past...

370 115 61
                                    

උ...උඹ ක්..කියන්නෙ... උඹ ආදරේ කරන්නෙ... ජ්...ජී වූ ට කියලද???? "

ජී යූන් පැකිලෙමින් ඇහුවා.

" ඔව් බං ඔව්.. ජී වූට.. බලපන් ඒකිව දැක්කත් හිත නිවෙනවා. මන් ඒකිට මාර ආදරෙයි බන්.. මේක හිරකරන් ඉන්න අමාරුයි ..."

මින් ජු එහෙම කිව්වෙ ජී යූන්ගෙ බලාපොරොත්තු ඔක්කොම කෑලි කෑලි වලට කැඩිලා යද්දි....

යාලුවද ? තමන්ගෙ ආදරේද ?

ජී යූන්ගෙ හදවත වේගයෙන් ගැහෙන්න පටන් අරගන තිබුණා. ජී වූගෙ සොඳුරු මුහුණ අමතක කරන්න ජී යූන්ගෙ හිත දුන්නෙ නෑ. සෙල්ලක්කාරයෙක් උන තමන්ගෙ යාළුවගෙ හිත ගිය එකම ගැහැණු ළමයව ආපහු යාලුවට භාරදෙන්න සතුටින් හිත හදාගන්නත් ජී යූන්ට බෑ. මින් ජු ආසාවෙන් ජී වූ ගෙ ගෙදර දිහා බලාගන ඉන්නවා දකිද්දි ජී යූන්ගෙ හදවත පුපුරු ගහන තරම් වේදනාවක් ජී යූන්ට දැනෙන්න ගත්තා.

" ජී වූට කෙනෙක් ඇති බන්.... "

හදවත කෑලි කෑලි වලට කැඩෙන වේදනාවක් දැනෙද්දි ජී යූන් ඇත්ත හංගලා එහෙම කිව්ව.

" මට වැඩක් නෑ බන් කවුරු හිටියත්. ජී වූ මගේ වෙන්න ඕනි. හොදින් හරි නරකින් හරි.."

මින්ජු කුරිරු හිනාවක් මූණට අරගෙන එන ගමන් කිව්වා. මින්ජු කියන්නෙ තමන්ට ඕන කියල හිතුණ දෙයක් ලේසියෙන් අත අරින කෙනෙක් නෙවෙයි . ඕන දේ හොදින් හරි නරකින් හරි ලබාගන්න කෙනෙක්. ජී යූන් ට බයක් දැණුනා. ඒ මින්ජු ට තිබුණ බයක් නෙවේ.

තමන්ගෙ ආදටවන්තිය අහිමි වෙයිද කියන බය...

තමන්ගෙ යාලුවා අහිමි වේවිද කියන බය....

දෙපැත්තක ඉදන් තමන්ගෙ හදවත හිර කරනවා වගේ ජී යූන්ට දැණුනා.

                      *********************

" මම ජී වූ ට යෝජනාවක් අරන් ගියා ජී යූන් "

මාසෙකට විතර පස්සෙ මින්ජු සතුටින් එහෙම කියාගන ජී යූන් ලගට ආවම ජී යූන් පුදුම උනා. ජී වූ තමන්ට හම්බුණේ නැහැ දෙසතියකින් විතර. ඒ කියන්නෙ ජී වූත් මින්ජුට කැමති වෙලාද ? අනික මින්ජු ඒ වගේ දෙයක් ගැන තමන්ට කලින් කිව්වෙත් නෑ. ගහෙන් ගෙඩි එනවා වගේ මින්ජු මේ දේවල් කියද්දි ජී යූන් කලබල උනා.

THE CURSE || ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now