Hold Me Tight ♡
• 31st Phase •
Hae Won's P.O.V.
(Back to present)........"මට සමාවෙන්න Yoongi, මම දන්නවා මේ හැමදෙයක්ම මගේ වැරදි කියලා. චේබල්, මට සමාව දෙන්න..." අතීතයේ සිද්ධ උනු ඒ හැමදෙයක්ම ආයෙත් මගේ මතකයන් අලුත් කලේ මගේ ඇස් වලට නොකඩවා කඳුලු එක් කරන ගමන්. මම Yoongi දිහා බැලුවෙ එයාගෙන් තාමත් කිසිම ප්‍රතිචාරයක් ලැබුණෙ නැති නිසා. ඒත් එයා මගේ දිහා බලාගෙන හිටියෙ හැඟීම් රහිත හිස් උනු මූණකින්..
"නැහැ, ඒක ඔයාගෙ වැරැද්දක් නෙවෙයි. වෙන කරන්න දෙයක් තිබුණෙ නැති නිසයි ඔයාට ඒ දේවල් කරන්න සිද්ධ උනේ. එතනින් පස්සෙ උන දේවල් ගැන ඔයා තාම එයාට කිව්වෙ නැද්ද..? "
මම එකපාරටම පුදුම උනේ පුරුදු කටහඬකින් එහෙම කියනවා ඇහුණු නිසා. මම දැක්කා එකපාරටම මතු උනු ඒ අමුත්තා දිහා Yoongi ඔරවගෙන බලන් ඉන්න හැටි.
"Jinhwan, ඔයා මොනවද මෙහේ කරන්නෙ? " එහෙම කියපු මම නොඉවසිල්ලෙන් Yoongi දිහා බැලුවා. එයා Jinhwan දිහා බලාගෙන හිටියෙ තරහෙන් පිරුණු මූණකින්. මේක ඒ දෙන්නට මුණ ගැහෙන්න තරම් හොඳ වෙලාවක් නෙවෙයි. Yoongi යි මමයි තාම කතා කරලා ඉවර කලෙත් නැහැ. දැන් මම මොකද කරන්නෙ?
...................................
Yoongi's P.O.V.
එයාව zoo එකේදි දැකපු මොහොතෙ මට දැනුනෙ මගේ හුස්ම මොහොතකට නතර උනා වගේ හැඟීමක්. කවදාවත් නැති තරම් වේගෙකින් මගේ හදවත ගැහෙන හැටි මට දැනුණා. මට ඕනෙ උනේ එවෙලෙම එයාව ඇදලා අරන් මගේ තුරුලට ගන්න. ඒත් මට මාවම පාලනය කරගන්න සිද්ධ උනා. මම දන්නවා එයා මේ කරපු දේවල් වලට හරිනම් මම එයාට වෛර කරන්න ඕනෙ කියලා. ඒත් එහෙම කරන්න තරම් ශක්තියක් මට නැහැ. පිටතින් මම එයා එක්ක ලොකු තරහකින් ඉන්න බවක් පෙන්නුවත්, හිත ඇතුලෙන් මට ඕනෙ කලේ එයාව මගේ තුරුලට අරගෙන අතොරක් නැතිව සිපගන්න. එයාට ආදරේ කරන එක මම කවදාවත්ම නතර කලේ නැහැ. ගෙවුණු හැම දවසකම, හැම මිනිත්තුවකම, හැම තත්පරයකම මම එයාට තව තවත් ආදරේ කළා. එදා මම අපේ පුතාව දැකපු මොහොතෙ මට ඇති උනේ කියාගන්න බැරි තරම් ලොකු දුකක්. එතනම බිම දණගහගෙන පුලුවන් තරම් හයියෙන් කෑගහලා අඬන්න මට ඕනෙ උනා. එයා දැන් ගොඩක් ලොකුයි, ඒ වගේම එයා හරියටම මම වගේමයි. මට එයාව මගේ අත් අතරට තුරුලු කරගන්න ඕනෙ උනත් ඒකෙන් එයා බයවෙයි කියන හැඟීම හිතට ආපු නිසා මම මාව පාලනය කරගත්තා. අපිට පුතෙක් ඉන්න බව මම දැනගෙන හිටියා. අපි මෙහාට එන්න කලින්, දැනට Hae Won noona ඉන්න තත්වෙ ගැන හැම විස්තරයක්ම එයාගෙ තාත්තා අපිට කිව්වා.
YOU ARE READING
° Hold Me Tight °
Fanfic" She hugged me tight. Her hug calmed me down. A comfortable warmth spread across my chest and it felt like home. I hugged her tighter. I was so scared if I let her go, she might disappear on the spot. I loved her that much. My love for her never fa...