නිහඬ අන්ධකාර වනාන්තරය පුරාම මූසල පාලුවක් පැතිර ගිහින් තිබුණා. අමාවක දවසට ලඟ නිසා ගස් අතරින් පෙරිලා එන හඳ එලිය අදුරු පෙඳ පාසි පිරුණු ගල් තලාවක්වත් , මූසල හඬින් කෑ ගහන බකමූණො ඉන්න තුරු හිසක්වත් සිපගන්න ආවෙ නෑ. විටින් විට හූ තියන කැලෑ හිවල්ලුන්ගෙ හඬ මේ වනාන්තරය ගැන නොදන්න කෙනෙක්ගෙ ඇගේ හිරිගඩු නංවන්න තරම් තියුණු උනා. රැහැයියන්ගෙ නොනවතින ඝෝෂාව යම් තරමකට වනාන්තරය දොඩමලු කරවලා තිබුණා.
ඒත්.......
මේ හැමදේකම වෙනසක් ඔහුට දැණුනා......
කවදාවත් නොදැණුන වෙනසක් !
වනාන්තරයේ ආරක්ෂකයා උන සුගා...
තමන්ගෙ ගෙදර ඉස්සරහ තියන බංකුවකට වෙලා අහස දිහා බලාගන කල්පනා කරනවා." මේ වෙලාවෙ මට ඔයාලගෙ උදව් ඕනෙ... "
ඔහු අහසට කතා කළා...
පොඩි තරුවක් දෙකක් දිලිසිලා ආයෙම නිවිලා ගියා...සුගා දිගු හුස්මක් හෙලලා ගේ ඇතුලට ගියා. හෙට ඇතුල්වෙද්දිම සුගාගෙ ඇහැගැටුණෙ දිග කවිච්චිය උඩ ගුලිවෙලා නිදාගන ඉන්න හෝප්ව. සුගා හිමීට හෝප් ලගට ලං උනා. හෝප්ගෙ මුහුණ ලගට වෙන්න පොඩි බංකුවක් ඇදගෙන සුගා ඉදගත්තා.
" හෝප් ! "
සුගා හෙමින් මුමුණන ගමන් හෝප්ගෙ නළලට වැටිලා තිබුණ කෙස් රොදක් හෙමීට හෝප්ගෙ කන අස්සෙන් රැදෙව්වා. හෝප් තව ටිකක් ගුලි උනා. සුගා තමන්ගෙ පිටි අත්ලෙන් හෝප්ගෙ එක කම්මුලක් පිරිමදින්න පටන් ගත්තා. මොකද්දෝ මහ අමුතු තනිකමක් සුගාගෙ හිතට දැනෙන්න අරන් තිබුණා. හෝප්ව හම්බුණ දා ඉදන්ම වෙච්ච හුගාක් දේවල් සනීපෙට ගුලිවෙලා නිදාගන ඉන්න හෝප්ගෙ පියවුණු ඇස් දිහා බලාගන ඉද්දි සුගාගෙ මතකෙට එකදිගට ගලාගන එන්න පටන් ගත්තා . හෝප් දැන් සුගාගෙ ජීවිතේට හුගාක් වටින කෙනෙක් වෙලා ඉවරයි .
සුගාට වටිනම කෙනා !
" හෝප්..... අපිට එකතු වෙන්න බෑ..... මේක දුකක්.... "
සුගා දුකින් හිතුවා. ටික වෙලාවක් හෝප් දිහා බලාගන උන්න සුගා ඊටපස්සෙ හෝප්ව තමන්ගෙ අත් දෙකට අරගෙන හෝප්ගෙ ඇදට අරන් ගියා...
![](https://img.wattpad.com/cover/266625613-288-k496254.jpg)
YOU ARE READING
THE CURSE || ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Werewolfwhat is our fate??? death or life??? love or hatered... the creator will decide it..