෙකකුත් එක්ක.
ඒ මොහොතෙ මට දැනුනෙ මුලු ලෝකෙම නතර වෙලා වගේ. මෙච්චර කාලයක් මම පරිස්සමින් අරන් තියාගෙන හිටපු මගේ අම්මාගෙ photo එකෙත්, මේ lady ගෙත් අතර ලොකු සමානකමක් තිබුනා.එයා බෙල්ල දෙපැත්තට හරවමින් කෙනෙක්ව හෙව්වා. එයාව දැකපු waiter කෙනෙක් එයා ලඟට ගිහින් කතා කලා. ටික වෙලාවක් කතා කරමින් ඉඳලා එයාලා මම හිටපු table එක පැත්තට ඇවිදන් එන්න පටන් ගත්තා. මාව එකපාරටම පුටුවෙන් නැගිටුනා.
YOU ARE READING
° Hold Me Tight °
Fanfiction" She hugged me tight. Her hug calmed me down. A comfortable warmth spread across my chest and it felt like home. I hugged her tighter. I was so scared if I let her go, she might disappear on the spot. I loved her that much. My love for her never fa...