Hold Me Tight ♡
• 8th Phase •
Hae Won's P.O.V.
එලියට ගිහින් ආයෙත් අපි හිටපු පොඩි කාමරේට ආපු yoongi, මාවත් ඇදගෙන එලියට ආවෙ, මම මුකුත්ම තේරුම් ගන්න බැරුව පුදුමෙන් බලන් ඉද්දි."Dorm එකේ තියෙන ඔයාගෙ බඩු ටික ගන්න යන්න මම ඔයා එක්ක එන්නම්. " එයා කිව්වා. එයාගෙ ඒ හඬ ඇහුනට පස්සේ තමයි මම මේ ලෝකෙට ආවෙ. මම එයාව නැවැත්තුවා.
" නැහැ! ඔයා එන්න එපා, manager hobeom මාව එහෙට එක්කන් යයි. ඇවිලෙන ගින්නට පිදුරු දාගන්න ඕනෙ නෑනෙ නේද? " ටික වෙලාවක් බලාගෙන හිටපු එයා මගේ අත හෙමින් අතෑරලා manager hobeom දිහා serious face එකකින් බැලුවා.
"Hyung, මට උදව්වක් කරන්න. මෙයාව හොඳට බලාගන්න පුලුවන් නේද? කිසිම කරදරයක් වෙන්න දෙන්න එපා. පරිස්සමින් ආයෙත් මෙහාටම ගෙනැත් ඇරලවන්න, okay hyung? "
එයා manager ගෙන් උදව්වක් ඉල්ලනවද, එහෙම නැත්නම් එයාට තර්ජනය කරනවද කියලා මට නම් තේරුම් ගන්න බැරි උනා.
Manager ඔලුව වනලා 'ok' කියලා කිව්වා.
"ඔයා බය වෙන්න එපා Yoongi-ah, මම එයාව හොඳට බලාගන්නම්. " manager hobeom එහෙම කියලා yoongi ව සැනසුවා.
"ඇයි ඔයා බය වෙන්නේ? බය වෙන්න එපා, මගේ ලඟ සල්ලි වත් යන්න තැනක් වත් නෑ. ඔයාට ඒක අමතක උනාද? " මමත් එයාව සනසන්න හිතන් කිව්වා. ඒත් එයා මගේ දිහා බලන් හිටියේ හිස් උනු මූනකින්.
"Okay..! හොඳයි, මම එහෙනම් ඔයාලා එනකම් බලන් ඉන්නවා. ඔයා ආපහු ආවම මගේ studio එකට එන්න. " එහෙම කියපු එයා පිටිපස්ස හැරිලා ආයෙත් conference room එකට ගියා.
Manager hoboem නුයි මමයි දෙන්නම එයා යනකන් බලන් හිටියා.
"මට කියන්න, ඔයයි yoongi යි අතරෙ සම්බන්ධයක් තියෙනවද? "
Manager hobeom අහපු ඒ ප්‍රශ්නෙ ට මාව ගල් ගැහුනා.
"න්..න්..නෑ...! " මම වෙවුලන කටහඬින් කිව්වා.
මගේ දිහා ටිකක් වෙලා බලන් හිටපු එයා හුස්මක් හෙලලා මෙහෙම කිව්වා. " අපි දැන් ගියොත් හොඳයි. මට ඇවිත් කරන්න ගොඩක් වැඩ තියෙනවා.
" Manager-nim, ඔයා ගොඩක් busy නම්, මට තනියම යන්න පුලුවන්." මම එහෙම කිව්වත් එයා එකහෙලාම ඒක ප්‍රතික්ෂේප කලා.
YOU ARE READING
° Hold Me Tight °
Fanfiction" She hugged me tight. Her hug calmed me down. A comfortable warmth spread across my chest and it felt like home. I hugged her tighter. I was so scared if I let her go, she might disappear on the spot. I loved her that much. My love for her never fa...