‌DarK ForesT

623 166 109
                                    

කාමරේ කොයිතරම් අදුරුද..... 

ඩ්‍රැකියුලා මන්දිරේ තමන්ට හිමි කාමරේ.... 

ඒ කාමරේ තරම්ම තමන්ගෙ ජීවිතෙත් අදුරුයි නේද කියලා ජිමින්ට අනන්ත වාරයක් හිතුණා.. ඉපදුණ දා ඉදන්ම අවාසනාවන්තයෙක් කියලා මුලු ලෝකෙම හන්වඩු ගහලා තමන්ව කොන් කලා. ඒත් ඒ අහින්සක හිතට මව් සෙනෙහස නැතුව කොයිතරම් දුක දැනෙන්න ඇත්ද? අවාසනාව දෝත දරාගෙන ආවාම ලෝකෙම එයාව කොන් කරලා දැම්මම ඒ හිත කොයිතරම් රිදෙන්න ඇතිද...

 මේ හැමදේම තමන්ටම වෙන්නෙ මොකද?? වැම්පයර්වරු අමරණීය නම් තමන්ගෙ අම්ම මියගියෙ කොහොමද? මම ඉපදුණ නිසාද??? ඒත් තමන්ගෙ අම්මව තමන් හිතාමතාම මරාගත්තෙ නෑ නේද? මටත් අම්මගෙ ආදරේ නැති උනා... මේ හැමදේටම මම පලිද??? මටත් හිතක් තියනවා.... වේදනාව මටත් දැනෙනවා.. අම්මත් මාව දාලා ගියා.. අඩු ගානෙ තාත්තගෙ ආදරේ වත් මට ලැබෙනවද... ඇයි මේ හැමදේම මටම වෙන්නෙ!!!

ජිමින්ගෙ හදවත හැමතිස්සෙම ඒ වගේ ප්‍රශ්න අහමින් ජිමින්ගෙ ඔලුවට වද දෙන්න ගත්තා. ජිමින් මුලු ලෝකෙන්ම හැන්ගුනා. මුලු ලෝකෙම ජිමින්ගෙන් හැන්ගුණා.. හිතට දැණුන වේදනාව දුක එක්ක ජිමින් තනි උනා... ජිමින්ගෙ හදවත දුර්වල උනා.. මනසත් දුර්වල උනා.. එන්න එන්නම තමන්ට වෙන වෙනස්කම් අසාධාරණකම් වැඩි වෙන්න ගත්තම ජිමින්ගෙ ඇග ඇතුලෙ හිටිය නපුරු වැම්පයර් අවදි වෙන්න ගත්තා.. ජිමින් නපුරු උනා..මුරණ්ඩු උනා.. හිතුවක්කාර උනා... ඒත්.... අම්මගෙන් හම්බුණ ආදරණීය හදවත තාමත් ජිමින්ගෙ ඇග ඇතුලෙ සැගවිලා තිබ්බා.. ජිමින්ගෙ හදවත දුර්වල වෙන්න වෙන්නම එයාට තිබ්බ බලපෑම් වැඩි වෙන්න ගත්තා.. ජිමින්ගෙ හැසිරීම් වෙනස් වෙන්න පටන් ගත්තා.. ඒකට හේතුව කවුරුවත්ම දැනන් හිටියේ නෑ....

.

.

.

"ඔය ඇති නම්ජූන්... මට එයා ගැන තවත් කියවන්න එපා.. මමයි ඔයාගෙ තාත්තා.. මම කියන විදියට ඉන්න! එච්චරයි.."

"ඒත් තාත්තෙ..මන් කියන්නෙ...."

"මම සැරයක් කිව්වනෙ.. මගෙ ලෙයින් වැදුවට ජිමින් මගෙ දරුවෙක් වෙච්ච එකට මම අදටත් පසුතැවෙනවා.. එයා නිසයි තමුන්ගෙ අම්මට එයාගෙ ජීවිතේ නැති උනේ.. එයාගෙ අවාසනාවන්ත කමටයි ඔයාට ඔයාගෙ අම්ම නැති උනේ..මට මගෙ බිරිදව නැති උනේ. ජිමින් ඉපදුන දා ඉදලා මුලු රාජධානියෙම තියෙන්නෙ මූසලකමක්.. හැම මනුස්සයෙක්ම ඉන්නෙ බයෙන්. කවද කොහොම මොකකින් මොකක් වෙයිද කියලා.. මට ඔහුව පිලිකුල්.. මම ජිමින්ට වෛර කරනවා.. මේ හැමදේම එයා නිසා..."

THE CURSE || ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now