" හ්‍යුන්ග්... මන් එහෙනම් ගිහින් එන්නම්.."
"හරි ජිමින්... පරිස්සමින් ගිහින් එන්න.."
නම්ජූන්ට අත වනලා ජිමින් තනියම එලියට බැස්සෙ යුනිවසිටි එකට යන්න. වෙනදට එයා එක්ක පාර දිගේ කියව කියව යන්න ටේමින් නැති එක ගැන ජිමින් හිටියේ තරමක කණගාටුවකින්. ටේමින් තමන්ට ආදරේ කලා කියලා හිතද්දිත් ජිමින්ට දැණුනෙ මහ අමුතු හැගීමක්. ඒ වගේම ටේමින් ගැන අනුකම්පාවක්. අවුරුදු පහලවක් තිස්සෙම ටේමින් එයා ගැනම විතරයි හිතලා තියෙන්නෙ.
ඒත්.....
ජිමින්ට ටේමින් ගැන යාලුවෙක්ගෙන් එහාට හිතන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ. අවස්ථාවක් ලැබෙන්න ඉඩ තිබ්බත් දැන් ඒ ඉඩත් වෙන කෙනෙක් සම්පූර්ණයෙන්ම බලෙන් අත්පත් කරගෙන ඉවරයි. අනවසරයෙන්ම වගේ තමන්ගෙ හිතට රින්ගලා ඒ ආදරේ තමන්ට උරුම නැති බව දැන දැනත් එයා ගැනම විතරක්ම හිතෙන එක මොන තරම් අවාසනාවන්තකමක්ද...
ජිමින් දිගු සුසුමක් හෙලුවා. සීත කාලෙ නිසා පරිසරයේ ලොකූ ඉර එලියක් නොතිබුනත් තමන්ගෙ සුදුමැලි පාට හම ඉර එලියෙන් සම්පූර්ණයෙන්ම ආවරණය කරගත්ත ජිමින් බිම බලාගෙනම පාරෙ ඉස්සරහට ගියේ මෙහෙම තනියම යුනිවසිටි යන එකට තාම ජිමින්ට හැඩගැහෙන්න අමාරු උන නිසා. උදේම පාරවල් දිගේ තමන්ගෙ ගමන් බිමන් වලට පිටත් වුන මිනිස්සු විටින් විට ඔවුන්ගෙ ඇගවල් හිරිවට්ටගෙන යන සීතල හුලගට තමන්ගෙ අත් කෝට් අස්සෙ ඔබාගන්න ගමන් සීතලෙන් ඇකිලුණා. සීත සෘතුවට ජිමින් කොහොමත් හැමදාම ආස කලා. යුනිවසිටි එකට පිවිසෙන පාරට ආසන්නයේ පාර දෙපැත්තෙ වවලා තිබ්බ රතු පාට වින්ටර් කැමීලියා මල් වලින් ආවෙ හිත සන්සුන් කරවන ප්‍රසන්න සුවදක්. මොහොතකට ඒ සුවද ජිමින්ගෙ හිතේ තිබ්බ දුක හිතෙන හැගීම් ටික එකපාරටම ආව හුලගට මුසු කරගෙන ඈතට අරන් ගියා.
ESTÁS LEYENDO
THE CURSE || ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Hombres Lobowhat is our fate??? death or life??? love or hatered... the creator will decide it..