‌Pardon me

495 149 97
                                    

හෝබිගෙත් ජින්ගෙත් සාත්තුවට පස්සෙ ජිමින් තද නින්දකට වැටිලා හිටියා.. අදත් ජිමින්ව එයාගෙ ගෙදර නොයවා තමන්ගෙ ගෙදර තියාගමු කියලා ජිනුයි හෝපුයි කතා උනා.. 

"ජින් හ්‍යුන්ග්.... කවුද මේක කරන්න ඇත්තෙ?"

හෝබි හිටියේ ලොකු ප්‍රශ්නෙක.. ජිමින්ගෙ ඇදුම් මාරු කරලා උණු වතුරින් ඇග සෝදවලා තුවාල වලට බෙහෙත් කලේ හෝබි..ජිමින්ට බෙහෙත් කරන්න ඕන කරන හැමදේම ජින් හෝප් ලගට ගෙනල්ලා දුන්නා. ජිමින්ගෙ ඇග පුරාම විසිරිලා තිබ්බ තුවාල පැල්ලම් හරිම අසාමාන්‍ය බව හෝබිට හොදටම තේරුණා.. ඒවා සාමාන්‍ය මනුස්සයෙක්ගෙ නියපොතු වලින් වෙච්ච හීරීම් පාරවල් වගේ නම් නෙවෙයි හෝබිට පෙණුනෙ.. සමහර තැන් වල ටිකක් ගැබුරට ඒ සීරීම් කිදාබැහැලා තිබ්බා. නිදාගෙන උන්නත් ජිමින්ගෙ මූනෙ තිබ්බෙ හරිම වෙහෙසකාරී පෙනුමක්.. 

"කවුරු කලාද කියලා මටත් තාම හිතාගන්න බෑ හෝබි... ඒත් මනුස්සයෙක් නම් වෙන්න බෑ.. හරිම දරුණු විදියටනෙ ජිමින්ව තලලා විනාස කරලා දාලා තියෙන්නෙ..."

ජිමින්ගෙ රෝස මලක් වගේ සියුම් මූන දිහා බලාගෙන දිගු සුසුමක් හෙලන ගමන් ජින් එහෙම කිව්වා. 

"හ්ම්ම්ම්..... මම එලියට ගිහින් එන්නම් හ්‍යුන්ග්.. මෙයාව බලාගන්න..."

එහෙම කිව්ව හෝප් කලුවරේම එලියට බැස්සා.... 

                       ********************************

වොශ් එකක් දාගෙන රූම් එකට වෙලා ෆෝන් එක දිහා බලාගෙන හිටිය ජන්කුක් විටින් විට තනියම හිනාවෙන විදිය තේහ්‍යුන්ග් දැක්කා. තේහ්‍යුන්ග් හිටියෙ ජන්කුක්ගෙ කාමරේට වෙලා අසයින්මන්ට් එකක් කරන ගමන්. ජන්කුක් සැරින් සැරේ හිනාවෙන්නෙ මොකක් දිහා බලන්ද කියලා තේහ්‍යුන්ග් ට තිබ්බෙ පුදුම කුතුහලයක්..  ඉදගෙන හිටිය පුටුව සද්දයක් නොනැගෙන විදියට පස්සට තල්ලු කරලා දාපු තේහ්‍යුන්ග් ඇදේ පැත්තට හැරිලා ඇලවෙලා හිටිය ජන්කුක් ලගට හිමින් කිට්ටු කලා.. ජන්කුක් කොයිතරම් එයාගෙ ෆෝන් එකට අවධානය දුන්නද කියනව නම් තේහ්‍යුන්ග් එන බව ජන්කුක්ට දැණුනෙවත් නෑ.. තේහ්‍යුන්ග් හෙමීට ඇවිත් ජන්කුක්ගෙ ෆෝන් එක ඉක්මනට උදුරලා තමන්ගෙ අතට ගත්තෙත් ජන්කුක් බයවෙලා ඇදෙන් ඉදගත්තෙත් එකටමයි...

THE CURSE || ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Onde histórias criam vida. Descubra agora