එන්න එන්නම තමන්ගෙ නාස්පුඩු වලට දැනෙන සුවද තීව්‍ර වෙන්න ගනිද්දි ජන්කුක් ඒ සුවද දිගේම ඉව අල්ලන ගමන් ලෙක්චර් හෝල් එකේ දොර පැත්තට තමන්ගෙ ඔලුව හැරෙව්වා...
"මේට්?????"
ලෙක්චර් හෝල් එකේ දොරෙන් ඇතුලට ආවෙ උස සුදු කොල්ලෙක්... එයා දැකපු ගමන් ජන්කුක්ගෙ හිතට හිස් බවක් දැණුනා...
"නෑ.. ඒ එයා නෙවෙයි..."
ජන්කුක්ට එකපාරටම එහෙම හිතුණා.. ජන්කුක් එහෙම්මම ආපහු ඉස්සරහ බලාගත්තා.. ඒත් එකපාරටම ලෙක්චර් හෝල් එකෙන් ආව 'සූ' හඩත් අමුතු කසුකුසුවත් නිසා ජන්කුක් ආයෙම හෝල් එකේ එන්ට්‍රන්ස් එක පැත්ත බැලුවා.. එතකොටයි අර උස සුදු කොල්ලගෙ පිටිපස්සෙන්ම හෝල් එකට ඇතුලු උන අනිත් සුන්දර තරුණයාව ජන්කුක්ගෙ ඇස් වලට අහු උනේ..
සිනිදු ලා දම් පාටට හුරු අලු පාටකට කලර් කරලා තිබ්බ කොණ්ඩෙ, රෝස පාට පිරුණු තොල්,ඇත්දල පාට හම, හීනි ඉන, ඒ වගේම ඇවිදින තාලෙට හෙමීට දග කරපු කනේ තිබ්බ සිල්වර් පාට කරාබුව.... මේ හැමදේම එකම බැල්මකින් ජන්කුක්ගෙ ඇස් වලට අහු වෙලා ඒ එක්කම ජන්කුක්ගෙ හිතේ විදුලියක් කොටනවා වගේ හැගීමක් ඇති උනා. එයා දාගෙන හිටිය ෂේඩ්ස් දෙක ඇතුලට එන ගමන්ම ගලවලා අතට ගනිද්දියි ජන්කුක් ඒ හීනි තරු ඇස් දෙක දැක්කෙ. ඒ වෙලාවෙම අර සෞම්‍ය ස්ට්‍රෝබෙරි සහ රෝස මුසු උන සුවදත් එක්කම මොකද්දෝ නාදුනන අමුතු සුවදක් ජන්කුක්ගෙ සන්වේදී නාස් පුඩු වලට දැණුනා.. ඒ ලස්සන පිරිමි ලමයා කා දිහාවත් බලන්නෙ නැතුව පාඩුවෙ අර උස කොල්ල එක්ක ඇවිත් එයාගෙ ලගින් ඉදගත්තා..හෙන ආඩම්බරකාරයෙක් වගේ..එයා කා එක්කවත් හිනා උනේවත් නෑ...ඒත් හැමෝගෙම ඇස් තිබ්බෙ එයා දිහා..
KAMU SEDANG MEMBACA
THE CURSE || ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Manusia Serigalawhat is our fate??? death or life??? love or hatered... the creator will decide it..