LOVE... is a dream !

577 158 130
                                    

අවට පරිසරයේ තිබ්බ සීතල එන්න එන්නම වැඩි වෙන්න ගනිද්දි එලියේ උන්න මිනිස්සු ඔක්කොම තම තමන්ගෙ ගෙවල් ඇතුලට රින්ගගෙන ගිනි උදුන් වල පිහිට පතන්න පටන් ගත්තා. ඒත් තාමත් තමගෙ උරහිස් උඩින් පෙරවිලා තිබ්බ ජන්කුක්ගෙ උණුසුම් කෝට් එකේ පිහිටෙන් විතරක් සෑහීමට පත් උන කවදත් සීතල පරිසරය ප්‍රිය කරපු ජිමින්ට ජන්කුක්ගෙ කෝට් එකෙන් එන ලා උණුසුමට තමන්ගෙ හදවත මේ තරම් ආස කරන්නෙ ඇයි කියලා හිතාගන්න තරමක් අපහසු උනා. ඒත් කිසිම දෙයක් හරියට තේරුම්  ගන්න පුලුවන් මානසිකත්වයක් ජිමින්ට තිබ්බෙ නෑ..

 ඒත්....

ජන්කුක්ගෙ කෝට් එකෙන් තමන්ගෙ සිරුර ආවරණය වෙලා තියනවා වගේම ජන්කුක්ගෙ හදිසි ආගමනයෙන් තමන්ගෙ මුලු හදවතමත් බොද වෙලා  වැහිලා ගිහින් තියන බව ජිමින්ට දැණුනා.. 

..........................

" මොකද්ද මේකෙ තේරුම?? ඇයි අරූව පාලනය කරන්න බැරි?? " 

අදුරු සීතල ගද ගහන කාමරේ ඇතුලේ ඉදන් තමන්ගෙ අදුරු ආත්ම පාලනය කරමින් හිටිය මායාකාරයා වියරුවෙන් එහෙම කෑ ගහද්දි ඒ ලග ඉදන් අසරණව බලාගෙන හිටිය ලිතූර් තරමක් තැති ගත්තා. 

දැන් ටික වෙලාවක ඉදන් ජිමින්ව තමන්ගෙ පාලනයට නතු කරගන්න ඔහු උත්සාහ කරමින් හිටියත් ජිමින්ගෙ මනසට ඇතුල් වෙන්න ඔහුගේ සහකාර අදුරු ආත්මය අපොහොසත් උනා. ජිමින් තනියම නගරයට ආවම මායාකාරයා හිතුවේ ලේසියෙන්ම ජිමින්ව තමන්ගෙ ඇමට අහුකරගන්න පුලුවන් වෙයි කියලා. ඒත්.... එක වතාවකදි ඔහු සාර්ථක වෙන්න යද්දිම ජිමින් ලගට ජන්කුක් ආවා.ජන්කුක් ආවට පස්සෙ මායාකාරයගෙ මූණෙ සරදම් හිනාවක් ඇදුණේ ජන්කුක් එතනින් ගියාට පස්සෙ ජිමින් දුර්වල වෙයි කියන සිතුවිල්ල අනුව. මොකද ජිමින්ට ජන්කුක් ගැන තියෙන්නෙ අදුරු,පිළිකුල් සහගත මතකයක්.. 

ඒත් නොහිතපු විදියට ජිමින්ගෙ මනස ශක්තිමත් වෙලා තිබ්බා. ටිකකට කලින් ජිමින්ගෙ ඔලුව ඇතුලෙ දුවපු හීනමානය,දුක,තරහව,තමන් ගැනම තිබ්බ පිළිකුල වගේ හැගීම් ඔක්කොම වෙනත් අමුතු හැගීමක් විසින් ආක්‍රමණය කරගෙන තිබ්බා. 

THE CURSE || ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Место, где живут истории. Откройте их для себя