එකපාරටම තමන්ගෙ අතේ තිබ්බ බ්ලඩ් පැක් එක කාගෙහරි සැර පාරකින් විසි වෙලා යද්දි ජිමින්ගෙ ඇස් රතු පාට උනේ තමන්ගෙ නිදහසට බාධා කරන්න ආව එකාව මරන්න තරම් කේන්තියෙන්.. ජිමින්ගෙ අතින් අත ඇරුණ පැකට් එක විසිවෙලා ගිහින් එතන තිබ්බ තණකොල ඔක්කොම රතු පාටින් පාට කලා.. තරහින් අනිත් පැත්ත හැරුණ ජිමින් දැක්කෙ කට කොනකට හිනාවක් අරන් තමන් දිහා බලන් ඉන්න ජන්ග්කුක්වයි ජන්ග්කුක්ගෙ පිටිපස්සෙන් හිනාවෙවී බලන් ඉන්න ජන්කුක්ගෙ සහෝදරයා කියන කිම් තේහ්‍යුන්ග්වයි.. ජිමින් දත්මිටි කන්න පටන් ගත්තා.. ජිමින්ගෙ අත් දෙක කිටි කිටියේ මිට මෙලවුණා...
"ජොන් ජන්කුක්...... තමුසෙ????''
ජිමින් එක අතකින් තමන්ගෙ කට වටේට පිහගන්න ගමන් ගෙරෙව්වා.. ජිමින්ගෙ ඇස් තරහින් දිලිසෙන්න ගත්තා. රත් වුනු ලේ මුලු ඇග පුරාම දුවන්න පටන් ගත්තා. ජන්කුක් ජිමින් දිහා බලාගෙන හිටියෙ සටනකින් දිනපු වීරයෙක් වගේ.ජන්කුක්ට ඕන වෙලා තිබ්බෙත් ජිමින් එක්ක මොකක් හරි රණ්ඩුවක් පටන් ගන්න. ඊටපස්සෙ ජිමින් එක්ක තිබ්බ තරහා පිරිමහගන්න පුලුවන්නෙ. ජන්කුක්ගෙ මූණෙ තිබ්බෙ ජිමින්ට අභියෝග කරනවා වගේ බැල්මක්. ජිමින්ගෙ බැල්මත් ඊට නොදෙවෙනි උනේ නෑ.. ජිමින්ගෙ ඇස් වල තිබ්බ රෞද්‍ර බව දැකපු තේහ්‍යුන්ග්ට දැන් වෙන්න යන දේ කොච්චර භයානකද කියලා හිතාගන්න පුලුවන් උනා. තමන්ට පිටුපාලා හිටිය ජන්කුක්ගෙ මූණ නොදැක්කත් ජන්කුක්ගෙ මූණෙත් ජිමින්ගෙ වගේම බැල්මක් ඇති කියලා තේහ්‍යුන්ග්ට තේරුණා..
"ඔව්..... ජොන් ජන්කුක් තමයි.. ඇයි තමුන්ගෙ ඇස් පේන්නෙ නැද්ද ...... වවුලො?????"
ජන්කුක්සමච්චල් සහගත හිනාවක් ජිමින් දිහාට පා කරන ගමන් එහෙම ඇහුවා..
"මොකද්ද තමුසෙ කිව්වෙ..... කවුද වවුලා???"
අත් දෙක කිටි කිටියේ මිට මොලවගන්න ගමන් දත්මිටි කාගෙන ජිමින් ඇහුවා...
"මෙතන වෙන වවුල්ලු නෑනෙ නෙහ්???"
ජන්කුක් එහෙම කියද්දිම ජිමින්ගෙ ඉවසීමේ සීමාව පැන්නා. මොන දේ උනත් ජන්කුක් කියන ඒව ඉවසන් ඉන්න නම් ජිමින් පොඩ්ඩක්වත් කැමති උනේ නෑ. විදුලි වේගෙන් ජන්කුක්ගෙ ලගට ආව ජිමින් ජන්කුක්ගෙ කොලර් එකෙන් අල්ලගෙන ජන්කුක්ගෙ මූණට එබුනෙ තරහින් දිලිසෙන ඇස් වලින් ජන්කුක්ව පුච්චල අලු කරන්න තරම් බැල්මක් හෙලන ගමන්. ජිමින් තමන්ගෙ කොලර් එකෙන් අල්ලගත්තත් ජන්කුක්ට නම් ඒක දැනුන පාටක්වත් නෑ.. ජන්කුක් කට කොනකින් හිනාවෙලා යටිතොල හපාගෙන අහක බලාගත්තෙ ජිමින් මොනව කලත් තමන්ට ගානක් නෑ වගේ..
YOU ARE READING
THE CURSE || ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Werewolfwhat is our fate??? death or life??? love or hatered... the creator will decide it..