"කවුද මේ????"
"අනේ මන්දන්නෑ .. අර මායාකාරයා මෙයා ලගට එකපාරටම පනිද්දි තමයි මන් එයාව බේරගත්තෙ..මොකක් හරි ප්‍රශ්නයක්ද?"
හෝප් තමන්ගෙ භාරකාරයගෙ කුතුහලය පිරුණු මූණ දිහා මවිතයෙන් බලන ගමන් ඇහුවා. සුගාගෙ මූණෙ තිබ්බෙ බැරෑරුම් බැල්මක්.. තවමත් සිහිසුන් තත්වයේ ඉන්න සුන්දර ආකර්ෂණීය තරුණයා ගෙ හිත ඇතුලෙ මොකක් හරි ලොකු ප්‍රශ්නයක් නම් තියන බව සුගාට තේරුණා.. හෝප් අරගෙන ආව තරුණයාගෙ හිසේ ලේ ගලමින් තිබ්බ තුවාලයට සුගා ඉක්මනට බෙහෙත් කලා.එයා මොකක්ම හරි දේකට බලවත් විදියට බය වෙලා වගේ තමයි පෙණුනෙ.. හෝප් කිව්ව විදියට ඒ අන්ධකාර වනාන්තරයේ නපුරු මායාකාරයා කියලා සුගාට තේරුණා.
''ම්ම්ම්ම්... දැනට නම් ලොකු ප්‍රශ්නයක් නම් නෑ.. ඒත් මට හිතෙන දේ හරිද දන්නෙ නෑ..."
තාමත් තමන් දිහා ඇස් ලොකු කරන් බලන් ඉන්න හෝප් දිහා බලන ගමන් සුගා එහෙම කිව්වා...
"මොනවද ඔයාට හිතෙන්නෙ???"
හෝප් තරුණයයි සුගායි දිහා මාරුවෙන් මාරුවට බලන ගමන් එහෙම ඇහුවා..
"මම හිතන දේ හරියි කියලා මම ස්තිර කරගත්තාම මන් ඒක ඔයාට කියන්නම් හෝප්...එතකල් ටිකක් ඉන්නකො.."
සුගා එහෙම කියලා තරුණයගෙ අසළ තිබුණ බේත් ටික ආපහු තමන්ගෙ කාමරෙන් ගෙනිහින් තිබ්බා..
කාලය ටික ටික ගතවෙනවා.. අන්ධකාර වනාන්තරයේ සාමාන්‍ය මිනිස්සුන්ට ඉන්න බෑ.. මේ තරුණයා කොයි වගේ කෙනෙක්ද කියලා දැන නොහිටියත් පිරිසිදු රුධිරය සහිත කෙනෙක් කියලා ඔවුන්ට තේරුණෙ ජිමින් තාමත් කරදරයක් නැතුව හිටිය නිසා.. ටික වෙලාවකින් ජිමින් ඇස් ඇරියා..
"අ...අහ්..."
එකපාරටම ඔලුවෙන් නැගුණු වේදනාව නිසා ඔලුවත් අල්ලගන්න ගමන් ජිමින් කෙදිරි ගාද්දි හෝප් ජිමින්ගෙ මූණට එබුනා...
"අ... හ්හ්හ්හ්හ්හ්.. බු..දාම්මෝ...."
එකපාරටම මූණ ඉස්සරහට එබුණ කවදාවත් දැකලා නැති එක්කෙනෙක්ව දැකපු ගමන් ජිමින් කෑ ගහගෙන පස්සට පැන්නා. ජිමින්ගෙ කෑ ගැහිල්ලට බය උන හෝප් ජිමින්ටත් වඩා හයියෙන් කෑ ගහන්න ගත්තා.
YOU ARE READING
THE CURSE || ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Werewolfwhat is our fate??? death or life??? love or hatered... the creator will decide it..