පැය කීපයක් පුරාවටම හෝප් හිටියේ පුදුමාකාර නොසන්සුන් බවකින්.. උණ හැදෙන්න තරම් ඔලුවෙ කැක්කුමකුත් ඒ එක්කම අමුතු වේදනාවකුත් හෝප්ගෙ ඇගට දැනෙන්න අරන් තිබුණා.. හෝප්ගෙ හිතට දැණුනේ මහා හිස් ගතියක්. තමන්ගෙන් මොකක් හරි දෙයක් මග ඇරුණා වගේ හැගීමක් හෝප්ට දැණුනා.. ජින් හෝප්ට සුප් එකක් හදාගෙන හෝප් ලගට ආවා..
"ඔයාට දැන් කොහොමද හෝප්???"
ජින් හෝප් ලගින් ඉදගෙන ඇහුවා... හෝප් ලොකු කල්පනාවක.. එයා ජින් දිහා බලලා බිම බලාගත්තා..
"ජින් හ්යුන්ග්.... මට අමුත්තක් දැනෙනවා..."
හෝප් කිසිම දෙයක් හිතාගන්න බැරුව ජින්ට එහෙම කිව්වෙ මේ අමුතු වෙනස හෝප්ට හරිම අපහසුවක් උන නිසා..
"මොකද්ද හෝප් අමුත්තක් දැනෙනවා කියන්නෙ?? කොයි වගේ දෙයක්ද???"
ජින් හෝප්ගෙ අතකින් අල්ලගෙන කරුනාවන්ත විදියට ඇහුවා.
"අනේ මන් දන්නෙ නෑ හ්යුන්ග්... මගෙ ඔලුව... ආ...අ...ආහ්හ්හ්හ්හ්හ්..... ආආආආ!!!! "
හෝප් එකපාරටම කියන්න ගිය දේ නවත්තලා ඔලුවත් අල්ලගෙන කෑ ගහන්න පටන් ගත්තෙ ජින්ව හොදටම බය කරවන ගමන්.. හෝප් වේදනාවෙන් කෑ ගැහුවා.. ඔලුව ඇතුලෙන් තෙරපෙනව වගේ වේදනාවක් හෝප්ට දැනෙන්න ගත්තා.
"ආආආආආහ්හ්හ්හ්හ්හ්හ්"
එකපාරටම ඔලුව බදාගෙන බිම වැටුණ හෝප්ව ජින්ට අල්ලගන්න බැරි උනා. ජින් ඉක්මනට බිම දනගහගෙන හෝප්ව තමගෙ ඇගට හේත්තු කරගෙන ඇස් පියාගෙන හෝප්ගෙ ඔලුවට අත තිබ්බා.. හෝප් ටිකක් විතර සන්සුන් වුනා...
"හෝප්!!!!!!"
හෝප් සන්සුන් වෙනවත් එක්කම හෝප්ගෙ මනස හරහා සුගාගෙ කටහඩ හෝප්ට ආමන්ත්රණය කලා..
"අප්පා......"
හෝප් වටපිට බැලුවේ සුගා ලග අහල පහල ඉදන් තමන්ට කතා කරනව වගේ දැණුන නිසා.. ඒත් සුගා පේන තෙක් මානයක හිටියෙ නෑ..
"එයාට කතා කරන්න හෝප්... එයාව පේන්නෙ නෑ..."
හෝප්ව තේරුම් ගත්ත ජින් සන්සුන් විදියට එහෙම කිව්වා..හෝප් ඔලුව වනලා ජින්ට එකග උනා.
BẠN ĐANG ĐỌC
THE CURSE || ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Người sóiwhat is our fate??? death or life??? love or hatered... the creator will decide it..