ඩින් ඩොන්............. ඩින් ඩොන්............
උදේ 10ට විතර අපාට්මන්ට් එකේ බෙල් එක වැදෙන්න ගත්තහම ටේමින් නිදිමරගාතෙම ඇදෙන් නැදිටලා ආවෙ නිවාඩු දවසෙවත් හරියට නිදාගන්න නැතුව කරදර කරන්නෙ කවුද කියලා බලන්න.. ජිමිනුත් රෑ ගෙදර ආවෙ නෑ.. කෝල් කලාට ෆෝන් එක ආන්ස්වර් කලෙත් නෑ.. පස්සෙ එදා ජිමින්ව තියාගත්ත හෝප් කියන කෙනාගෙ ගෙදරින් ජිමින් ආයෙමත් එහෙ නැවතුනා කියලා පනිවිඩේ කියද්දියි ටේමින් බලන් ඉදලා ඉදලා නිදාගත්තෙ.. ටිකක් රෑවෙනකල් ඇහැරගෙන ඉන්න වෙච්ච නිසා දවල් වෙනකල් නිදාගන්නයි ටේමින් හිතාගෙන හිටියේ.
ඩින් ඩොන්....... ඩින් ඩොන්..........
බෙල් එක ආයෙම වැදෙන්න ගත්තා...
"ඔහොම ඉන්නව ටිකක්... ඕක කඩන්නද යන්නෙ..."
ටේමින් ගේ ඇතුලේ ඉදන්ම කෑ ගහගෙන නිදිමරගාතෙම ඇවිත් දොරේ ලොක් එක කැරකෙව්වා..
"ඇයි මොකද????"
ආපු කෙනා දිහා නොබලම නිදිමතේ ඇස් පොඩි කරන ගමන් ටේමින් එහෙම ඇහුවා...
" ගුඩ් මෝනින්...."
ආව කෙනා එහෙම කිව්වම ටේමින්ට අසු හාරදාහට නැග්ගා.. යකෝ මේ මල පාන්දර ගුඩ් මෝනින් කියන්නද මූ ආවෙ.. අපූරුවට නිදාගෙන හිටිය එක කෑවා..
පොඩ්ඩක් ඉන්න......
ඒ කටහඩ ටිකක් ටිකක් නෝට් වගේ.....
ටේමින් එකපාරටම සින් ගාලා ඔලුව උස්සලා දොර ලග හිටන් හිටිය කෙනා දිහා බැලුවා... දොර ලග හිටිය කෙනා දැක්කම ටේමින්ගෙ නිදිමත හතර පැත්තෙන්ම වාශ්ප වෙලා ගියා.. ටේමින් සටපට ගාලා කෙලින් හිටගත්තා...
"න්...න...නම්ජූන්..හ්‍යුන්ග්... ඔ..ඔයා????"
ටෙමින් පුදුමයෙන් ඇස් දෙකත් ලොකු කරගෙන එහෙම අහද්දි නම්ජූන් එයාගෙ කම්මුල් වල ගැහෙන ලස්සන හිනාව දාලා ටේමින්ට හිනා උනා... ටේමින් හෙමීට ඔලුවත් කස කස හිනාවුනේ ගෙදරට ආව ගමන් හ්‍යුන්ග්ට කතා කරපු විදිය ටිකක් අවුල් නිසා..
"හ්‍යුන්ග්... එන්න ඇතුලට..."
ටේමින් දොර ඇරලා නම්ජූන්ට ඇතුලට ආරාධනා කලා.. නම්ජූන් හදිස්සියේම කලින් කියන්නෙත් නැතුව බුසාන් ආවෙ ඇයි කියලා ටේමින්ට එකපාරටම හිතුණා.. එනවා නම් කලින් කියන්න ඕනනෙ... සමහරවිට ජිමින්ට කිව්වද දන්නෙ නෑ.. කොහෙද මේ ජිමින් නිකමටවත් කිව්වෙ නෑනෙ. දවස් දෙකතුනක් ගෙදර ආවෙත් නෑ.. අර හෝප් කියන්නෙ කවුද දන්නෑ.. මෙච්චර දවස් එහෙනෙ හිටියේ.. දැන් ගෙදරත් නෑ... හ්‍යුන්ග් ඇහුවාම මොනව කියන්නද මන්දා...
YOU ARE READING
THE CURSE || ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Werewolfwhat is our fate??? death or life??? love or hatered... the creator will decide it..