හෝප්...
ඔව් හ්‍යුන්ග්...
ඔයා කොහොමද ජිමින් ඉන්න තැන දැනගත්තෙ ?
ජින් නලලත් රැලි කරගෙන එහෙම ඇහුවා.
"මන්... මම...මේ..."
හෝප් තරමක පැකිලීමකින් හිටියේ එයා දැනගත්ත දේවල් ජින්ට කියන්නද නොකියන්නද කියලා කල්පනා කරන ගමන්.. ජිමින් ඉන්න තැන දැනගත්ත විදිය කියනව නම් ජිමින්ට ජන්කුක් කරපු දේත් කියන්න වෙනවා.. කොහොමද ඒක කියන්නෙ.. හෝප්ට ඕන උනේ කාවවත් ගාවගන්නෙ නැතුව ඒ ප්‍රශ්නෙ තනියම විසදන්න. මොකද ජිමින් කියන්නෙ තමන්ගෙ වගකීම කියලයි හෝප් හිතුවෙ..
"හෝප් කතා කරන්න.."
තමන්ගෙන් මූණ හන්ගගෙන කල්පනා කරමින් හිටිය හෝප් දිහා බලන ගමන් ජින් එහෙම කිව්වා.
"අහ්... මේ.... මට සුගා කිව්වා.."
හෝප් කලබලෙන් එහෙම කියලා ජින්ට මූණ නොදී ඉක්මනට තමන්ගෙ කාමරේට රින්ගගෙන දොර වහගත්තා.. ජින්ගෙ ඇහි බැමි කුතුහලයෙන් එකට යා වුනේ හෝප් කිව්ව දේ ජින් විශ්වාස නොකරපු බව පෙන්වමින්..
එදා ජිමින්ව ජින් එක්ක ගිහින් හොයාගෙන ආව දවසෙ හෝප් එකපාරටම මහ රෑ ගෙදරින් එලියට බැස්සෙ ඇත්තටම සිද්ධ උනේ මොනවද කියලා හෝප්ට හොයාගන්න ඕනමයි කියලා හිතුණු නිසා. එදා පාරට බැහැලා ජිමින්ව හොයාගත්ත තැනට හෝප් ආපහු වේගෙන් ගියේ රෑ එයාගෙ අනිත් ස්වරූපෙට එන්න තරම් බාධාවක් නොතිබ්බ නිසා. හෝප් එතන්ට ගිහින් ටික වෙලාවක් ඒ අවට පරීක්ශා කලා. ටිකක් වෙලා එහෙම පරීක්ශා කරද්දි හෝප් දැක්කෙ වෘක මුද්‍රාවක් තියන පොඩි කාසියක් වගේ දෙයක්. හෝප් ඒක අහුලගත්තෙ තරමක කුතුහලයකින්. ඒක අතට අරගෙන ඒ මේ අත හරවලා බැලුවට පස්සෙ හෝප්ට එතන වෙච්ච දේ තේරුණා..
"ඔව්... ඒ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි තමයි.. එයා වෘකයෙක්.."
හෝප් තනියම එහෙම හිතන ගමන් තමන්ගෙ සැකේ තහවුරු කරගත්තා. ජිමින්ව දකිනකොටම එයාලට හිතුනා සාමාන්‍ය කෙනෙක්ට ජිමින්ට මේ තරම් දෙයක් කරන්න නම් කොහොමටවත්ම බැරි බව. දැන් ලැබුණු සාක්ශියත් එක්ක හෝප්ගෙ සැකය තහවුරු උනා.. කාසිය දිහා ටික වෙලාවක් බලන් හිටිය හෝප් ඇස් පියාගත්තා. පියවුණු ඇස් වලින් ඒ මුද්‍රාව තියන කාසියේ අයිතිකාරයව හෝප්ගෙ මනසෙ මැවුණා. එයාගෙ ඕරා එකට මනස යොමුකරපු හෝප් ඒ අනුව එයාව හොයාගෙන යන්න පටන් ගත්තා..
YOU ARE READING
THE CURSE || ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Werewolfwhat is our fate??? death or life??? love or hatered... the creator will decide it..