can't u love me??

582 162 97
                                    

" ජින්... ජින්... නැගිටින්න.. ජින්න්න්!!! "

ලේ විලක් මැද අප්‍රාණිකව සිහිසුන් වෙලා ඉන්න ජින්ව ඇහැරවන්න උත්සාහ කරන ගමන්නම්ජූන් කෑ ගැහුවත් ජින්ගෙ පුන්චි සෙලවීමක්වත් නෑ. තියුණු පිහි තුඩකින් හදවත පසාරු කරනවා වගේ ආගන්තුක වේදනාවකින්න් හදවත කීරි ගැහෙද්දි ඒ හැගිම මොකද්ද කියලා තේරුම් ගන්නවත් නම්ජූන්ට හැකියාවක් තිබුන් නැත්තෙ ඒ හැගීම තමන්ගෙ හිතට ඉස් ඉස්සෙල්ලාම ගෙනාව ඒ දිලිසෙන ඇස් දෙක පියවිලා තිබ්බ නිසා වෙන්න ඇති.

" ජින් හ්‍යුන්ග් !! අනෙ කතා කරන්නකෝ"

හෝප් පියවි සිහියට ආව ගමන්ම ජින් ලගට දිව්වෙ හැඩුම් ස්වරයෙන් එහෙම කියාගෙන..

" නම්ජූන් හ්‍යුන්ග්, ජින්  හ්‍යුන්ග්ව ගෙදර එක්කන් යමුද?"

හෝප් එහෙම අහද්දි නම්ජූන් ඔලුව වනලා එකපයින්ම හෝප්ට එකග වෙලා ජින්ව පිහාටුවක් වගේ තමන්ගෙ අත් දෙකට අරගත්තෙ ජීවිතේ පලවෙනි වතාවට තමන්ගෙ සහෝදරයව මොහොතකට තමන්ගෙ මතකයෙන් බොද වෙද්දියි.
ජින්ව වඩාගත්ත නම්ජූන් හෝප් එක්ක එයාලගෙ ගෙදර යද්දි යාන්තමට ඇස් ඇරිය ජිමින් නම්ජූන් දොරෙන් එලියට යන හැටි ලාවට වගේ දැක්කා..

" හ්‍යුන්ග්... ඔ..ඔයත් මාව.. දාලා යනවද..."

බොදවුනු ඇස් අතරින් නම්ජූන්ගෙ නික්මීම දැක්ක ජිමින් අසරණ විදියට එහෙම හිතුවෙ මීට විනාඩි කීපෙකට කලින් තමන් අතින් උන වැරැද්ද ගැන කිසිම අවබෝධයක් නැතුව.
.
.
.
ටේමින් ජිමින්ව ඇදෙන් තියලා බ්ලැන්කට් එක පෙරෙව්වා. මහ්න්සියටද ඇගේ අමාරුවටද මන්දා ජිමින්ට එහෙම්මම නින්ද ගිහින් තිබ්බා. ජිමින්ට බ්ලැන්කට් එක පොරවලා ටික වෙලාවක් ටේමින් ජිමින්ගෙ සුන්දර මූණ දිහා බලාගෙන උන්නා.
පියවුණු හීනි ඇස්, එකිනෙකට තද උන පිරුණු රෝස පාට තොල්, රතු වෙලා තිබ්බ කම්මුල්,නලල පුරා විසිරුණු සිනිදු කොණ්ඩෙ......
ජිමින්ගෙ ලස්සන වගේම මේ මොහොතෙ ජිමිනුයි තමනුයි මේ ගෙදර තනියම කියන හැගීමත් ටේමින්ගෙ හදවතේ ගැස්ම ටිකෙන් ටික වැඩි කරන්න පටන් ගත්තා. ටේමින්‍ට ජිමින්ගෙන් ඇස් අහකට ගන්න ඕන උනේ නෑ.. ඕන උනත් ටේමින්ගෙ ඇස් ජිමින්ගෙ මූණ උඩම නැවතිලායි තිබ්බෙ.. එන්න එන්නම තමන්ගෙ හදවතේ හිරවෙලා තියන හැගිම් ටේමින්ගෙ ඔලුවට වද දෙද්දි ටේමින් හෙමීට තමන්ගෙ එක අතකින් ජිමින්ගෙ මුහුණ සිනිදුවට පිරිමැදලා ඒ කම්මුලක් හෙමීට තද කලා..
ජිමින් හීනෙන් වගේ කම්මුලට දැණුන ස්පර්ශය නිසා ඇස් දෙක තද කරගෙනම ආයෙ අනිත් පැත්ත හැරුණා. ජිමින් ටේමින්ට මුහුණලා ඉන්න විදියට...

THE CURSE || ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Donde viven las historias. Descúbrelo ahora