"ඒ....ව් රි නායිටීන් මායි ඩ්‍රීම්ස්.... අ.... සී යූ....... ආ..... ෆීල් යූ.....දෑටිස් හාව්වායි නෝ යූ............. ගෝඕඕඕන්න්න්න්න්..... ෆා... අ කොස් ද ඩීස්ටාස්... ඈ පේසා...ස්... බී...ටු.. වීනාස්.....යූ...හැ......"
"නවත්තපාආආආආආආආආආආන්න්න්න්න්න්!!!!!!"
පෙනිසියුලා මාලිගාවෙ තමන්ට උරුම කාමරේට වෙලා මදුර මනෝහර කන්කලු ගීතයක් ශ්‍රේෂ්ඨ ලෙස ගායනා කරමින් හිටපු ටේහ්‍යුන්ග්ට තඩි වතුර පාරකුත් එක්ක ඒ විදියට ප්‍රේක්ශක ආදරය හිමිවෙද්දි ගායන ශිල්පී ටේහ්‍යුන්ග් එයාගෙ කන්කලු ගායනය නවත්තලා එයාට වතුර ගහපු ආදරණීය හුදී ජනයා කවුද කියලා ඩිම් වෙලා බැලුවා..
"ඕහ්... ජොන් ජන්කුක්! ඔයාට මගෙ ඔටෝග්‍රාෆ් එකක් ඕනද?"
ටේහ්‍යුන්ග් වතුර නාගෙන සීරියස් පෙනුමක් මූණට අරගෙන එහෙම ඇහුවා.
"අනේ මෙන්න වැන්දා.. ඔටෝග්‍රාෆ් නම් මට එපා.. කරුණාකරලා ඔය කට විතරක් වහගෙන ඉන්න.. පීස්!"
ටේහ්‍යුන්ගෙ අසම සම අලන්කෘත උත්කෘෂ්ට ගීත නාදය අහන් ඉන්න බැරිම තැන අසරණ වෙලා හිටිය ජන්කුක් ටේ හ්‍යුන්ගෙන් අත් දෙක එකතු කරලා වැදලම එහෙම කිව්වා..
"ඕහ්... කොහොමත් දැන් ශෝ එක ටයිම්ව අවුට් වෙලා ඉවරයි. මම මේක නවත්තන්න තමා හිටියේ... කරුණාකරලා ඔයා වෙන දවසක එන්න.."
ටේහ්‍යුන්ග් ප්‍රොෆෙෂනල් සින්ගර් ලුක් එකක් මූණට අරගෙනැග පුරාම හැලිලා තිබ්බ වතුර ටික අතින් පිහදාන ගමන් අත් දෙකත් වන වනා එහෙම කියලා කාමරෙන් එලියට ගියා..
"මොකක්????"
ටේ හ්‍යුන්ගෙ විකාර කතාව එකපාර තේරුම් ගන්න බැරි උන ජන්කුක් මූණත් කජු ලෙල්ල වගේ කරන් ටේ හ්‍යුන්ග් යන දිහා බලන් හිටියා..
මෙයා හිතන් ඉන්නෙ මෙයා ගායකයෙක් කියලද??? පුහ්.... සන්ගීතෙට අබ සරණයි...
ජන්කුක් ඔලුවත් කසන ගමන් නෝන්ඩි හිනාවක් දාගෙන එහෙම හිතුවා...
.
.
ජන්කුක් සහ ටේ හ්‍යුන්ග්... ඔවුන්ට දැන් වයස අවුරුදු 19ක්. දෙන්නම පුන්චි කාලෙ ඉදලම එකටමයි හැදුණෙ.. ජන්කුක්ගෙ අම්මයි තාත්තයි ආයෙම දරුවො හැදුවෙ නැහැ. ඒ නිසා ජන්කුක්ට සහෝදරයෙක්ට හිටියේ ටේහ්‍යුන්ග් විතරයි. ටේහ්‍යුන්ග් කියන්නෙ ජන්කුක්ගෙ අප්පගෙ සහෝදරයගෙ පුතා.. එකම සහෝදරයා වගේම ජන්කුක්ගෙ හොදම යාලුවා උනෙත් ටේහ්යුන්ග්ම තමයි. වෙලාවකට ටේගෙ වැඩ වලට ජන්කුක්ට හරියට තරහා යනවා. ටේ පොඩි ලමයෙක් වගෙයි හැසිරුණේ.. ඒ නිසා එයාව බලාගන්න උනේ ජන්කුක්ට. . මෙයාලා අයිති උන වුල්ෆ් පැක් එකේ කට්ටිය වෲකයො විදියට පරිවර්තනය වෙන්න හැකියාව ලබන්නෙ තමන්ගෙ විසිවෙනි උපන්දිනේදි..මෙයාලගෙ පැක් එකේ නායකයා උනේ ජන්කුක්ගෙ තාත්තා.. ඒ වගේම පෙනිසියුලා වෘක නගරයේ රජතුමා.. ටේහ්‍යුන්ග් වෘකයෙක් උනාම කොහොම හදාගන්නද කියලා ජන්කුක්ට නම් තේරුණේ නෑ..හැබැයි ඇතුලෙදි කොයිතරම් මෝඩ වැඩ කලත් ටේහ්‍යුන්ග් එලියට ගියාම නම් පව්ලෙ නම්බුව තියාගෙන වැඩ කරන්න අමතක කලේ නෑ..
![](https://img.wattpad.com/cover/266625613-288-k496254.jpg)
YOU ARE READING
THE CURSE || ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Werewolfwhat is our fate??? death or life??? love or hatered... the creator will decide it..