"හැපි බර්ත් ඩේ ටූ යූ... හැපි බර්ත් ඩේ ටූ යූ... හැපි බර්ත් ඩේ ඩුයර් කුකී.. හැපි බර්ත් ඩේ ටූ යූ....."
ජන්කුක්ගෙ විසි වෙනි උපන් දිනේ දවසෙ උදේම ජන්කුක් නැගිටින්නත් කලින්ම ජන්කුක්ගෙ කාමරේ දොර ඇරගෙන ආව ටේයි ජන්කුක්ගෙ දෙමව්පියොයි,ටේගෙ දෙමව්පියොයි ජන්කුක්ගෙ උපන්දිනේට එයාට විශ් කලා.. ජන්කුක් හෙමීට කම්මැලිකමේම හිරි ඇරලා ඇස් ඇරියා. මුලු ඇගම නිකන් තලලා දාලා වගේ රිදෙනවා. තේහ්‍යුන්ග් දුවගෙන ඇවිත් ජන්කුක්ගෙ ඇගට පැන්නෙ ඒ අමාරුව දෙපිටින් යන්න වගේ.. ජන්කුක්ට එකපාර හයියෙන් කෑ ගැස්සුනා. ඒ කෑ ගැහිල්ල වෙනදට වඩා අමුතුයි.. නිකම් අමුතු රෞද්‍ර ගතියක් වගේ.. තේහ්‍යුන්ග් බය වෙලා දඩිබිඩි ගාලා අම්මා ලගට දිව්වා. ජන්කුක්ගෙ අම්මයි තාත්තයි,තේහ්‍යුන්ගෙ අම්මයි තාත්තයි තේහ්‍යුන්ගෙ දිවිල්ල දැකලා කැකිරි පලන්න පටන් ගත්තා..
"පුතේ.. ඔයාට කොහොමද?"
ජන්කුක්ගෙ අම්මා ජන්කුක් ලගින් ඉදගෙන ඔලුව අතගාලා ඇහුවා..
"ඇග රිදෙනවා අම්මා... ටිකක් අමුතුයි වගේ..."
ජන්කුක් නලල දෙපැත්ත පොඩි කරගන්න ගමන් එහෙම කිව්වා.. ජන්කුක්ගෙ තාත්තා දිහා බලපු අම්මා පුන්චි හිනාවක් දැම්මා.. ඊටපස්සෙ තාත්ත ජන්කුක්ට ලන් උනා..
"ඕක සාමාන්‍යයි පුතා.. අද ඔයාගෙ විසිවෙනි උපන්දිනේ නේ.. අද ඔයා වෘකයෙක් විදියට පරිවර්තනය වෙනව.. ඒකයි ඔය."
තාත්තා එහෙම කියද්දි ජන්කුක් ඔලුව වනලා බිම බලාගත්තා.. එදා මාලිගාවෙ උදේ වරුවෙ ජන්කුක්ගෙ උපන්දිනය වෙනුවෙන් පොඩි පව්ලේ සාදයක් ඔවුන් සූදානම් කලේ දවල් වෙනකොට තත්වෙ කොයි අතට හැරෙයිද දන්නැති නිසා.. හැමෝම සතුටු උනා.. තේහ්‍යුන් නම් ටිකක් විතර බය වෙලා හිටියේ.ජන්කුක් වෲකයෙක් උනාම කොහොම වෙයිද දන්නෑනෙ.. ජන්කුක්කෑවෙත් ටිකයි. ඒත් ඉතින් ජන්කුක් හිටියෙ නම් අමුතු සතුටකින්.. අද ඉදන් එයාගෙ සාමාන්‍ය ජීවිතේ අලුත් වෙනවනෙ. ජන්කුක්ගෙ තාත්තත් තමන්ගෙ දරුවා වෘකයෙක් විදියට පරිවර්තනය වෙන ජන්ම දිනය එනකල්මයි මග බලන් උන්නෙ..ජන්කුක් තමන්ගෙ පැක් එකේ පාලනය අතට දෙන්න පුලුවන් බලවත් ඇල්ෆාවෙක් විදියට පුහුණු කරන්න ජන්කුක්ගෙ තාත්ත හුගාක් බලාපොරොත්තු තියන් හිටියේ.. මොකද ජන්කුක් හුගාක් දක්ෂයි වගේම ජන්කුක්ගෙ ඇගපතින් උනත් අනිත් කිසිම කෙනෙක්ට වඩා ශක්තිමත්. ඒ නිසා ජන්කුක් අනිවාර්‍යෙන්ම අනාගතයේදී තමන්ටත් වඩා හොද නායකයෙක් වෙන බව ජන්කුක්ගෙ තාත්තා දැනගෙන හිටියා..
YOU ARE READING
THE CURSE || ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
אנשי זאבwhat is our fate??? death or life??? love or hatered... the creator will decide it..