"ජ්... ජි...ජිමින්න්..."
වියරුවෙන් වගේ දත් විලිස්සගෙන තමන් දිහා බලන් හිටිය ජිමින්ව දැකලා තැති ගත්ත ජන්කුක් අඩියක් දෙකක් පිටිපස්සට යැවුනෙ නොදැනුවත්වම වගේ. ජිමින්ගෙ බැල්මෙ තිබ්බ බියකරු බව ජන්කුක්ගෙ හිත තරමක් කලබලකරන්න සමත් උනා. ජිමින්ගෙ කට කොනක රැදිලා තිබ්බ හිනාව හරියට ජන්කුක්ට කරන අනතුරු ඇගවීමක් වගේ.. ජන්කුක්ට මොහොතකට එයාගෙ හුස්මත් අමතක උනා. කලින් දවසේ ජන්කුක් ජිමින්ගෙ සිරුර පුරාම සටහන් කරපු පැල්ලම් සහ තුවාල ජන්කුක් ගෙ ඇස් ඉස්සරහ ජිමින්ගෙ නිරාවරණය උන උඩුකය මත සිත්තම් වෙලා තිබ්බෙ ජිමින්ගෙ වේදනාව ජන්කුක්ට ආයෙ ආයෙ මතක් කරවමින් .
" ජිමින්.. ලගට එන්න එපා."
ජන්කුක් අතක් ඉස්සරහට දිගු කරලා එහෙම කියද්දි ජිමින් මහ හයියෙන් හිනාවුනේ ජන්කුක්ට සමච්චලේට වගේ.
" එදා මමත් ඔහොම කියද්දි තමුන් නැවතුනේ නෑ නේද... හහ් හහ් හා..."
ජිමින් එහෙම කියන ගමන් තව ඉස්සරහට ආවා. මේ ජන්කුක් දැක්ක සාමාන්‍ය ජිමින් නෙවෙයි. ජිමින්ට මොකක් වෙලාද කියලා ජන්කුක්ට තේරුණේ නෑ. ජන්කුක් හිතුවෙ ජිමින්ව රේප් කරපු නිසා ජිමින් ඒකට පලිගන්න ඇවිත් කියලා . ජිමින්ගෙ යටි හිතේ ජන්කුක් ගැන තිබ්බ අපැහැදීම වගේම තරහවත් අර අදුරු ආත්මය හදුනගෙන තිබුනා. ඒකට උවමනා උනේ එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් දඩයම් කරවන්න. වෘකයෙක් වෙච්ච ජන්කුක් එක්ක ජිමින් දැන් හැප්පුනාම ජිමින්ට අනිවාර්යෙන්ම අනතුරක් වෙනව. ඒ වගේම ජන්කුක්ටත් ඒක අනතුරක් .
ජිමින් ටික ටික ලගට එද්දි ජන්කුක්ටත් ඕන උනේ නෑ ජිමින්ට පරදින්න. ජන්කුක්ගෙ සුපුරුදු ආඩම්බරකම ඉස්මතු වෙන්න ගත්තා. ජිමින් ලන් වෙද්දි ජන්කුක් පස්සට නොයා නැවතිලා ජිමින්ගෙ ඇස් දිහා කෙලින්ම බලාගෙන හිටියා . ජන්කුක්ගෙ බැල්මට ජිමින් ටිකක් නැවතුනා.
"මොකද... මහලොකු වැම්පයර් බය උනාද? "
ජන්කුක් කට කොනකින් හිනාවෙලා ජිමින්ගෙන් එහෙම අහද්දි ජිමින් ගෙරෙව්වා..
"මන් උබව මරනවා.. දැනගනින්.."
ජිමින් එහෙම කියද්දි ජන්කුක්ගෙ හිතට අමුත්තක් දැණුනා . මොනව උනත් තමන්ගෙ මේට්ගෙන් එහෙම අහන්න කවුද කැමති ...

ESTÁS LEYENDO
THE CURSE || ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Hombres Lobowhat is our fate??? death or life??? love or hatered... the creator will decide it..